බිල් ගෙවීම් - ගෙදරදොර බිල්පත් ගෙවීම්

බිල් ගෙවීම් කියන්නේ මොකක්ද?

  • බිල් ගෙවීම් යනු ශ්‍රී ලාංකීය මහජනයාට එදිනෙදා ගෙදරදොර ජල විදුලි බිල්පත්, පසුගෙවුම් දුරකථන බිල්පත්, Broadband සහ TV බිල්පත් සඳහා පහසුවෙන් සහ ඉක්මණින් ආරක්ෂිතව මුදල් ගෙවිය හැකි ඩිජිටල් ගෙවීම් සේවාවකි.

හෙළකුරු හරහා බිල් ගෙවීම් වැනි ගෙවීම් සේවාවක් සැපයීමේ අරමුණ මොකක්ද?

  • හෙළකුරේ පරම අරමුණ හෙවත් දැක්ම “ඩිජිටල් තාක්ෂණයන් හරහා මහජනයා සවිබලගැන්වීම” යි.
  • මිලියන ගණනක් මහජනයා වෙත සමීප වී ඇති App එකක් ලෙසින්, ඩිජිටල් තාක්ෂණයන් යොදා ගනිමින් ඉක්මණින් සහ පහසුවෙන් ශ්‍රී ලාංකීය මහජනයාට තම ගෙදර දොර බිල්පත් ගෙවීම සඳහා පහසුකම් සැලසීම, හෙළකුරේ දැක්මට අනුකූල මහජන සවිබලගැනීමක් ලෙස හෙළකුරු සළකයි.
  • බිල් ගෙවීම් වැනි ගෙදරදොර බිල්පත් ගෙවීම් සේවාවක් හෙළකුරු හරහා සැපයීමේ අරමුණ එයයි.

බිල් ගෙවීම් සේවාව සැපයෙන්නේ කුමන හෙළකුරු සංස්කරණ හරහාද?

බිල් ගෙවීම් සේවාව භාවිතා කරන්නේ කොහොමද?

  1. හෙළකුරු App එක තුළ ඇති “බිල් ගෙවීම්” සේවාව වෙත යන්න.
  2. ඔබට ගෙවීමට අවශ්‍ය කුමන බිල්පත ද යන්න තෝරන්න.
  3. ඉන්පසු ගෙවීමට අවශ්‍ය බිල්පතේ ගිණුම් අංකය සහ ගෙවන මුදල ඇතුළත් කර “බිල ගෙවන්න" button එක ඔබන්න.
  4. මීළඟට දිස්වන තිරයෙන්, ඔබ මුදල් ගෙවීමට කැමති ගෙවීම් ක්‍රමය තෝරා මුදල් ගෙවීම සිදුකරන්න.
  5. දැන් ඔබේ බිල්පත ගෙවීම සම්පූර්ණ වී, ඒ පිළිබඳ ඔබට දැනුම්දීමක් ලැබෙනු ඇත.

බිල්පත් සඳහා මුදල් ගෙවිය හැකි ක්‍රම මොනවද?

  • දේශීය බැංකු ගිණුම් මඟින්
    • පරිශීලකයා හෙළPay වෙත සම්බන්ධ කර ඇති ඕනෑම පුද්ගලික බැංකු ගිණුමක් මඟින්.
  • බැංකු කාඩ්පත් මඟින් (Biometric නොමැති දුරකථන වල පමණි)
    • ඕනෑම දේශීය බැංකුවක Debit කාඩ්පත් (ATM කාඩ්පත්) හෝ Credit කාඩ්පත් මඟින්.

බිල් ගෙවීම් සේවාව හරහා බිල්පත් ගෙවීමේදී ඒ සඳහා සේවා ගාස්තුවක් අය වෙනවද?

  • ඔව්. ඔබ ගෙවනා බිල්පතේ මුදලට අදාළව පහත සඳහන් පරිදි ඉතා සුළු සේවා ගාස්තුවක් අයවෙයි.
    • රු.2,000 ට අඩු බිල් ගෙවීම් සඳහා - සේවා ගාස්තුව රු.10 යි
    • රු.2,000 ට වැඩි බිල් ගෙවීම් සඳහා - සේවා ගාස්තුව රු.30 යි

බිල් ගෙවීමක් සිදු කළ පසු එහි පහලින් දිස්වන Status වල තේරුම් මොනවද?

  • Recent Bill Payments යටතේ, ඔබ ගෙවන ලද සෑම බිලකටම අදාළව ඒවායේ තත්ත්වය දැක්වෙන Status එකක් දිස්වනු ඇති අතර ඒවායේ තේරුම් මෙසේයි.
    • Success: බිලපත් ගෙවීම සාර්ථකයි.
    • Payment declined: ඔබේ බැංකු කාඩ්පතෙන් මුදල් අයකරගත නොහැකි වී අත. මේ පිළිබඳ ඔබේ බැංකුවෙන් විමසන්න.
    • Failed & Refunded: යම් දෝෂයක් හේතුවෙන් බිල් ගෙවීම අසාර්ථක වී ඇති අතර, ඔබෙන් අයකරගත් මුදල නැවත ඔබට refund කර ඇත.

යම් බිල් ගෙවීමක් සම්බන්ධයෙන් පාරිභෝගික සහය ලබාගන්නේ කොහොමද?

  • ගෙවන ලද බිලක් සම්බන්ධයෙන් යම් සහයක් ලබාගැනීමට අවශ්‍ය නම්, පහත පියවර අනුගමනය කරන්න.
    1. හෙළකුරු App එක තුළ ඇති “බිල් ගෙවීම්” සේවාව වෙත යන්න.
    2. Recent Bill Payments යටතේ දිස්වන, ඔබට සහය ලබාගැනීමට අවශ්‍ය බිල්පත් ගෙවීම තෝරන්න.
    3. ඒවිට දිස්වන බිල් ගෙවීම් විස්තර සහිත පිටුවේ පහලින් ඇති "Contact Support" ඔබන්න.
    4. දැන් ඔබට ඔබේ ගැටළුව හෙළකුරු පරිශීලක සහය අංශයට ඉදිරිපත් කර, ඔවුන්ගෙන් අදාළ බිල්ගෙවීම සම්බන්ධයෙන් සහය ලබාගත හැක.

බැංකු ගිණුම් මඟින් ගෙවීමේදී නැවත නැවත ගිණුම් තොරතුරු ඇතුළත් කළ යුතුද?

  • නැත. ඔබ බැංකු ගිණුම් තොරතුරු හෙළPay වෙත ඇතුළත් කර පළමුවරට ගෙවීමක් කළ පසු, ඊළඟ ගෙවීමේදී හෙළPay තෝරා, Fingerprint එක හෝ Face ID එක පමණක් ලබාදීමෙන් ක්ෂණිකව ගෙවිය හැකියි.

එලෙස ගෙවීම කොපමණ ආරක්ෂිත ද?

  • පෙර ඇතුළත් කළ බැංකු ගිණුමකින් ගෙවිය හැක්කේ, ඔබේ Fingerprint එක හෝ Face ID එක ලබාදීමෙන් පසු පමණක් වන නිසා, ඔබ හැර වෙනත් කිසිම කෙනෙකුට ඒ හරහා ගෙවිය නොහැකියි.
  • පරිශීලක සත්‍යාපනය (User Authentication) සඳහා ඇති ආරක්ෂිතම ක්‍රමවේදයක් වන Biometric Authentication තාක්ෂණය මේ සඳහා භාවිතා වන නිසා, එය අන් කවර ආරක්ෂිත ක්‍රමවේදයකටත් වඩා වැඩි ආරක්ෂාවත් ඔබේ ගෙවීම් වෙත සපයයි.

බිල් ගෙවීම් සේවාව හරහා මුදල් ගෙවීම සුරක්ෂිතද?


© මුද්‍රිත හෝ අන්තර්ජාල ලිපි සඳහා උපුටා ගන්නේ නම් මූලාශ්‍රය ලෙස https://facts.helakuru.lk සඳහන් කරන්න.



මීළඟ ලිපිය

ගෙවීම් සේවා : රීලෝඩ් - දුරකථන ගෙවීම්

Still need help? Get in touch!
Last updated on 16th Apr 2022