රීලෝඩ් - දුරකථන ගෙවීම්

රීලෝඩ් කියන්නේ මොකක්ද?

  • රීලෝඩ් යනු ශ්‍රී ලංකාවේ සියලුම දුරකථන ජාල වල පෙරගෙවුම් දුරකථන සම්බන්ධතා සඳහා Reload ආකාරයෙන් පහසුවෙන් සහ ඉක්මණින් ආරක්ෂිතව මුදල් ගෙවිය හැකි ඩිජිටල් ගෙවීම් සේවාවකි.

හෙළකුරු හරහා රීලෝඩ් වැනි ගෙවීම් සේවාවක් සැපයීමේ අරමුණ මොකක්ද?

  • හෙළකුරේ පරම අරමුණ හෙවත් දැක්ම “ඩිජිටල් තාක්ෂණයන් හරහා මහජනයා සවිබලගැන්වීම” යි.
  • දැනටමත් මිලියන ගණනක් ශ්‍රී ලාංකිකයින් වෙත සමීප වී ඇති ජංගම දුරකථන App එකක් ලෙසින්, එම දුරකථන භාවිතා කරන්නන්ගේ මූලිකම අවශ්‍යතාවයක් වන රීලෝඩ් කිරීම් ඉතා පහසුවෙන් ඕනෑම තැනක සිට සිදුකරගැනීමට ඩිජිටල් තාක්ෂණයන් හරහා පහසුකම් සැලසීම, හෙළකුරේ දැක්මට අනුකූල මහජන සවිබලගැනීමක් ලෙස හෙළකුරු සලකයි.
  • රීලෝඩ් වැනි දුරකථන ගෙවීම් සේවාවක් හෙළකුරු හරහා හඳුන්වාදීමේ අරමුණ එයයි.

රීලෝඩ් ගෙවීම් සේවාව සැපයෙන්නේ කුමන හෙළකුරු සංස්කරණ හරහාද?

රීලෝඩ් ගෙවීම් සේවාව භාවිතා කරන්නේ කොහොමද?

  1. හෙළකුරු App එක තුළ ඇති “රීලෝඩ්” සේවාව වෙත යන්න.
  2. ඔබට Reload එක දැමීමට අවශ්‍ය පෙරගෙවුම් අංකය ඇතුළත් කරන්න.
  3. Reload දැමිය යුත්තේ Data සඳහාද Voice සඳහාද යන්න තෝරා, ඒ යටතේ ඇති Reload කළ යුතු මුදල තෝරන්න.
  4. ඉන්පසු “රීලෝඩ් කරන්න" button එක ඔබන්න.
  5. මීළඟට දිස්වන තිරයෙන්, ඔබ මුදල් ගෙවීමට කැමති ගෙවීම් ක්‍රමය තෝරා මුදල් ගෙවීම සිදුකරන්න.
  6. දැන් ඔබේ Reload එක අදාළ දුරකථන අංකයට බැර වී, ඒ පිළිබඳ ඔබට දැනුම්දීමක් ලැබෙනු ඇත.

රීලෝඩ් සඳහා මුදල් ගෙවිය හැකි ක්‍රම මොනවද?

  • දේශීය බැංකු ගිණුම් මඟින්
    • පරිශීලකයා හෙළPay වෙත සම්බන්ධ කර ඇති ඕනෑම පුද්ගලික බැංකු ගිණුමක් මඟින්.
  • බැංකු කාඩ්පත් මඟින්
    • ඕනෑම දේශීය බැංකුවක Debit කාඩ්පත් (ATM කාඩ්පත්) හෝ Credit කාඩ්පත් මඟින්.

රීලෝඩ් ගෙවීම් සේවාව හරහා රීලෝඩ් කර ගැනීමේදී ඒ සඳහා සේවා ගාස්තුවක් අය වෙනවද?

  • නැහැ. ඔබ ගෙවනා සම්පූර්ණ මුදලම ඔබට රීලෝඩ් එකක් ලෙසින් ලැබෙයි.

රීලෝඩ් එකක් කළ පසු එහි දිස්වන Status වල තේරුම් මොනවද?

  • Recent Reloads යටතේ, ඔබ කරන ලද සෑම රීලෝඩ් එකකටම අදාළව ඒවායේ තත්ත්වය දැක්වෙන Status එකක් දිස්වනු ඇති අතර ඒවායේ තේරුම් මෙසේයි.
    • Success: රීලෝඩ් කිරීම සාර්ථකයි.
    • Payment declined: ඔබේ බැංකු කාඩ්පතෙන් මුදල් අයකරගත නොහැකි වී අත. මේ පිළිබඳ ඔබේ බැංකුවෙන් විමසන්න.
    • Failed & Refunded: යම් දෝෂයක් හේතුවෙන් රීලෝඩ් කිරීම අසාර්ථක වී ඇති අතර, ඔබෙන් අයකරගත් මුදල නැවත ඔබට refund කර ඇත.

යම් රීලෝඩ් කිරීමක් සම්බන්ධයෙන් පාරිභෝගික සහය ලබාගන්නේ කොහොමද?

  • රීලෝඩ් කිරීමක් සම්බන්ධයෙන් යම් සහයක් ලබාගැනීමට අවශ්‍ය නම්, පහත පියවර අනුගමනය කරන්න.
    1. හෙළකුරු App එක තුළ ඇති “රීලෝඩ්” සේවාව වෙත යන්න.
    2. Recent Reloads යටතේ දිස්වන, ඔබට සහය ලබාගැනීමට අවශ්‍ය රීලෝඩ් කිරීම තෝරන්න.
    3. ඒවිට දිස්වන රීලෝඩ් කිරීමේ විස්තර සහිත පිටුවේ පහලින් ඇති "Contact Support" ඔබන්න.
    4. දැන් ඔබට ඔබේ ගැටළුව හෙළකුරු පරිශීලක සහය අංශයට ඉදිරිපත් කර, ඔවුන්ගෙන් අදාළ රීලෝඩ් කිරීම සම්බන්ධයෙන් සහය ලබාගත හැක.

බැංකු කාඩ්පත් මඟින් ගෙවීමේදී නැවත නැවත ගිණුම් තොරතුරු ඇතුළත් කළ යුතුද? ඔබ බැංකු ගිණුම් තොරතුරු හෙළPay වෙත ඇතුළත් කර පළමුවරට ගෙවීමක් කළ පසු, ඊළඟ ගෙවීමේදී හෙළPay තෝරා, Fingerprint එක හෝ Face ID එක පමණක් ලබාදීමෙන් ක්ෂණිකව ගෙවිය හැකියි.

එලෙස ගෙවීම කොපමණ ආරක්ෂිත ද?

  • පෙර ඇතුළත් කළ බැංකු ගිණුමකින් ගෙවිය හැක්කේ, ඔබේ Fingerprint එක හෝ Face ID එක ලබාදීමෙන් පසු පමණක් වන නිසා, ඔබ හැර වෙනත් කිසිම කෙනෙකුට ඒ හරහා ගෙවිය නොහැකියි.
  • පරිශීලක සත්‍යාපනය (User Authentication) සඳහා ඇති ආරක්ෂිතම ක්‍රමවේදයක් වන Biometric Authentication තාක්ෂණය මේ සඳහා භාවිතා වන නිසා, එය අන් කවර ආරක්ෂිත ක්‍රමවේදයකටත් වඩා වැඩි ආරක්ෂාවත් ඔබේ ගෙවීම් වෙත සපයයි.

රීලෝඩ් හරහා මුදල් ගෙවීම සුරක්ෂිතද?


© මුද්‍රිත හෝ අන්තර්ජාල ලිපි සඳහා උපුටා ගන්නේ නම් මූලාශ්‍රය ලෙස https://facts.helakuru.lk සඳහන් කරන්න.



මීළඟ ලිපිය

ගෙවීම් සේවා : බිල් ගෙවීම් - ගෙදරදොර බිල්පත් ගෙවීම්

Still need help? Get in touch!
Last updated on 16th Apr 2022