තොරතුරු සේවා දත්ත භාවිතය

ඩිජිටල් අවකාශය තුළ තොරතුරු සේවා කියන්නේ මොනවද?

  • නොයෙක් ආකාරයේ වැදගත් තොරතුරු මහජනයා වෙත ජනගත කරනු ලබන මෘදුකාංගමය සේවාවන් තොරතුරු සේවා (Information Services) ලෙසින් හඳුන්වයි.

හෙළකුරු වෙතින් පිරිනැමෙන තොරතුරු සේවා හා ඒ හරහා ජනගත කෙරෙන තොරතුරු වර්ග මොනවද?

  • එසැණ - කාලීන තොරතුරු සේවාව
    • ජාතිකව සහ ජාත්‍යන්තරව සිදුවන වැදගත් කාලීන සිදුවීම් පිළිබඳ නිරවද්‍ය තොරතුරු ජනතාව වෙත දැනුම්දෙන සේවාවකි.
  • කොරෝනා තතු - සෞඛ්‍ය තොරතුරු
    • වත්මන් වසංගත තත්ත්වය තුළ ජනතාව දැනගත යුතු වැදගත් සෞඛ්‍ය තොරතුරු සහ සංඛ්‍යාලේඛන ජනතාව වෙත දැනුම්දෙන සේවාවකි.
  • නිවේදන - රාජ්‍ය තොරතුරු
    • රජය විසින් මහජනයා වෙත නිකුත් කෙරෙන ඇඳිරි නීති සහ හදිසි තත්ත්වයන් වැනි වැදගත් තොරතුරු ජනතාව වෙත දැනුම්දෙන සේවාවකි.
  • විස්ම - තාක්ෂණික තොරතුරු
    • නව තාක්ෂණයන් සහ තාක්ෂණික නිෂ්පාදන සම්බන්ධයෙන් වැදගත් තොරතුරු ජනතාව වෙත සමීප කරවන සේවාවකි.

තොරතුරු සේවා භාවිතා කිරීමේදී පරිශීලකයින් විසින් හෙළකුරු වෙත ලබාදෙන දත්ත මොනවද?

  • තොරතුරු Notifications ලෙසින් ලබාගැනීමේ කැමැත්ත පමණි.
    • සියලු තොරතුරු Notifications ලෙසින් ලබාගන්නේද, ඉතා වැදගත් තොරතුරු පමණක් Notifications ලෙසින් ලබාගන්නේද, කිසිඳු තොරතුරක් Notifications ලෙසින් ලබා නොගන්නේද යන කැමැත්ත පරිශීලකයාගෙන් ලබාගනී.

තොරතුරු සේවා හා සම්බන්ධ හෙළකුරු සමාජ වේදිකා භාවිතා කිරීමේදී පරිශීලකයා විසින් හෙළකුරු වෙත ලබාදෙන දත්ත මොනවද?

තොරතුරු සේවා හරහා පරිශීලකයාගේ දුරකථනයට ඍජුවම Notifications ලෙසින් දත්ත එවනු ලබන්නේ කොහොමද?

  • හෙළකුරු Servers වල සිට පරිශීලක දුරකථන වල ඇති හෙළකුරු App එකට ඍජුවම දත්ත එවනු ලබන්නේ “Push Notifications” නම් තාක්ෂණය හරහායි.
  • “Firebase” නම් Google සේවාව හරහා බලගැන්වෙන මෙම තාක්ෂණය මඟින් තත්පර ගණනක් ඇතුළත හෙළකුරු පරිශීලනය කරන මිලියන ගණනක් පරිශීලකයින්ට ඉතා ඉක්මණින් යම් තොරතුරක් යැවීමේ හැකියාව ඇත.

තොරතුරු සේවා හරහා පරිශීලකයාගේ දුරකථනයට Notifications ලෙසින් දත්ත ලැබීම නතර කළ හැකිද?

  • ඔව්. Notifications නතර කිරීමට අවශ්‍ය හෙළකුරු සේවාව තුළට ගොස් එහි දකුණු පස ඉහල කෙළවරේ ඇති Bell අයිකනය එබීමෙන්, පරිශීලකයාගේ දුරකථනයට Notifications ලැබීම නතර කළ හැක.

© මුද්‍රිත හෝ අන්තර්ජාල ලිපි සඳහා උපුටා ගන්නේ නම් මූලාශ්‍රය ලෙස https://facts.helakuru.lk සඳහන් කරන්න.



මීළඟ ලිපිය

හෙළකුරේ සුරක්ෂිතතාව : ගෙවීම් සේවා දත්ත භාවිතය

Still need help? Get in touch!
Last updated on 16th Apr 2022