හෙළකුරු යනු

හෙළකුරු කියන්නේ මොකක්ද?

  • හෙළකුරු යනු ශ්‍රී ලාංකිකයින් හට එදිනෙදා ජීවිතයේදී අවශ්‍ය වන නොයෙක් ආකාරයේ ඩිජිටල් මෙවලම් සහ සේවාවන් එකම මෘදුකාංගයක් හරහා ලබාදෙන Super App එකකි.

හෙළකුරු දේශීය නිෂ්පාදනයක්ද?

  • ඔව්. හෙළකුරු මුළුමනින්ම ශ්‍රී ලාංකීය මෘදුකාංග ඉංජිනේරුවන් හා ඩිජිටල් නිර්මාණ ශිල්පීන් අතින් නිමැවූ 100% ක් දේශීය නිෂ්පාදනයකි.
  • හෙළකුරේ පූර්ණ අයිතිය ශ්‍රී ලාංකීය මෘදුකාංග සමාගමක් වන භාෂා ලංකා පුද්ගලික සමාගම සතුයි.

හෙළකුරේ දැක්ම මොකක්ද?

  • “ඩිජිටල් තාක්ෂණයන් හරහා මහජනයා සවිබල ගැන්වීම” හෙළකුරේ පරම අරමුණ හෙවත් දැක්මයි.

හෙළකුරු කෙතරම් පිරිසකට සේවාව සලසනවද?

  • මේ වන විට මිලියන 10 කට වැඩි පරිශීලකයින් පිරිසක් හෙළකුරු නිෂ්පාදනයන් Download කරගෙන ඇති අතර මිලියන 4.5 කට ආසන්න පිරිසක් හෙළකුරු සක්‍රියව භාවිතා කරයි.

හෙළකුරු හරහා ජනතාවට සැපයෙන ඩිජිටල් සේවාවන් හා මෙවලම් මොනවද?

  • සිංහල යතුරුපුවරු (Keyboards)

  • තොරතුරු සේවා (Information Services)

    • ජංගම දුරකථන හරහා ඉතා ඉක්මණින් මහජනතාවට තොරතුරු සැපයීමේ හැකියාව යොදාගනිමින් හඳුන්වා දුන් තොරතුරු සේවා රැසක් හෙළකුරෙන් පිරිනැමෙයි.
  • ගෙවීම් සේවා (Payment Services)

    • ජංගම දුරකථනය මුදල් ගෙවීමේ මෙවලමක් ලෙසින් යොදා ගැනීමේ හැකියාව යොදාගනිමින් හඳුන්වාදුන් ගෙවීම් සේවා රැසක් හෙළකුරෙන් පිරිනැමෙයි.
      • හෙළPay - දේශීය ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදයකි
      • රීලෝඩ් - ජංගම දුරකථන රීලෝඩ් කිරීමේ සේවාවකි
      • බිල් ගෙවීම් - ජල, විදුලි සහ වෙනත් බිල්පත් ගෙවීමේ සේවාවකි
      • වෛද්‍ය හමු - වෛද්‍යවරුන් වෙන්කරවා ගැනීමේ සේවාවකි
  • සමාජ වේදිකා (Social Platforms)

    • මේ වන විට ශ්‍රී ලංකාවේ වැඩිම පරිශීලක පිරිසක් හිමි ඩිජිටල් වේදිකාව ලෙසින්, ඔවුන් සැම එකිනෙකා යා කරන, දේශීය අනන්‍යතාවය සහිත අපේම සමාජ වේදිකාවන් හෙළකුරෙන් පිරිනැමෙයි.
      • සිතළු - නිර්මාණාත්මක හෙළ සමාජ වේදිකාවකි.
      • එසැණ ප්‍රතිචාර - කාලීන සිදුවීම් ගැන මතවාද පළ කෙරෙන වේදිකාවකි.
      • හෙළAds - ලුහුඬු දැන්වීම් පළ කෙරෙන වේදිකාවකි.

හෙළකුරු සේවාවන් සහ මෙවලම් සැපයෙන හෙළකුරු සංස්කරණ මොනවද?

හෙළකුරු සඳහා හිමි වී ඇති ජාතික හෝ ජාත්‍යන්තර සම්මාන මොනවද?

  • හෙළකුරු නිෂ්පාදනය මේ වන විට, ජාත්‍යන්තර තොරතුරු තාක්ෂණය සම්මානයක් සහ ජාතික සම්මාන 5ක් හිමි කරගෙන ඇත.

හෙළකුරු Play Store හා App Store ranking අනුව ඇත්තේ කී වෙනි තැනද?

  • ශ්‍රී ලංකාව තුළ Google Play Store හා Apple App Store දෙකෙහිම “Lifestyle” කාණ්ඩයේ 1 වන ස්ථානය මේ වන විට හිමි කරගෙන ඇත්තේ හෙළකුරු විසිනි.


හෙළකුරු ශ්‍රී ලංකාවේ මහජන සමීක්ෂණ අනුව කොතරම් ජනප්‍රිය සන්නාමයක්ද?

  • කැලණිය විශ්ව විද්‍යාලය සහ APIDM ආයතනය ඒකාබද්ධව 2022 වර්ශයේදී පැවැත්වූ මහජන සමීක්ෂණයකට අනුව, හෙළකුරු ශ්‍රී ලංකාව තුළ දේශීයව නිපදවූ ජනප්‍රියතම Mobile App එක බව හෙළි වී ඇත. - මූලාශ්‍රය

© මුද්‍රිත හෝ අන්තර්ජාල ලිපි සඳහා උපුටා ගන්නේ නම් මූලාශ්‍රය ලෙස https://facts.helakuru.lk සඳහන් කරන්න.



මීළඟ ලිපිය:

හෙළකුරු ගැන : හෙළකුරේ ඉතිහාසය

හෙළකුරු යනු - හෙළකුරු FACTS Knowledge Base
Still need help? Get in touch!
Last updated on 16th Apr 2022