රාජ්‍ය ගෙවීම් - රාජ්‍ය ආයතන සඳහා ගෙවීම්

රාජ්‍ය ගෙවීම් කියන්නේ මොකක්ද?

  • රාජ්‍ය ගෙවීම් යනු ශ්‍රී ලාංකීය මහජනයාට වරිපනම් බදු, බලපත්‍ර ගාස්තු සහ පොලිස් දඩ වැනි රාජ්‍ය ආයතන සඳහා සිදු කරන මුදල් ගෙවීම් පහසුවෙන් සහ ඉක්මණින් ආරක්ෂිතව සිදු කළ හැකි ඩිජිටල් ගෙවීම් සේවාවකි.

හෙළකුරු හරහා රාජ්‍ය ගෙවීම් වැනි ගෙවීම් සේවාවක් සැපයීමේ අරමුණ මොකක්ද?

  • හෙළකුරේ පරම අරමුණ හෙවත් දැක්ම “ඩිජිටල් තාක්ෂණයන් හරහා මහජනයා සවිබලගැන්වීම” යි.
  • මිලියන ගණනක් මහජනයා වෙත සමීප වී ඇති App එකක් ලෙසින්, ඩිජිටල් තාක්ෂණයන් යොදා ගනිමින් ඉක්මණින් සහ පහසුවෙන් ශ්‍රී ලාංකීය මහජනයාට රාජ්‍ය ආයතන වෙත සිදුකරන මුදල් ගෙවීම් සිදුකිරීම සඳහා පහසුකම් සැලසීම, හෙළකුරේ දැක්මට අනුකූල මහජන සවිබලගැනීමක් ලෙස හෙළකුරු සළකයි.
  • රාජ්‍ය ගෙවීම් වැනි රජයේ ආයතන සඳහා මුදල් ගෙවීමේ සේවාවක් හෙළකුරු හරහා සැපයීමේ අරමුණ එයයි.

රාජ්‍ය ගෙවීම් සේවාව සැපයෙන්නේ කුමන හෙළකුරු සංස්කරණ හරහාද?

රාජ්‍ය ගෙවීම් සේවාව භාවිතයෙන් රජයේ ආයතනයකට ගෙවීමක් කරන්නේ කොහොමද?

  1. හෙළකුරු Superapp එක තුළ "Payments" යටතේ ඇති ඇති “රාජ්‍ය ගෙවීම්” සේවාව වෙත යන්න.
  2. ඔබට ගෙවීමට අවශ්‍ය කුමන රාජ්‍ය ආයතනයටද යන්න තෝරන්න.
  3. ඉන්පසු ගෙවීමට අදාළ යොමු අංකය, ගෙවන මුදල සහ අදාළ විස්තර ඇතුළත් කර “මුදල ගෙවන්න" button එක ඔබන්න.
  4. මීළඟට දිස්වන තිරයෙන්, ඔබ මුදල් ගෙවීමට කැමති ගෙවීම් ක්‍රමය තෝරා මුදල් ගෙවීම සිදුකරන්න.
  5. දැන් ඔබේ රජයේ ආයතනය සඳහා සිදුකළ ගෙවීම සම්පූර්ණ වී, ඒ පිළිබඳ ඔබට දැනුම්දීමක් ලැබෙනු ඇත.

ගෙවීමක් සිදුකළ පසු ඒ පිළිබඳ අදාළ රාජ්‍ය ආයතනය දැනුවත් වන්නේ කොහොමද?

  • රාජ්‍ය ගෙවීම් සේවාව ඔස්සේ ඔබ රජයේ ආයතනයකට ගෙවීමක් සිදුකළ පසු අදාළ ගෙවීම ශ්‍රී ලංකා රජයේ පියවීම් වේදිකාව (Settlement Platfrom එක) වන GovPay ඔස්සේ අදාළ රාජ්‍ය ආයතනයේ බැංකු ගිණුමට බැර වෙයි.
  • එමෙන්ම අදාළ රාජ්‍ය ආයතනයට GovPay මඟින් ලබාදී ඇති Web Portal එකක් හරහා එම ගෙවීම අදාළ රජයේ ආයතනයේ බලයලත් නිලධාරීන්ට දිස් වෙයි.
  • එම බලයලත් නිලධාරීන් විසින් GovPay Web Portal එක සහ ඔවුන්ගේ බැංකු ගිණුම සසඳා බලා (reconcile කර) තහවුරු කරගත් පසු, අදාළ ගෙවීම රාජ්‍ය ආයතනයට ලැබුණු බවට ඔබට GovPay වෙතින් SMS පණිවිඩයක් ලැබෙයි.

රාජ්‍ය ගෙවීම් සේවාව භාවිතයෙන් පොලිසියට දඩ ගෙවීමක් කරන්නේ කොහොමද?

  1. ඔබට යම් රථවාහන පොලිස් කණ්ඩායමක් මඟින් දඩ කොළයක් නිකුත් කළ පසු, ඊට අදාළ දඩ මුදල ගෙවීම දැන් හෙළකුරු හරහා සිදු කළ හැක.
  2. ඒ සඳහා ප්‍රථමයෙන් හෙළකුරු Superapp එක තුළ ඇති “රාජ්‍ය ගෙවීම්” සේවාව වෙත ගොස් එහි ඉහළ දකුණු කෙළවරේ ඇති "දඩ" අංශය ඔබන්න.
  3. ඉන්පසු ඔබට දඩය කොළය නිකුත් කළ පොලිස් ස්ථානය, වාහනයේ අංකය සහ ලබාදුන් දඩ කොළයේ අංකය ඇතුළත් කර දඩ කොළයේ සඳහන් වැරැද්ද හෝ වැරදි ඔබට දිස්වන වැරදි ලැයිස්තුවෙන් select කරන්න. එවිට ඔබ ගෙවිය යුතු දඩ මුදල ඉබේම ගණනය වනු ඇත.
  4. මීළඟට දිස්වන තිරයේ දඩ මුදල ගෙවන රියදුරුගේ විස්තර ඇතුළත් කර, ඔබට දඩ කොළය නිකුත් කළ පොලිස් කණ්ඩායමේ දුරකථන අංකයේ අවසන් ඉලක්කම් කිහිපය ඔවුන්ගෙන් අසා, තිරයේ දිස්වන අංක අතුරින් එය තෝරා “මුදල ගෙවන්න" button එක ඔබන්න.
  5. ඉන්පසු, ඔබ මුදල් ගෙවීමට කැමති ගෙවීම් ක්‍රමය තෝරා මුදල් ගෙවීම සිදුකරන්න.
  6. දැන් ඔබ සිදුකළ දඩ ගෙවීම සම්පූර්ණ වී, ඒ පිළිබඳ SMS පණිවිඩයක් ඔබට දඩ කොළය නිකුත් කළ පොලිස් කණ්ඩායමේ දුරකථන අංකයට GovPay වෙතින් යැවෙනු ඇත. එය ඔවුන්ට ලැබූ විගස ඔබට රියදුරු බලපත්‍රයද රැගෙන නික්ම යා හැක.

රජයේ ආයතන සඳහා මුදල් ගෙවිය හැකි ක්‍රම මොනවද?

  • දේශීය බැංකු ගිණුම් මඟින්
    • පරිශීලකයා හෙළPay වෙත සම්බන්ධ කර ඇති ඕනෑම පුද්ගලික බැංකු ගිණුමක් මඟින්.

රාජ්‍ය ගෙවීම් සේවාව හරහා රජයේ ආයතන සඳහා මුදල් ගෙවීමේදී ඒ සඳහා සේවා ගාස්තුවක් අය වෙනවද?

  • ඔව්. ඕනෑම ගෙවීමක් සඳහා රු.15ක සේවා ගාස්තුවක් අයවෙයි. (බැංකු ගාස්තු සහ LankaPay ගාස්තු ඇතුළත්ව)

රාජ්‍ය ගෙවීමක් සිදු කළ පසු එහි පහලින් දිස්වන Status වල තේරුම් මොනවද?

  • Recent Payments යටතේ, ඔබ ගෙවන ලද සෑම රාජ්‍ය ගෙවීමකටම අදාළව ඒවායේ තත්ත්වය දැක්වෙන Status එකක් දිස්වනු ඇති අතර ඒවායේ තේරුම් මෙසේයි.
    • Success: මුදල් ගෙවීම සාර්ථකයි.
    • Payment declined: ඔබේ බැංකු බැංකු ගිණුමෙන් මුදල් අයකරගත නොහැකි වී අත. මේ පිළිබඳ ඔබේ බැංකුවෙන් විමසන්න.
    • Failed & Refunded: යම් දෝෂයක් හේතුවෙන් රාජ්‍ය ගෙවීම අසාර්ථක වී ඇති අතර, ඔබෙන් අයකරගත් මුදල නැවත ඔබට refund කර ඇත.

යම් රාජ්‍ය ගෙවීමක් සම්බන්ධයෙන් පාරිභෝගික සහය ලබාගන්නේ කොහොමද?

  • ගෙවන ලද රාජ්‍ය ගෙවීමක් සම්බන්ධයෙන් යම් සහයක් ලබාගැනීමට අවශ්‍ය නම්, පහත පියවර අනුගමනය කරන්න.
    1. හෙළකුරු Superapp එක තුළ ඇති “රාජ්‍ය ගෙවීම්” සේවාව වෙත යන්න.
    2. Recent Payments යටතේ දිස්වන, ඔබට සහය ලබාගැනීමට අවශ්‍ය රාජ්‍ය ගෙවීම තෝරන්න.
    3. එවිට දිස්වන ගෙවීම් විස්තර සහිත පිටුවේ පහලින් ඇති "Contact Support" ඔබන්න.
    4. දැන් ඔබට ඔබේ ගැටළුව හෙළකුරු පරිශීලක සහය අංශයට ඉදිරිපත් කර, ඔවුන්ගෙන් අදාළ රාජ්‍ය ගෙවීම සම්බන්ධයෙන් සහය ලබාගත හැක.

බැංකු ගිණුම් මඟින් ගෙවීමේදී නැවත නැවත ගිණුම් තොරතුරු ඇතුළත් කළ යුතුද?

  • නැත. ඔබ බැංකු ගිණුම් තොරතුරු හෙළPay වෙත ඇතුළත් කර පළමුවරට ගෙවීමක් කළ පසු, ඊළඟ ගෙවීමේදී හෙළPay තෝරා, Fingerprint එක හෝ Face ID එක පමණක් ලබාදී authorize කිරීමෙන් ක්ෂණිකව ගෙවිය හැකියි.

එලෙස ගෙවීම කොපමණ ආරක්ෂිත ද?

  • පෙර ඇතුළත් කළ බැංකු ගිණුමකින් ගෙවිය හැක්කේ, ඔබේ Fingerprint එක හෝ Face ID එක ලබාදීමෙන් පසු පමණක් වන නිසා, ඔබ හැර වෙනත් කිසිම කෙනෙකුට ඒ හරහා ගෙවිය නොහැකියි.
  • පරිශීලක සත්‍යාපනය (User Authentication) සඳහා ඇති ආරක්ෂිතම ක්‍රමවේදයක් වන Biometric Authentication තාක්ෂණය මේ සඳහා භාවිතා වන නිසා, එය අන් කවර ආරක්ෂිත ක්‍රමවේදයකටත් වඩා වැඩි ආරක්ෂාවත් ඔබේ ගෙවීම් වෙත සපයයි.

රාජ්‍ය ගෙවීම් සේවාව හරහා මුදල් ගෙවීම සුරක්ෂිතද?


© මුද්‍රිත හෝ අන්තර්ජාල ලිපි සඳහා උපුටා ගන්නේ නම් මූලාශ්‍රය ලෙස https://facts.helakuru.lk සඳහන් කරන්න.



මීළඟ ලිපිය

ගෙවීම් සේවා : රීලෝඩ් - දුරකථන ගෙවීම්

Still need help? Get in touch!
Last updated on 16th Apr 2025