MacOS සඳහා හෙළකුරු

MacOS මෙහෙයුම් පද්ධතිය ඇති Apple පරිගණක සඳහා හෙළකුරු ලබාගන්නේ කොහොමද?

  • හෙළකුරු වෙබ් අඩවිය (https://www.helakuru.lk) වෙත පිවිස පහත දැක්වෙන අයිකන අතරින් MacOS අයිකනය එබීමෙන් MacOS සඳහා හෙළකුරු සංස්කරණය Download කරගත හැකියි.

MacOS සඳහා හෙළකුරු යතුරුපුවරුව නොමිලේ ලබාගත හැකිද?

  • පෞද්ගලික භාවිතය වෙනුවෙන් MacOS සඳහා හෙළකුරු සංස්කරණය නොමිලේ ලබාගත හැකියි.
  • ව්‍යාපාරික භාවිතය වෙනුවෙන් MacOS සඳහා හෙළකුරු සංස්කරණය ලබාගනී නම්, එක් පරිගණකයක් සඳහා රු.990කට මිලකට මිලදී ගත හැකියි. ව්‍යාපාරික පරිගණක 10කට වැඩි ගණනකට ලබාගැනීමට අවශ්‍ය නම් [email protected] ලිපිනයට ලියා විශේෂ මිලක් ලබාගත හැකියි.

MacOS සඳහා හෙළකුරු සංස්කරණය භාවිතා කළ හැක්කේ කුමන MacOS සංස්කරණ වලද?

  • MacOS X ට ඉහළ ඕනෑම MacOS සංස්කරණයක් සඳහා හෙළකුරු භාවිතා කළ හැකියි.

හෙළකුරු වෙබ් අඩවියෙන් MacOS සඳහා හෙළකුරු යතුරුපුවරුව Download කරගත් පසු එය Setup කරගන්නේ කොහොමද?

  1. Download කරගත් ZIP file එක විවෘත කර ඒ තුළ ඇති EULA-Personal.pdf හෝ EULA-Commercial.pdf ලෙස නම්කර ඇති හෙළකුරු මෘදුකාංග බලපත්‍ර ගිවිසුම හොඳින් කියවන්න.

  2. ගිවිසුමේ සඳහන් කරුණු වලට ඔබ එකඟ නම්, MacOS සඳහා හෙළකුරු Install කරගැනීම සඳහා Helakuru Setup.pkg අයිකනය Double Click කරන්න.

  3. Install කිරීම ආරම්භ කිරීමට ඊළඟට දිස්වෙන පහත තිරයේ Continue ඔබා තිරයේ දිස්වෙන උපදෙස් අනුව ඉදිරියට යන්න.

  4. Install කිරීම නිමාවූ පසුව පරිගණකය Restart කරන්න.

  5. පරිගණකය නැවත Start වූ පසුව පරිගණකයේ System Preferences වෙත ගොස් එහි Keyboard වෙත යන්න.

  6. එහි ඇති Input Sources අංශයට ගොස් + button එක click කර Sinhala භාෂාව තෝරන්න.

  7. ඉන්පසු ලැබෙන පහත මෙනුවෙන් ඔබ සිංහල ලිවීමට කැමති යතුරුපුවරු ක්‍රමය තෝරා “Add” ඔබන්න.

  8. ඉන්පසු System Preferences වෙතින් ඉවත්වෙන්න. දැන් ඔබට MacOS සඳහා හෙළකුරු භාවිතයෙන් සිංහල යතුරු කිරීමේ හැකියාව ලැබේ.

MacOS සඳහා හෙළකුරු භාවිතයෙන් පරිගණකයේ සිංහල යතුරු කරන්නේ කොහොමද?

  1. මේ සඳහා ඔබේ පරිගණකයේ Task Bar එකේ දිස්වන යතුරුපුවරු භාෂාව වෙනස් කරන අයිකනය click කරන්න.

  2. එවිට දිස්වන පහත මෙනුවෙන් “හෙළකුරු - Wijesekara” හෝ “හෙළකුරු - Phonetic” යන්න තෝරාගන්න.

  3. දැන් ඔබේ පරිගණකයේ යතුරුපුවරුවේ යතුරු එබීමෙන් සිංහල ලිවිය හැක.

MacOS සඳහා හෙළකුරු මඟින් ලිවීමේදී සිංහල හා ඉංග්‍රීසි භාෂා අතර මාරු වෙන්නෙ කොහොමද?

  • භාෂා අතර මාරුවීම සඳහා ඔබට පහත ක්‍රම දෙකෙන් එකක් භාවිතා කළ හැකියි.
  • පරිගණකයේ Status Bar එකේ ඇති යතුරුපුවරු භාෂාව මාරුකරන අයිකනය එබීමෙන්.
  • Control + Space යන Keyboard Shortcut එක මඟින්.

MacOS සඳහා හෙළකුරු මඟින් පිරිනැමෙන පහසුකම් මොනවද?

MacOS සඳහා හෙළකුරු මඟින් Voice Typing පහසුකම ලැබෙනවද?

  • පරිගණකයට Install කරගන්නා “MacOS සඳහා හෙළකුරු” වෙතින් Voice Typing පහසුකම නොලැබේ.
  • නමුත් Chrome බ්‍රව්සරය හරහා හෙළකුරු වෙබ් අඩවියට පිවිසීමෙන් ඕනෑම පරිගණකයකින් Voice Typing පහසුකම භාවිතා කළ හැකියි.

MacOS සඳහා හෙළකුරු භාවිතා කිරීම සඳහා අන්තර්ජාලයට සම්බන්ධ වී සිටිය යුතුද?

  • නැහැ. MacOS සඳහා හෙළකුරු, පරිගණකය තුළට install වන “Stand-alone” මෘදුකාංගයක් නිසා එහි ක්‍රියාකාරිත්වයට අන්තර්ජාල සම්බන්ධතාවයක් අවශ්‍ය නොවේ.

MacOS සඳහා හෙළකුරු යතුරුපුවරුව භාවිතයේදී පරිශීලකයා යතුරු කරන දෑ සුරක්ෂිතද?

MacOS සඳහා හෙළකුරු මඟින් Super App සංකල්පය හරහා පිරිනැමෙන අමතර ඩිජිටල් සේවා සහ මෙවලම් භාවිතා කළ හැකිද?

  • පරිගණකයට Install කරගන්නා “MacOS සඳහා හෙළකුරු” වෙතින් Super App සංකල්පය හරහා පිරිනැමෙන සේවාවන් නොලැබේ.
  • නමුත් හෙළකුරු වෙබ් අඩවියට පිවිසීමෙන් ඕනෑම පරිගණකයකින් එම පහසුකම් භාවිතා කළ හැකියි.

ජංගම දුරකථනයෙන් සිංහල ලියන ආකාරයෙන්ම MacOS සඳහා හෙළකුරු මඟින් සිංහල ලිවිය හැකිද?

  • ඔව්. ඔබ සිංහල ලියන්නේ ශබ්දානුකුල ක්‍රමවේදයෙන් නම්, MacOS සඳහා හෙළකුරු වලින් සිංහල අකුරු ලියැවෙන්නේ, ජංගම දුරකථනයේදී ලියැවෙන අකුරු සංයෝජන වලින්මයි. එම සංයෝජනයන් ගැන දැනුවත් වීමට ශබ්දානුකූල ක්‍රමයෙන් රචනය යන ලිපිය කියවන්න.
  • ඔබ සිංහල ලියන්නේ විජේසේකර ක්‍රමයෙන් නම්, එහිදී පරිගණකයේ ලියැවෙන්නේ සම්මත විජේසේකර අකුරු සැකැස්මේ ආකාරයට වන අතර, එය ජංගම දුරකථනයේ ඇති ස්මාට් විජේසේකර සැකැස්මට බොහෝ දුරට සමාන වේ. එම සැකැස්ම ගැන දැනුවත් වීමට විජේසේකර ක්‍රමයෙන් රචනය යන ලිපිය කියවන්න.


© මුද්‍රිත හෝ අන්තර්ජාල ලිපි සඳහා උපුටා ගන්නේ නම් මූලාශ්‍රය ලෙස https://facts.helakuru.lk සඳහන් කරන්න.

මීළඟ ලිපිය:

හෙළකුරු යතුරුපුවරු : Linux සඳහා හෙළකුරු

Still need help? Get in touch!
Last updated on 16th Apr 2022