ශබ්දානුකූල ක්‍රමයෙන් රචනය

ශබ්දානුකූල ක්‍රමය කියන්නේ මොකක්ද?

  • ශබ්දානුකූල (Phonetic) ක්‍රමය යනු සිංහල අකුරු ශබ්ද වන ආකාරයට ඉංග්‍රීසි අකුරු භාවිතයෙන් ජංගම දුරකථනවල යතුරුකිරීම සඳහා හෙළකුරු විසින් ප්‍රථම වරට හඳුන්වාදුන් සිංහල යතුරුකිරීමේ ක්‍රමයකි.
  • මෙම ක්‍රමය මඟින් ලිවීමේදී සිංහල අකුරින් “අම්මා” ලෙස ලිවීමට නම් කළ යුත්තේ යතුරුපුවරුවේ ඉංග්‍රීසි අකුරින් “ammaa” ලෙස යතුරු කිරීම පමණයි.
  • විජේසේකර ක්‍රමයට වඩා ඉතා පහසුවෙන් සිංහල යතුරුකිරීමට හැකි වීම මෙම ක්‍රමයේ ඇති විශේෂත්වයකි.**

හෙළකුරු යතුරුපුවරුව ශබ්දානුකූල (Phonetic) ක්‍රමයට සකසා ගන්නේ කොහොමද?

  • Android හෝ Apple දුරකථන වල නම්, හෙළකුරු සැකසුම් වෙත ගොස් “Sinhala Layout” යන සැකසුම “Smart Phonetic” ලෙස තෝරාගත හැක.
  • පරිගණකයේ නම්, යතුරුපුවරුව Setup කරගන්නා අවස්ථාවේම මෙම ක්‍රමය සකසා ගත හැකියි. ඒ පිළිබඳ දනුවත් වීමට Windows, MacOS සහ Linux සංස්කරණ වලට අදාළ ලිපි කියවන්න.

ශබ්දානුකූල ක්‍රමයෙන් සිංහල ලිවීමේදී හෙළකුරු යතුරුපුවරුව දිස්වන්නේ කොහොමද?

  • මෙම ක්‍රමයේදී හෙළකුරු යතුරුපුවරුවේ යතුරු වල ප්‍රධාන වශයෙන් දිස්වන්නේ ඉංග්‍රීසි අකුරුයි. යම් ඉංග්‍රීසි අකුරකින් ලියැවෙන සිංහල අකුර ද යතුරේ ඉහළ කෙළවරේ පහත ආකාරයෙන් කුඩාවට දිස්වෙයි.

ශබ්දානුකූල ක්‍රමය වඩාත් සුදුසු වන්නේ මොන වගේ පරිශීලකයින්ටද?

  • විජේසේකර ක්‍රමයේදී යතුරුපුවරුවේ යතුරුවල දිස්වන්නේ සිංහල අකුරු නිසා, එම ක්‍රමයෙන් ලිවීමට නම් යතුරුවල සිංහල අකුරු තිබෙන ස්ථාන මතක තබා ගත යුතු වේ. එම නිසා එය සුදුසු වන්නේ එම ස්ථාන දැනටමත් මතක තිබෙන පරිශීලකයින් හටයි.
  • අලුතින්ම සිංහල යතුරුකිරීම අරඹන හෝ විජේසේකර ක්‍රමයේ යතුරු ස්ථාන මතකයේ නොමැති පරිශීලකයින්ට, ශබ්දානුකූල ක්‍රමයෙන් ඉතා පහසුවෙන් සිංහල යතුරුකළ හැකියි.

ජංගම දුරකථනයේ සහ පරිගණකයේ ශබ්දානුකූල ක්‍රමයෙන් යතුරුකරන අකුරු සංයෝජනයන් සමානද?

  • ඔව්. සියළු හෙළකුරු යතුරුපුවරු වල ශබ්දානුකූලව සිංහල අකුරු යතුරු කළ හැකි ඉංග්‍රීසි අකුරු සංයෝජනයන් එක සමාන වේ.

ශබ්දානුකූල ක්‍රමයේදී එක් එක් සිංහල අකුරු ලිවීම සඳහා යතුරු කළ යුතු ඉංග්‍රීසි අකුරු සංයෝජනයන් මොනවද?

  • ස්වර අක්ෂර යතුරුකරන ආකාරය
    සාමාන්‍ය ශබ්දානුකූල ඉංග්‍රීසි අකුරු වලින් ලිවිය හැක. දීර්ඝ කිරීමකදී එකම ඉංග්‍රීසි අකුර දෙවරක් යෙදේ. ‘ඇ’ සහ ‘ඍ’ සඳහා පමණක් ඉංග්‍රීසි කැපිටල් අකුරු යෙදේ.

    • අ - a
    • ආ - aa
    • ඇ - A
    • ඈ - Aa හෝ AA
    • ඉ - i
    • ඊ - ii
    • උ - u
    • ඌ - uu
    • ඍ - R
    • ඎ - Ru
    • එ - e
    • ඒ - ee
    • ඓ - ai
    • ඔ - o
    • ඕ - oo
    • ඖ - au හෝ ou
  • ව්‍යංජන අක්ෂර යතුරුකරන ආකාරය
    සාමාන්‍ය ශබ්දානුකූල ඉංග්‍රීසි අකුරු වලින් ලිවිය හැක. මුර්ධජ අකුරු ලිවීම සඳහා ශබ්දානුකූ ඉංග්‍රීසි අකුරේ කැපිටල් අකුරු භාවිතා කෙරේ. ’ද’ සඳහා පමණක් dha හෝ q යෙදේ.

    • ක - ka
    • ග - ga
    • ච - cha
    • ජ - ja
    • ට - ta
    • ඩ - da
    • ත - tha
    • ද - dha හෝ qa
    • න - na
    • ණ - Na
    • ප - pa
    • බ - ba
    • ම - ma
    • ය - ya
    • ර - ra
    • ල - la
    • ළ - La
    • ව - wa හෝ va
    • ස - sa
    • ශ - sha
    • ෂ - Sa හෝ Sha
    • හ - ha
    • ෆ - fa
  • මහප්‍රාණ අක්ෂර යතුරුකරන ආකාරය
    සාමාන්‍ය ශබ්දානුකූල ඉංග්‍රීසි අකුරක් සමඟ h අකුරක් යොදා මහප්‍රාණ අක්ෂර යතුරු කළ හැක. ‘ඨ’ සහ ‘ඪ’ පමණක් ශබ්දානුකූ ඉංග්‍රීසි අකුරේ කැපිටල් අකුරු භාවිතා කෙරේ.

    • ඛ - kha
    • ඝ - gha
    • ඡ - chha
    • ඨ - Ta
    • ඪ - Da
    • ථ - thha
    • ධ - dhha
    • ඵ - pha
    • භ - bha
  • සඤ්ඤක සහ වෙනත් අක්ෂර යතුරුකරන ආකාරය
    සාමාන්‍ය ශබ්දානුකූල ඉංග්‍රීසි අකුර ඉදිරියට z අකුරක් යොදා සඤ්ඤත අක්ෂර යතුරු කළ හැක. ‘ඹ' සඳහා පමණක් කැපිටල් B යෙදේ.

    • ඟ - zga
    • ඦ - zja
    • ඬ - zda
    • ඳ - zdha, zqa
    • ඤ - zka
    • ඥ - zha
    • ඹ - Ba
    • ළු - Lu
  • පිළි සමඟ ව්‍යංජන අක්ෂර යතුරුකරන ආකාරය
    සාමාන්‍ය ශබ්දානුකූල ඉංග්‍රීසි අකුරු සංයෝජනයෙන් යතුරු කළ හැක. දීර්ඝ පිළි යෙදීමේදී එකම ඉංග්‍රීසි අකුර දෙවරක් යෙදේ. ‘ැ’ සඳහා පමණක් ඉංග්‍රීසි කැපිටල් අකුරු A යෙදේ.

    • ක් - k
    • ක - ka
    • කා - kaa
    • කැ - kA
    • කෑ - kAa හෝ kAA
    • කි - ki
    • කී - kii
    • කු - ku
    • කූ - kuu
    • කෘ - kru
    • කෲ - kruu
    • කෙ - ke
    • කේ - kee
    • කෛ - kai
    • කො - ko
    • කෝ - koo
    • කෞ - kau
    • කඃ - kaH
    • කං - kax හෝ kazn
    • කඞ - kaX
    • ක්‍ය - kya
    • ක්‍ර - kra
  • බැඳි අක්ෂර යතුරු කරන ආකාරය

    • ශබ්දානුකූල ක්‍රමයෙන් බැඳි අක්ෂර ලිවිය නොහැකි නමුත් විජේසේකර ක්‍රමයෙන් බැඳි අක්ෂර ලිවිය හැක.
    • එසේ ලියන ආකාරය දැනගැනීමට විජේසේකර ක්‍රමයෙන් රචනය යන ලිපිය කියවන්න.

© මුද්‍රිත හෝ අන්තර්ජාල ලිපි සඳහා උපුටා ගන්නේ නම් මූලාශ්‍රය ලෙස https://facts.helakuru.lk සඳහන් කරන්න.



මීළඟ ලිපිය:

විජේසේකර ක්‍රමයෙන් රචනය

Still need help? Get in touch!
Last updated on 16th Apr 2022