ගෙවීම් සේවා දත්ත භාවිතය

ඩිජිටල් අවකාශය තුළ ගෙවීම් සේවා කියන්නේ මොනවද?

  • නොයෙක් ආකාරයේ භාණ්ඩ හෝ සේවා සඳහා මුදල් ගෙවීමට උපකාරී වන මෘදුකාංගමය සේවාවන් ගෙවීම් සේවාවන් (Payment Services) ලෙස හඳුන්වයි.

හෙළකුරු වෙතින් පිරිනැමෙන ගෙවීම් සේවා හා ඒ හරහා මුදල් ගෙවීමට උපකාරී වන සේවා මොනවද?

  • රීලෝඩ් - දුරකථන ගෙවීම්
    • ශ්‍රී ලංකාවේ සියලුම දුරකථන ජාල වල පෙරගෙවුම් දුරකථන සම්බන්ධතා සඳහා Reload ආකාරයෙන් මුදල් ගෙවිය හැකි සේවාවකි.
  • බිල් ගෙවීම් - ගෙදරදොර බිල්පත් ගෙවීම්
    • එදිනෙදා ගෙදරදොර ජල, විදුලි බිල්පත් සහ පසුගෙවුම් දුරකථන බිල්පත් සඳහා මුදල් ගෙවිය හැකි සේවාවකි.
  • රාජ්‍ය ගෙවීම් - රජයේ ආයතන සඳහා ගෙවීම්
    • වරිපනම් බදු, පොලිස් දඩ, නියාමන ගාස්තු වැනි රජයේ ආයතන සඳහා සිදුකරන මුදල් ගෙවීම් සිදු කළ හැකි සේවාවකි.
  • වෛද්‍ය හමු - වෛද්‍ය හමු වෙන්කරවා ගැනීමේ ගෙවීම්.
    • ශ්‍රී ලංකාවේ ඕනෑම වෛද්‍යවරයෙක් වෙන් කරවා ගැනීම සඳහා මුදල් ගෙවිය හැකි සේවාවකි.
  • හෙළPay - ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදය
    • අන්තර්ජාලය හරහා භාණ්ඩ හෝ සේවාවන් අලෙවි කරන විකුණුම්කරුවන් සඳහා ඉතා පහසුවෙන් සහ ආරක්ෂිතව මුදල් ගෙවිය හැකි දේශීය ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදයකි.

ගෙවීම් සේවා භාවිතා කිරීමේදී පරිශීලකයින් විසින් හෙළකුරු වෙත ලබාදෙන දත්ත මොනවද?

  • ගෙවීම් සේවා භාවිතා කිරීමේදී පහත සඳහන් දත්ත පරිශීලකයා විසින් හෙළකුරු වෙත ලබා දෙයි.
    • තම අනන්‍යතාවය පිළිබඳ දත්ත
      • උදා. මුදල් ගෙවන්නාගේ නම, Email ලිපිනය, දුරකථන අංකය, ජාතික හැඳුනුම්පත් අංකය, රියදුර බලපත්‍ර අංකය
    • මුදල් ගෙවනු ලබන සේවාවේ විස්තර
      • උදා. රීලෝඩ් කරන දුරකථන අංක, බිල්පත් ගිණුම් අංක, රාජ්‍ය ආයතනයේ නම, චැනල් කරන වෛද්‍යවරයාගේ නම සහ රෝහල,

හෙළකුරු ගෙවීම් සේවා හරහා මුදල් ගෙවීම සුරක්ෂිතද?

  • ඔව්. ගෙවීම් සේවා සඳහා ඉහළම සුරක්ෂිතතාවක් ලබාදීම සඳහා, පහත සඳහන් දත්ත සුරක්ෂිත කිරීමේ (Data Security) තාක්ෂණයන් හෙළකුරු භාවිතා කරයි.
    • SSL (Secure Socket Layer) තාක්ෂණය
      • මෘදුකාංගයක් අන්තර්ජාලය ඔස්සේ තම සර්වර සමඟ සිදුකරන සන්නිවේදනය (Network Communication) අනවසර ප්‍රවේශයන්ගෙන් (Unauthorized access) වැළැක්වීම සඳහා භාවිතා කරන, දත්ත සුරක්ෂිත කරන (Data Security) තාක්ෂණයකි. එහිදී එම සන්නිවේදනය කිසිවෙකුට හඳුනාගත නොහැකි පරිදි අන්ත දෙක අතර මුළුමනින්ම සංකේතනය වීම (End-to-End Encryption) සිදුවේ.
    • දත්ත සංකේතන (Data Encryption) තාක්ෂණය
      • යම් දත්තයක් වෙනත් පාර්ශවයක් වෙත නිරාවරණය වුවත්, එය හඳුනාගත නොහැකි පරිදි, දත්තයට වඩා මුළුමනින්ම වෙනස් කේතයක් බවට පත් කිරීමේ තාක්ෂණයකි. හෙළකුරු හි සියලු අන්තර්ජාල සන්නිවේදනයන් (Network Communication) SSL තාක්ෂණයට අමතරව මෙම තාක්ෂණයේද ඉතා ආරක්ෂිත ක්‍රමවේදයක් වන “Public-Private Key Encryption” යොදා සුරක්ෂිත කර ඇති නිසා වඩාත් ඉහළ සුරක්ෂිතතාවයක් පරිශීලක දත්ත වෙත හිමිවේ.

© මුද්‍රිත හෝ අන්තර්ජාල ලිපි සඳහා උපුටා ගන්නේ නම් මූලාශ්‍රය ලෙස https://facts.helakuru.lk සඳහන් කරන්න.



මීළඟ ලිපිය

හෙළකුරේ සුරක්ෂිතතාව : පෞද්ගලික දත්තවල සුරක්ෂිතතාව

Still need help? Get in touch!
Last updated on 15th Apr 2025