හෙළකුරු Online යතුරුපුවරුව

හෙළකුරු Online යතුරුපුවරුව කියන්නේ මොකක්ද?

  • පරිගණක තුළ Install කිරීමකින් තොරව, වෙබ් අඩවියකට පිවිසීම මඟින් පහසුවෙන් සිංහල යතුරු කළ හැකි Online මෙවලමකි.
    • සිංහල Unicode මඟින් ලියන සිංහල අකුරු මෙම මෙවලම (Tool) මඟින් FMAbhaya වැනි සිංහල Legacy Fonts වලට convert කරගැනීමට ද පහසුකම් සැලසේ.

හෙළකුරු Online යතුරුපුවරුව භාවිතා කරන්නේ කොහොමද?

  • https://www.helakuru.lk/keyboard යන වෙබ් පිටුවට පිවිසීමෙන් හෙළකුරු Online යතුරුපුවරුව භාවිතා කළ හැකියි.

හෙළකුරු Online යතුරුපුවරුව මඟින් පිරිනැමෙන පහසුකම් මොනවද?

හෙළකුරු Online යතුරුපුවරුව සඳහා සේවා ගාස්තුවක් අය වෙනවද?

  • නැහැ. හෙළකුරු Online යතුරුපුවරුව සම්පූර්ණයෙන් නොමිලේ පිරිනැමෙන සේවාවකි.

හෙළකුරු Online යතුරුපුවරුව භාවිතා කළ හැක්කේ පරිගණක මඟින් පමණයි ද?

  • ඔව්. හෙළකුරු Online යතුරුපුවරුව නිර්මාණය කර ඇත්තේ පරිගණක ඔස්සේ භාවිතය සඳහා පමණයි.

හෙළකුරු Online යතුරුපුවරුව පරිශීලකයාට දිස්වන්නේ කොහොමද?

  • https://www.helakuru.lk/keyboard යන වෙබ් අඩවියට පිවිසි විට හෙළකුරු Online යතුරුපුවරුව පහත පරිදි පරිශීලකයාට දිස් වෙයි.

එහි යතුරුකිරීමේ ක්‍රමය ශබ්දානුකූල හෝ විජේසේකර ලෙස සකස් කරගන්නේ කොහොමද?

  • යතුරුකිරීමේ කොටුවට ඉහලින් වම් පස ඇති තේරීම “සිංහල Phonetic” හෝ “සිංහල Wijesekara” ලෙස තෝරන්න.

හෙළකුරු Online යතුරුපුවරුවෙන් ශබ්දානුකූල ක්‍රමයට සිංහල යතුරු කරන්නේ කොහොමද?

  • යතුරුපුවරුව “සිංහල Phonetic‍‍” ලෙස සකසා පරිගණකයේ යතුරුපුවරුවේ යතුරු එබීමෙන් ශබ්දානුකූල ක්‍රමයට සිංහල යතුරු කළ හැකියි.

හෙළකුරු Online යතුරුපුවරුවෙන් විජේසේකර ක්‍රමයට සිංහල යතුරුකරන්නේ කොහොමද?

  • යතුරුපුවරුව “සිංහල Wijesekara” ලෙස සකසා පරිගණකයේ යතුරුපුවරුවේ යතුරු එබීමෙන් විජේසේකර ක්‍රමයට සිංහල යතුරු කළ හැකියි.

හෙළකුරු Online යතුරුපුවරුවෙන් Voice Typing හරහා සිංහල යතුරු කරන්නේ කොහොමද?

  • Google Chrome වෙබ් බ්‍රව්සරයෙන් https://www.helakuru.lk/keyboard වෙබ් පිටුවට පිවිස, එහි යතුරුකිරීමේ කොටුවට ඉහලින් දකුණු පස ඇති Mic අයිකනය click කර, යතුරු කිරීමට අවශ්‍ය දෑ පරිගණකයට ඇසෙන පරිදි පැවසීමෙන් Voice Typing හරහා සිංහල යතුරු කළ හැකියි.

හෙළකුරු Online යතුරුපුවරුව හරහා Voice Typing පහසුකම සැලසෙන්නේ Google Chrome බ්‍රව්සරයෙන් පිවිසුනොත් පමණයිද?

  • ඔව්. Voice Typing පහසුකම සැලසෙන්නේ Google Voice Recognition සේවාවන් හරහා නිසා, ඒ සඳහා Google Chrome වෙබ් බ්‍රව්සරය ඔස්සේ පිවිසීම අත්‍යවශ්‍ය වෙයි.

හෙළකුරු Online යතුරුපුවරුව මඟින් සිංහල Unicode අකුරු සිංහල Legacy අකුරු බවට Convert කර භාවිතා කරන්නේ කොහොමද?

  1. Convert කරගැනීමට අවශ්‍ය දෑ යතුරුකිරීමේ කොටුවේ යතුරු කරන්න, නැතහොත් වෙනත් තැනකින් copy කර paste කරගන්න.
  2. ඉන්පසු යතුරුකිරීමේ කොටුවට පහළින් දකුණු පස ඇති “Convert” button එක click කරන්න.
  3. එවිට එය සිංහල Legacy අකුරු බවට පත්වනු ඇත.
  4. එය copy කරගැනීමට “Copy Text” button එක click කරන්න. එවිට එය ඔබේ clipboard එකට copy වනු ඇත.
  5. ඉන්පසු Photoshop, Illustrator වැනි ඔබට අවශ්‍ය මෘදුකාංගයට ගොස් එය paste කර, එහි font එක සඳහා FMAbhaya වැනි Legacy font එකක් යොදාගන්න.

හෙළකුරු Online යතුරුපුවරුව හරහා සිංහල Unicode fonts download කරගන්නේ කොහොමද?

  • යතුරුකිරීමේ කොටුවට ඉහලින් දකුණු පස ඇති “Select Unicode Font” යන්න click කිරීමෙන් ඔබට අවශ්‍ය Unicode font එක තෝරා ගත හැකියි.
  • එවිට ඔබ තෝරන ලද font එකෙන් ඔබ යතුරු කළ දෑ දිස්වනු ඇති අතර font එකේ නමට පසුව ඇති Download අයිකනය click කිරිමෙන් එම Unicode font එක download කරගත හැකියි.

හෙළකුරු Online යතුරුපුවරුව හරහා සිංහල Legacy fonts download කරගන්නේ කොහොමද?

  • යතුරුකිරීමේ කොටුවට පහලින් දකුණු පස ඇති “Convert” button එක click කර ඔබ යතුරු කළ දෑ Legacy අකුරු වලට convert කරගැනීමෙන් පසු, යතුරුකිරීමේ කොටුවට ඉහලින් දකුණු පස ඇති “Select Legacy Font” යන්න click කිරීමෙන් ඔබට අවශ්‍ය Legacy font එක තෝරා ගත හැකියි.
  • එවිට ඔබ තෝරන ලද font එකෙන් ඔබ යතුරු කළ දෑ දිස්වනු ඇති අතර font එකේ නමට පසුව ඇති Download අයිකනය click කිරිමෙන් එම Legacy font එක download කරගත හැකියි.

හෙළකුරු Online යතුරුපුවරුව Offline භාවිතා කළ හැකිද?

  • ශබ්දානුකූල සහ විජේසේකර ක්‍රම වලින් සිංහල යතුරුකිරීමේ පහසුකම් සහ Unicode අකුරු Legacy අකුරු බවට convert කරගැනීමේ පහසුකම අන්තර්ජාල සම්බන්ධතාවය නොමැතිව වුවත් භාවිතා කළ හැකියි. ඒ සඳහා ඔබ අන්තර්ජාල සම්බන්ධතාවය ඇති විටකදී https://www.helakuru.lk/keyboard වෙබ් පිටුව බ්‍රව්සරයට load කරගෙන සිටිය යුතුයි.
  • Voice Typing පහසුකම සහ Unicode හා Legacy fonts download කරගැනීමේ පහසුකම් භාවිතා කිරීම සඳහා නම් අන්තර්ජාල සම්බන්ධතාවයක් අනිවාර්යෙන් තිබිය යුතුයි.

© මුද්‍රිත හෝ අන්තර්ජාල ලිපි සඳහා උපුටා ගන්නේ නම් මූලාශ්‍රය ලෙස https://facts.helakuru.lk සඳහන් කරන්න.



මීළඟ ලිපිය:

හෙළකුරෙන් සිංහල රචනය : ශබ්දානුකූල ක්‍රමයෙන් රචනය

Still need help? Get in touch!
Last updated on 16th Apr 2022