සිතළු - හෙළ නිර්මාණ වේදිකාව

සිතළු කියන්නේ මොකක්ද?

  • සිතළු යනු ශ්‍රී ලාංකිකයින්ට පමණක් ආවේණික නිර්මාණාත්මක සහ සාහිත්‍යමය සිංහල රචනයන් පළ කිරීම සඳහාත්, එම රචනයන් කියවීම සඳහාත් ඉඩ සලසන ඩිජිටල් සමාජ වේදිකාවකි.

සිතළු සමාජ වේදිකාවක් ලෙස හඳුන්වන්නේ ඇයි?

  • ඩිජිටල් අවකාශයේ සමාජ වේදිකා (Social Platforms) ලෙස හඳුන්වන්නේ සමාජයේ සිටින නොයෙක් වර්ගයේ පරිශීලකයින් එකිනෙකා හා තොරතුරු හුවමාරු කරගැනීම සඳහා භාවිතා කරන මෘදුකාංගමය ස්ථානයන් ය.
  • සිංහල භාෂාවෙන් නිර්මාණාත්මක රචනයන් ලිවිය හැකි රචකයන් තම නිර්මාණ පළ කිරීම සඳහා සහ නිර්මාණාත්මක රචනයන් කෙරෙහි උනන්දුවක් දක්වන පාඨකයන් එම නිර්මාණ රසවිඳ ඊට ප්‍රතිචාර එක් කිරීම සඳහා සිතළු යොදාගන්නා හෙයින් එය ඩිජිටල් සමාජ වේදිකාවක් ලෙස හඳුන්වයි.

සිතළු සමාජ වේදිකාව තනා ඇත්තේ කා සඳහාද?

  • සිංහල භාෂාවෙන් නිසඳැස්, කවි, කතා වැනි නිර්මාණාත්මක රචනයන් ලිවිය හැකි රචකයන්ට
  • සිංහල භාෂාවෙන් ලියැවුනු එවැනි නිර්මාණාත්මක රචනයන් කියවීමට උනන්දුවක් දක්වන පාඨකයන්ට

හෙළකුරු හරහා සිතළු වැනි සමාජ වේදිකාවක් සැපයීමේ අරමුණ මොකක්ද?

  • හෙළකුරේ පරම අරමුණ හෙවත් දැක්ම “ඩිජිටල් තාක්ෂණයන් හරහා මහජනයා සවිබලගැන්වීම” යි.
  • මිලියන ගණනක් ශ්‍රී ලාංකිකයින් වෙත සමීප වී ඇති App එකක් ලෙසින්, සිංහල භාෂාවටම අනන්‍ය හෙළ සාහිත්‍යය සඳහා ඩිජිටල් අවකාශයේ තැනක් හදමින්, කවීත්වයට ප්‍රිය කරන ශ්‍රී ලාංකික රචකයින් හා පාඨකයින් යා කිරීම, හෙළකුරේ දැක්මට අනුකූල මහජන සවිබලගැනීමක් ලෙස හෙළකුරු සලකයි.
  • සිතළු වැනි ඩිජිටල් සමාජ වේදිකාවක් හෙළකුරු හරහා හඳුන්වාදීමේ අරමුණ එයයි.

සිතළු සමාජ වේදිකාව සැපයෙන්නේ කුමන හෙළකුරු සංස්කරණ හරහාද?

සිතළු හි ඇතුළත් ‘නිමිති’ යනු මොනවද?

  • නිර්මාණාත්මක රචනයන් ලිවීම සඳහා නිමිති සපයන, දෛනිකව සිතළු වෙතින් ලබාදෙන සේයාරූ, සිතළු තුළ ‘නිමිති’ ලෙස හැඳින්වේ.

සිතළු හි ඇතුළත් ‘සිතළු' යනු මොනවද?

  • සිතළු සමාජ වේදිකාව තුළ රචකයන් ලියනු ලබන නිසදැස්, කවි, කතා වැනි නිර්මාණාත්මක සිංහල රචනයන් හඳුන්වන්නේ ‘සිතළු' ලෙසයි.

සිතළු හි ඇතුළත් ‘අදහස් දැක්වීම්’ යනු මොනවද?

  • සිතළු සමාජ වේදිකාව තුළ රචකයන් ලියනු ලබන සිතළු සඳහා පාඨකයන් විසින් එක් කරනු ලබන ප්‍රතිචාරයන් හඳුන්වන්නේ ‘අදහස් දැක්වීම්’ ලෙසයි.

සිතළු හි ඇතුළත් ‘විත්ති’ යනු මොනවද?

  • තමන් විසින් රචිත සිතළු සඳහා පාඨකයන් විසින් එක් කරන අදහස් දැක්වීම්, Reactions පිළිබඳ රචකයා දැනුවත් කර එවනු ලබන දැනුම්දීම් හඳුන්වන්නේ ‘විත්ති’ ලෙසයි.

සිතළු හි ඕනෑම ආකාරයක නිර්මාණාත්මක රචනයක් පළ කළ හැකිද?

  • සිතළු හි පළ කරන නිර්මාණයන් දෙආකාරයකින් පළ කළ හැකියි.
    • නිමිත්තට සිතළු
      • නිමිත්තට සිතළු යනු සිතළු වෙතින් දෛනිකව ලබාදෙන සේයාරූ නිමිති සඳහා ලියනු ලබන නිර්මාණාත්මක රචනයන් වේ. එම දෛනික සේයාරුවට ඕනෑම ආකාරයක අර්ථකථනයක් දෙමින් නිමිත්තට සිතළු රචනා කළ හැකියි.
    • නිදහස් සිතළු
      • නිදහස් සිතළු යනු, නිමිත්තක් නොමැතිව නිදහසේ ඕනෑම දෙයක් පිළිබඳ නිර්මාණාත්මකව ලියනු ලබන රචනයන් වේ. නිදහස් සිතළු ලිවීමේදී එයට නිමිති වූ සේයාරුවක් ඇත්නම්, සේයාරුවද නිදහස් සිතළුව සමඟ පළ කළ හැකියි.

යම් රචකයෙක් එක් කර ඇති සිතළුවකට ප්‍රතිචාර එක් කරන්නේ කොහොමද?

  • ප්‍රතිචාරයන් දෙආකාරයකින් එක් කළ හැකියි.
    • Reactions
      • සිතළුව පහළ දකුණු කෙළවරේ ඇති Heart අයිකනය එබීමෙන්.
    • අදහස් දැක්වීම්
      • සිතළු එබීමෙන් පසු දිස්වන තිරයේ, අදහස් දැක්වීමක් ලියා පළ කිරීමෙන්.

යම් රචකයෙක් සිතළුවක් ලියූ සැණින් දැනුවත් වන්නේ කොහොමද?

  • මේ සඳහා සිතළු රචකයින්ව Follow කිරීමේ පහසුකමක් සිතළු වෙතින් සපයයි.
  • ඔබ කැමති රචකයාගේ Profile Picture ඡායාරූපය ඔබා, රචකයාගේ Profile එකේ ඇති “Follow” button එක එබීමෙන් ඔබට එම රචකයාගේ සිතළු ඔබේ සිතළු Timeline එකට ලබාගත හැක.
  • ඊට අමතරව රචකයාගේ Profile එකේ “Follow” button එකට එහායින් ඇති Bell අයිකනය එබීමෙන්, එම රචකයා සිතළුවක් ලියූ සැණින් ඒ පිළිබඳ Notification එක ඔබේ දුරකථනයට ලබා ගත හැකියි.

යම් නොමනා සිතළුවක් සිතළු වෙතින් ඉවත් කරන්න පාඨකයින්ට පුළුවන්ද?

  • මේ සඳහා ඔබට සිතළු Report කිරීමේ පහසුකම භාවිතා කළ හැකියි.
  • ඒ සඳහා අදාළ සිතළු දීර්ඝව ඔබන්න (Long tap කරන්න). එවිට දිස්වන මෙනුවෙන් “Report කරන්න" යන්න තෝරන්න.
  • පාඨකයින් කීප දෙනෙකු විසින් මෙසේ එකම සිතළුවක් Report කළ විට, එය ඉබේම සිතළු වෙතින් ඉවත් වී යයි.

සිතළු සඳහා පරිශීලකයින් ලබා දෙන දත්ත සුරක්ෂිත ද?


© මුද්‍රිත හෝ අන්තර්ජාල ලිපි සඳහා උපුටා ගන්නේ නම් මූලාශ්‍රය ලෙස https://facts.helakuru.lk සඳහන් කරන්න.



මීළඟ ලිපිය

සමාජ වේදිකා : එසැණ ප්‍රතිචාර - කාලීන මතවාද වේදිකාව

Still need help? Get in touch!
Last updated on 16th Apr 2022