Clipboard මඟින් රචනය

Clipboard කියන්නේ මොකක්ද?

  • Clipboard යනු, ඔබ ජංගම දුරකථනයේ ඕනෑම තැනකදී copy කරගන්නා වාක්‍ය ඛණ්ඩ තාවකාලිකව මතක තබාගෙන එකම තැනක ඔබට පෙන්වන පහසුකමකි.
  • එසේ පෙන්වන වාක්‍ය ඛණ්ඩ එබීමෙන්, ඔබට නැවත අකුරෙන් අකුර එම වාක්‍ය ඛණ්ඩ යතුරු කිරීම වෙනුවට, එකවර මුළු වාක්‍ය ඛණ්ඩයම යතුරු කිරීමේ හැකියාව ලැබේ.
  • එම නිසා Clipboard භාවිතයෙන් ඔබට නිතර යතුරු කිරීමට අවශ්‍ය වන වාක්‍ය ඛණ්ඩ පහසුවෙන් සහ ඉක්මණින් යතුරු කළ හැකි වෙයි.

Clipboard හරහා යතුරු කරන්නේ කොහොමද?

  • හෙළකුරු යතුරුපුවරුව මඟින් සැපයෙන clipboard පහසුකම හරහා දෙයාකාරයකින් ඔබට වාක්‍ය ඛණ්ඩ යතුරු කළ හැක.

    1. Prediction තීරුව හරහා

      • ඔබ වාක්‍ය ඛණ්ඩයක් copy කරගත් පසු, හෙළකුරු යතුරුපුවරුව තිරයේ දිස්වන වන ඊළඟ අවස්ථාවේදී, එම වාක්‍ය ඛණ්ඩය යතුරුපුවරුවේ Prediction තීරුවේ දිස්වනු ඇත.
      • එවිට එම වාක්‍ය ඛණ්ඩය ඔබා, මුළු වාක්‍ය ඛණ්ඩයම ඔබට එකවර යතුරු කළ හැක.

    1. Clipboard අංශය හරහා

      • ඔබ copy කරගන්නා සෑම වාක්‍ය ඛණ්ඩයක්ම, යතුරුපුවරුවේ clipboard අංශයෙහි තාවකාලිකව ලැයිස්තුගත වෙයි.
      • යතුරුපුවරුවේ ඉහළ ඇති clipboard අයිකනය ඔබා, ඔබට එම වාක්‍ය ඛණ්ඩ ලැයිස්තුව දැක බලා ගත හැක.
      • එම ලැයිස්තුවෙන් ඔබට අවශ්‍ය වාක්‍ය ඛණ්ඩය ඔබා, එම මුළු වාක්‍ය ඛණ්ඩයම ඔබට එකවර යතුරු කළ හැක.

Clipboard අංශයේ දිස්වන වාක්‍ය ඛණ්ඩ කොපමණ කාලයක් එහි රැඳී තියෙනවද?

  • Clipboard අංශයෙහි දිස්වන වාක්‍ය ඛණ්ඩ, copy කරගත් මොහොතේ සිට පැයක කාලයක් එහි දිස්වෙයි. ඉන්පසු ඒවා ඉබේම ඉවත් වී යයි.
  • යම් වාක්‍ය ඛණ්ඩයක් ඔබට දිගටම clipboard අංශයේ රඳවා තබා ගැනීමට අවශ්‍ය නම්, වාක්‍ය ඛණ්ඩවල කෙළවරේ දිස්වන pin අයිකනය ඔබා, ඒවා රඳවා තබාගත හැක.

Clipboard අංශයේ දිස්වන වාක්‍ය ඛණ්ඩයක් ඉන් ඉවත් කරන්නේ කොහොමද?

  • යම් වාක්‍ය ඛණ්ඩයක් මත ඇඟිල්ල තබා වම් පසට swipe කිරීමෙන් ඔබට එය ඉවත් කළ හැක.

Clipboard පහසුකම පිරිනැමෙන්නේ කුමන හෙළකුරු යතුරුපුවරු සංස්කරණ වලද?

Clipboard පහසුකම ක්‍රියාත්මක කරගන්නේ කොහොමද?

  • Android සඳහා හෙළකුරු 7.11 සිට සහ iOS සඳහා හෙළකුරු 7.4 සිට සෑම සංස්කරණයකම Clipboard පහසුකම ක්‍රියාත්මක වේ.
  • ඔබේ හෙළකුරු සංස්කරණයේ මෙම පහසුකම නොමැති නම් හෙළකුරු ඇප් එක Update කරගැනීමෙන් මෙම පහසුකම ලබාගත හැක.

Clipboard පහසුකම අක්‍රීය කරගන්නේ කොහොමද?

  • හෙළකුරු යතුරුපුවරුවේ සැකසුම් වෙත ගොස් “Clipboard” ඉදිරියේ ඇති toggle එක OFF කිරීමෙන් ඔබට මෙම පහසුකම අක්‍රීය කළ හැක.

Clipboard එකෙහි දිස්වන වාක්‍ය ඛණ්ඩ ගබඩා වෙන්නේ කොහෙද?

  • Clipboard කොටසේ තාවකාලිකව දිස්වන වාක්‍ය ඛණ්ඩ සහ ඔබ දිගටම තබාගැනීමට pin කරගත් වාක්‍ය ඛණ්ඩ යන දෙවර්ගයම ගබඩා වන්නේ පරිශීලකයාගේ ජංගම දුරකථනය තුළමයි.

Clipboard එකෙහි පෙන්වන වාක්‍ය ඛණ්ඩ හෙළකුරු servers වෙත backup වීමක් වෙනවද?

  • නැහැ. Clipboard එකෙහි දිස්වන වාක්‍ය ඛණ්ඩ හැමවිටම ගබඩා වන්නේ පරිශීලකයාගේ ජංගම දුරකථනය තුළ පමණයි. කිසි විටෙකත් ඒවා හෙළකුරු servers වෙත නොයැවෙයි.

මෙම Clipboard පහසුකම පරිශීලකයාට ප්‍රයෝජනවත් වන්නේ කුමන අවස්ථාවලද?

  • විවිධ අවස්ථාවලදී මෙම පහසුකම විවිධාකාරයෙන් පරිශීලකයාට ප්‍රයෝජනවත් වෙයි.
  • ඊට උදාහරණ කීපයක් පහතින්.
    • යම් තැනකින් copy කරගත් යම් වචනයක්, වාක්‍යයක් හෝ වාක්‍ය ඛණ්ඩයක් ඉක්මණින් වෙනත් තැනක යතුරු කිරීමට අවශ්‍ය අවස්ථාවලදී.
    • අලුත් අවුරුදු සුබ පැතුම් යැවීම වැනි කටයුතුවලදී, එකම වාක්‍ය ඛණ්ඩය කීප තැනක යතුරු කිරීමට අවශ්‍ය වන අවස්ථාවලදී.
    • විටින් විට අවශ්‍ය වන සබඳතා තොරතුරු (Contact details) වැනි දෑ, වරින් වර යතුරු කිරීමට අවශ්‍යවන අවස්ථාවලදී.

© මුද්‍රිත හෝ අන්තර්ජාල ලිපි සඳහා උපුටා ගන්නේ නම් මූලාශ්‍රය ලෙස https://facts.helakuru.lk සඳහන් කරන්න.



මීළඟ ලිපිය:

තොරතුරු සේවා : එසැණ - කාලීන තොරතුරු

Still need help? Get in touch!
Last updated on 16th Apr 2022