නිවේදන - රාජ්‍ය තොරතුරු

නිවේදන කියන්නේ මොකක්ද?

  • නිවේදන යනු මහජනයා වෙත රජය මඟින් නිකුත් කරන නිල නිවේදන ගැන ඉතා ඉක්මණින් මහජනයා දැනුවත් කරමින් තොරතුරු ජනගත කරන ඩිජිටල් තොරතුරු සේවාවකි.

නිවේදන මඟින් රාජ්‍ය තොරතුරු ගැන මහජනයා දැනුවත් කරන්නේ කොහොමද?

  • රජය මඟින් නිවේදනයක් නිකුත් වූ වහාම, මහජනයා වෙත එම නිවේදනය පිළිබඳ තොරතුර තම ජංගම දුරකථනයට Notification ආකාරයෙන් ලැබීමට සැලැස්වීමෙන්.

හෙළකුරු හරහා නිවේදන වැනි තොරතුරු සේවාවක් සැපයීමේ අරමුණ මොකක්ද?

  • හෙළකුරේ පරම අරමුණ හෙවත් දැක්ම “ඩිජිටල් තාක්ෂණයන් හරහා මහජනයා සවිබලගැන්වීම” යි.
  • කොරෝනා වසංගතය වැනි හදිසි අවස්ථාවන් හමුවේ, මිලියන ගණනක් ශ්‍රී ලාංකිකයින් වෙත සමීප වී ඇති App එකක් ලෙසින්, ඇඳිරි නීති වැනි තත්ත්වයන් පිළිබඳ රජය නිකුත් කරන නිල නිවේදන ගැන ඩිජිටල් තාක්ෂණයන් යොදා ගනිමින් ඉතා ඉක්මණින් මහජනයා දැනුවත් කිරීම, හෙළකුරේ දැක්මට අනුකූල මහජන සවිබලගැනීමක් ලෙස හෙළකුරු සලකයි.
  • නිවේදන වැනි රාජ්‍ය තොරතුරු සේවාවක් හෙළකුරු හරහා හඳුන්වාදීමේ අරමුණ එයයි.

නිවේදන සඳහා තොරතුරු සැපයෙන්නේ කොහෙන්ද?

නිවේදන තොරතුරු සේවාව සැපයෙන්නේ කුමන හෙළකුරු සංස්කරණ හරහාද?


© මුද්‍රිත හෝ අන්තර්ජාල ලිපි සඳහා උපුටා ගන්නේ නම් මූලාශ්‍රය ලෙස https://facts.helakuru.lk සඳහන් කරන්න.



මීළඟ ලිපිය

තොරතුරු සේවා: විස්ම - තාක්ෂණික තොරතුරු

Still need help? Get in touch!
Last updated on 16th Apr 2022