එසැණ - කාලීන තොරතුරු

එසැණ කියන්නේ මොකක්ද?

  • එසැණ යනු ජාතික හෝ ජාත්‍යන්තර වැදගත්කමක් ඇති කාලීන සිදුවීම් ගැන ඉතා ඉක්මණින් මහජනයා දැනුවත් කරමින් තොරතුරු ජනගත කරන ඩිජිටල් තොරතුරු සේවාවකි.

එසැණ මඟින් කාලීන තොරතුරු ගැන ක්ෂණිකව මහජනයා දැනුවත් කරන්නේ කොහොමද?

  • කාලීන සිදුවීමක් සිදුවූ වහාම, මහජනයා වෙත එම සිදුවීම පිළිබඳ තොරතුර තම ජංගම දුරකථනයට Notification ආකාරයෙන් ලැබීමට සැලැස්වීමෙන්.

එසැණ මඟින් විසඳුම් සපයන සමාජ ගැටළුව මොකක්ද?

  • කාලීන තොරතුරු ගැන මහජනයාට ක්ෂණිකව දැනුවත් වීමට හැකි ක්‍රමවේදයක් නොමැතිකම.

එම ගැටළුව හෙළකුරු මඟින් විසඳෙන්නේ කොහොමද?

  • කාලීන තොරතුරු ගැන මහජනයාට දැනුවත් වීමට ඇති විකල්ප ක්‍රමවේද ඔස්සේ දැනුවත් වීමට නම්, මහජනයා යම් ආයාසයක් දරා එම තොරතුරු දැනගැනීමේ ක්‍රමවේද පරිශීලනය කළ යුතුයි.
  • අද පවතින කාර්යබහුල වටපිටාව සමඟ එම ක්‍රමවේද පරිශීලනය කිරීමට මහජනයාට කාල වේලාව නොමැති වීම නිසා, බොහෝ දෙනාට කාලීන තොරතුරු මඟහැරෙයි.
  • එසැණ මඟින් කාලීන තොරතුරු ඍජුවම මහජනයාගේ ජංගම දුරකථනයට Notifications ලෙසින් යැවෙන නිසා, කිසිඳු ආයාසයකින් තොරව කාලීන තොරතුරු ගැන දැනුවත් වීමේ අවකාශය මහජනයා වෙත උදා වෙයි.

හෙළකුරු හරහා එසැණ වැනි තොරතුරු සේවාවක් සැපයීමේ අරමුණ මොකක්ද?

  • හෙළකුරේ පරම අරමුණ හෙවත් දැක්ම “ඩිජිටල් තාක්ෂණයන් හරහා මහජනයා සවිබලගැන්වීම” යි.
  • මේ වන විටත් මිලියන ගණනක් මහජනයා වෙත සමීප වී ඇති App එකක් ලෙසින්, ඩිජිටල් තාක්ෂණයන් යොදා ගනිමින් කාලීන තොරතුරු ගැන ක්ෂණිකව මහජනයා දැනුවත් කරවීම, හෙළකුරේ දැක්මට අනුකූල මහජන සවිබලගැනීමක් ලෙස හෙළකුරු සළකයි.
  • එසැණ වැනි කාලීන තොරතුරු සේවාවක් හෙළකුරු හරහා සැපයීමේ අරමුණ එයයි.

එසැණ තොරතුරු සේවාවේ දැක්ම මොකක්ද?

  • ශ්‍රී ලංකාව තුළ නිරවද්‍ය තොරතුරු ජනගතකරණයේ ප්‍රමුඛයා වෙමින්, මහජනයා තොරතුරු දැනගන්නා පළමු ක්‍රමවේදය බවට පත්වීම.

එසැණ අන් තොරතුරු සේවා වලට වඩා වෙනස් වන්නේ කොහොමද?

  • අන් තොරතුරු සේවා වලදී, පරිශීලකයා විසින් තොරතුරු සොයා යා යුතුයි.
  • නමුත් එසැණෙහිදී තොරතුරු පරිශීලකයා සොයා පැමිණෙයි. (Notifications ලෙසින්)
  • වැල්වටාරම් නොමැතිව කාලීන සිදුවිම් ගැන සරලව පේළි දෙක තුනකින් දැනුවත් විය හැකියි.
  • සිදුවීම පමණක් නොව ඒ පිළිබඳ සමාජ මතය ගැනද එසැණ ප්‍රතිචාර හරහා දැනුවත් විය හැකියි.

එසැණ සඳහා කාලීන තොරතුරු වාර්තා කරන්නේ කව්ද?

  • එසැණ සඳහාම තොරතුරු සපයන මාධ්‍යවේදීන් කණ්ඩායමක් විසින් තොරතුරු වාර්තා කරන අතර, එම තොරතුරු තහවුරු කරගෙන එසැණ හරහා පළ කිරීම සහ Notification ලෙසින් පරිශීලකයින්ට දැනුම් දීම හෙළකුරු කණ්ඩායම විසින් සිදුකරයි.

එසැණ තොරතුරු සේවාව සැලසෙන්නේ කුමන හෙළකුරු සංස්කරණ හරහාද?

එසැණ පළ කරන සෑම තොරතුරක් ගැනම පරිශීලකයාට Notifications එවනවද?

  • එසැණ හරහා පරිශීලකයාට Notifications ලැබෙන්නේ කුමන තොරතුරු ගැනද යන්න පරිශීලකයාට පාලනය කළ හැක.

  • පහත සඳහන් ආකාර 3 යටතේ එසැණ Notifications ලබාගැනීමට පරිශීලකයාට හැකියාව ලැබේ.

    • සියලු තොරතුරු සඳහා Notifications ලබාගැනීමට
    • අතිශය වැදගත් තොරතුරු සඳහා පමණක් Notification ලබාගැනීමට
    • කිසිඳු තොරතුරක් සඳහා Notifications ලබා නොගැනීමට
  • පරිශීලකයා කැමති Notifications ලබාගැනීමේ ආකාරය හෙළකුරු හි එසැණ තුළ, ඉහළ දකුණු කෙළවරේ ඇති Bell අයිකනය එබීමෙන් තේරිය හැක.

එසැණ මඟින් වාර්තා කරන තොරතුරු සඳහා ප්‍රතිචාර එක් කරන්නේ කොහොමද?

  • එසැණ මඟින් කාලීන තොරතුරු ජනගත කිරීමට අමතරව, එසේ ජනගත කරන තොරතුරු සඳහා මහජන මතයන් ප්‍රකාශ කිරීම සඳහා ද සමාජ වේදිකාවක් සැපයෙයි. එම නිසා කාලීන තොරතුරු දැනගැනීමට අමතරව, ඒවා ගැන සමාජ මතය දැනගැනීමට ද පරිශීලකයින්ට හැකියාව ලැබේ.
  • එම සමාජ වේදිකාව පිළිබඳ වැඩිදුර විස්තර දැනගැනීමට එසැණ ප්‍රතිචාර - කාලීන මතවාද වේදිකාව යන ලිපිය කියවන්න.

© මුද්‍රිත හෝ අන්තර්ජාල ලිපි සඳහා උපුටා ගන්නේ නම් මූලාශ්‍රය ලෙස https://facts.helakuru.lk සඳහන් කරන්න.



මීළඟ ලිපිය

තොරතුරු සේවා: කොරෝනා තතු - සෞඛ්‍ය තොරතුරු

Still need help? Get in touch!
Last updated on 16th Apr 2022