හෙළකුරු සේවා ගාස්තු

සේවා ගාස්තුවක් කියන්නේ මොකක්ද?

  • එදිනෙදා ජීවිතයේදී අප පරිභෝජනය කරන ඕනෑම වාණිජ්‍ය භාණ්ඩයකින් හෝ සේවාවකින් අප හට පිරිනැමෙන ප්‍රයෝජනය හෝ වටිනාකම අනුව ඒ සඳහා මිලක් නියම වෙයි. සේවා ගාස්තුවක් යනු එවැනි සේවාවක් සඳහා ගෙවිය යුතු මිලයි.

හෙළකුරු වාණිජ්‍ය නිෂ්පාදනයක්ද?

  • ඔව්, හෙළකුරු යනු වෙළඳපොළේ ඇති අනෙකුත් භාණ්ඩ හා සේවා මෙන්ම වාණිජ්‍ය නිෂ්පාදනයකි.

හෙළකුරේ මිල නියම වන්නේ කෙසේද?

  • හෙළකුරේ මිල නියම වන්නේ ඒ හරහා සැපයෙන පහසුකම් අනුවයි. එම පහසුකම් කාණ්ඩ දෙකකට බෙදා පහසුකම් පැකේජ 2ක් ලෙසින් හෙළකුරු ඔබ වෙත පිරිනමයි.

හෙළකුරේ පහසුකම් පැකේජ සහ ඒවායේ මිල ගණන් කොහොමද?

  • Basic පැකේජය - නොමිලේ
  • Pro පැකේජය - මිල රු.60 ක මාසික ගාස්තුවකි

හෙළකුරු Basic පැකේජය හරහා සැපයෙන පහසුකම් මොනවද?

  • ශබ්දානුකූල සහ විජේසේකර ක්‍රම වලින් සිංහල යතුරු කිරීමේ පහසුකම
  • Voice Typing භාවිතයෙන් සිංහල යතුරු කිරීමේ පහසුකම
  • Word Predictions භාවිතයෙන් සිංහල යතුරු කිරීමේ පහසුකම
  • යතුරුපුවරුවට Color Themes සහ Gradient Themes එක් කරගැනීමේ පහසුකම
  • Super App සංකල්පය හරහා පිරිනැමෙන අනෙකුත් ඩිජිටල් සේවා සියල්ල වෙළඳ දැන්වීම් සහිතව පරිශීලනය කිරීමේ පහසුකම

හෙළකුරු Pro පැකේජය හරහා සැපයෙන පහසුකම් මොනවාද?

  • හෙළකුරු Basic පැකේජයෙන් පිරිනැමෙන සියලු පහසුකම් වෙළඳ දැන්වීම් බාධා වලින් තොරව පරිශීලනය කිරීමේ පහසුකම
  • යතුරුපුවරුවට Image Themes සහ Custom Themes එක් කරගැනීමේ පහසුකම
  • යතුරුපුවරුවේ සැකසුම් හා අවසන් වරට භාවිතා කළ emoji backup/restore කිරීමේ පහසුකම
  • Self-learn කරනා Word Predictions වචන backup/restore කිරීමේ පහසුකම

හෙළකුරු Basic පැකේජය පරිශීලකයින්ට නොමිලේ ලබාදෙන්නේ ඇයි?

  • සිංහල භාෂාවෙන් තම අදහස් ඩිජිටල් අවකාශයේ හුවමාරු කරගැනීම මේ වන විට ශ්‍රී ලාංකීකයින් සැමගේ මූලික අවශ්‍යතාවයක් වී ඇති නිසා, එම අවශ්‍යතාවය සැම වෙනුවෙන් ඉටුකිරීම ජාතික වගකීමක් සේ හෙළකුරු සලකයි.
  • එම නිසා එම අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා මිලක් ගෙවීමට හැකියාව ඇති නැති සැම වෙනුවෙන්, එම අවශ්‍යතාවය සපුරාදීමට හෙළකුරු නිරතුරුව කැපවෙයි.
  • හෙළකුරු Basic පැකේජයෙන් ලැබෙන සිංහල යතුරුකිරීමේ පහසුකම ඇතුළු අනෙකුත් පහසුකම් සඳහා පිරිවැයක් දැරීමට සිදුවුවත්, එය පරිශීලකයින්ගෙන් අයකර නොගෙන, නොමිලේ ලබාදෙන්නේ ඒ නිසයි.

හෙළකුරු Basic පැකේජය නොමිලේ ලබාදිමට හැකි වී තිබෙන්නේ කොහොමද?

  • හෙළකුරු නිෂ්පාදන පිරිවැය සපුරා දෙන්නේ හෙළකුරු Pro පහසුකම් සඳහා මිල ගෙවන පරිශීලකයින් විසිනුයි. අනෙකුත් පරිශීලකයින්ට Basic පහසුකම් නොමිලේ අත්විඳින්නට හැකි වී ඇත්තේ ඔවුන් නිසයි.
  • ඊට අමතරව Basic පහසුකම් සැපයීම සඳහා අනුග්‍රාහක වෙළඳ දැන්වීම් ද මූල්‍යමයව දායක වෙයි.

හෙළකුරු Pro පැකේජය මිලදී ගන්නේ කොහොමද?

  • හෙළකුරු App එක තුළ ඔබ භාවිතා කරන්නේ Basic පහසුකම් පැකේජය ද, Pro පහසුකම් පැකේජයද යන්න පැහැදිලිව පෙන්වයි.
  • එතැන ඔබා “Upgrade to PRO” යන්න තේරීමෙන් ඔබට Pro පහසුකම් පැකේජය මිලදී ගත හැකිය.

Pro පැකේජය මිලදී ගැනීමට මුදල් ගෙවිය හැක්කේ කෙසේද?

  • Pro පැකේජය සඳහා අයවන්නේ රු.60 ක මාසික ගාස්තුවක් පමණි. ඔබට එය පහත සඳහන් ක්‍රම වලින් ගෙවෙන පරිදි සැකසිය හැකියි.
    • ඔබේ දුරකථන බිල්පතින් (Dialog හා Mobitel සඳහා පමණයි)
    • බැංකු කාඩ්පත් මඟින්
    • Google Pay මඟින්
    • Apple In-App Purchase මඟින්

Pro පැකේජයේ මාසික ගාස්තුව වරින් වර ගෙවිය යුතුද?

  • නැහැ. එය යම් කාලාන්තරයකට වරක් ස්වයංක්‍රීයව අයවන ලෙස ඔබට සැකසිය හැකියි.
  • දුරකථන බිල්පතින් ගෙවීමේදී රු.60 ක මාසික ගාස්තුව, prepaid සම්බන්ධතාවක් නම් දිනකට වරක් රු.1.99ක් ලෙස සහ postpaid සම්බන්ධතාවක් නම් මාසයකට වරක් රු.60 ක් ලෙස ස්වයංක්‍රීයව අය වන ලෙස සැකසිය හැකියි.
  • බැංකු කාඩ්පත් මඟින් ගෙවීමේදී මාසිකව රු.60 ක් හෝ වාර්ෂිකව රු.499 ක් (වට්ටම් සහිතව) ස්වයංක්‍රීයව අය වන ලෙස සැකසිය හැකියි.
  • Google Pay හෝ Apple In-App Purchase මඟින් ගෙවීමේදී පමණක්, එම ගෙවීම් සේවාවල අමතර පහසුකම් ගාස්තුද ඇතුළත්ව, මාසිකව $0.49 හෝ වාර්ෂිකව $3.99ක් (වට්ටම් සහිතව) ස්වයංක්‍රීයව අයවන ලෙස සැකසිය හැකියි.

Pro පැකේජය වාර්ෂිකව මිලදී ගත හැකිද?

  • පහත සඳහන් ක්‍රම වලින් පමණක් Pro පැකේජය වාර්ෂිකව මිලදී ගත හැකියි. වාර්ෂිකව ගෙවීමේදී ඔබ ගෙවන ගාස්තුවට වට්ටමක්ද ලැබෙයි.
    • බැංකු කාඩ්පත් මඟින් - වසරකට රු.499 කි.
    • Google Pay හෝ Apple In-App Purchase මඟින් - වසරකට $3.99 කි.

Pro පැකේජය එකවර මිලදී ගත හැකිද?

  • ඔබ භාවිතා කරන හෙළකුරු Pro පහසුකම් සඳහා ඔබෙන් ගාස්තු අයවන්නේ ඔබ එම පහසුකම් භාවිතා කරන තාක් පමණයි.
  • එකවර විශාල මුදලක් අයකර නොගෙන, එය මාසික ගාස්තුවක් හෝ වාර්ෂික ගාස්තුවක් ලෙසින් ඔබට දැරිය හැකි මිලකට ගෙවිය හැකි පරිදි පිරිනැමෙන්නේ ඒ නිසයි.
  • ඔබ Pro පහසුකම් භාවිතා කිරීමට හෙළකුරු Upgrade කරගත්තත්, ඕනැම අවස්ථාවක නැවතත් Basic පහසුකම් පමණක් භාවිතා කිරීමට Downgrade කරගැනීමට හැකියි. එවිට ඉන්පසු ඔබෙන් කිසිඳු ගාස්තුවක් අය නොවෙයි. නැවතත් ඔබ කැමති විටෙක Pro වෙත Upgrade කරගැනීමටද හැකියි.

හෙළකුරු Pro පැකේජයේ සිට Basic පැකේජයට Downgrade කරගන්නේ කොහොමද?

  • හෙළකුරු සැකසුම් වෙත ගොස් “Downgrade to Basic” තේරීමෙන් ඕනෑම මොහොතක හෙළකුරු Basic පහසුකම් පැකේජයට downgrade කරගත හැකියි.
  • නැවත ආපසු Pro පහසුකම් පැකේජයට upgrade කරගැනීමට අවශ්‍ය විටෙක, හෙළකුරු සැකසුම් වෙත ගොස් “Upgrade to Pro” තේරීමෙන් upgrade කරගත හැකියි.

© මුද්‍රිත හෝ අන්තර්ජාල ලිපි සඳහා උපුටා ගන්නේ නම් මූලාශ්‍රය ලෙස https://facts.helakuru.lk සඳහන් කරන්න.



මීළඟ ලිපිය:

හෙළකුරු ගැන : හෙළකුරු PRO Stars

Still need help? Get in touch!
Last updated on 2nd Apr 2023