වෛද්‍ය හමු - වෛද්‍යවරු වෙන්කරවා ගැනීම්

වෛද්‍ය හමු කියන්නේ මොකක්ද?

  • වෛද්‍ය හමු යනු ශ්‍රී ලාංකීය මහජනයාට තම සෞඛ්‍ය අවශ්‍යතා සඳහා ඕනෑම වෛද්‍යවරයෙක් වෙන් කරවා ගැනීම සඳහා සහ ඒ සඳහා පහසුවෙන් සහ ඉක්මණින් ආරක්ෂිතව මුදල් ගෙවිය හැකි ඩිජිටල් ගෙවීම් සේවාවකි.

හෙළකුරු හරහා වෛද්‍ය හමු වැනි ගෙවීම් සේවාවක් සැපයීමේ අරමුණ මොකක්ද?

  • හෙළකුරේ පරම අරමුණ හෙවත් දැක්ම “ඩිජිටල් තාක්ෂණයන් හරහා මහජනයා සවිබලගැන්වීම” යි.
  • මිලියන ගණනක් මහජනයා වෙත සමීප වී ඇති App එකක් ලෙසින්, ඩිජිටල් තාක්ෂණයන් යොදා ගනිමින් ඉක්මණින් සහ පහසුවෙන් ශ්‍රී ලාංකීය මහජනයාට වෛද්‍යවරුන් වෙන්කරවා ගැනීම සඳහා පහසුකම් සැලසීම, හෙළකුරේ දැක්මට අනුකූල මහජන සවිබලගැනීමක් ලෙස හෙළකුරු සළකයි.
  • වෛද්‍ය හමු වැනි වෛද්‍යවරු වෙන්කරවා ගැනීමේ ගෙවීම් සේවාවක් හෙළකුරු හරහා හඳුන්වාදීමේ අරමුණ එයයි.

වෛද්‍ය හමු ගෙවීම් සේවාව සැපයෙන්නේ කුමන හෙළකුරු සංස්කරණ හරහාද?

වෛද්‍ය හමු ගෙවීම් සේවාව භාවිතා කරන්නේ කොහොමද?

  1. හෙළකුරු App එක තුළ ඇති “වෛද්‍ය හමු” සේවාව වෙත යන්න.
  2. ඔබට වෙන් කරවා ගැනීමට අවශ්‍ය වෛද්‍යවරයාගේ නම ඇතුළත් කරන්න.
  3. ඉන්පසු ඔබට වෛද්‍යවරයා හමුවිය හැකි රෝහල් දිස්වෙයි. ඒ අතරින් ඔබට වෛද්‍යවරයා හමුවීමට කැමති රෝහල තෝරන්න.
  4. මීළඟට එම වෛද්‍යවරයා එම රෝහලේ හමුවිය හැකි දින සහ වේලාවන් දිස්වෙයි. ඒ අතරින් ඔබට වෛද්‍යවරයා හමුවීමට කැමති දින හා වේලාව තෝරන්න.
  5. ඉන්පසු දිස්වන තිරයේ වෛද්‍යවරයා හමුවීමට යන රෝගියාගේ නම, දුරකථන අංකය සහ ඔබේ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කරන්න.
  6. මීළඟට දිස්වන තිරයෙන්, ඔබ මුදල් ගෙවීමට කැමති ගෙවීම් ක්‍රමය තෝරා මුදල් ගෙවීම සිදුකරන්න.
  7. දැන් ඔබේ වෛද්‍යවරයා වෙන්කරවා ගැනීම සම්පුර්ණ වී, ඒ පිළිබඳ ඔබට දැනුම්දීමක් ලැබෙනු ඇත.

වෛද්‍ය හමු සඳහා මුදල් ගෙවිය හැකි ක්‍රම මොනවද?

  • දේශීය බැංකු ගිණුම් මඟින්
    • පරිශීලකයා හෙළPay වෙත සම්බන්ධ කර ඇති ඕනෑම පුද්ගලික බැංකු ගිණුමක් මඟින්.

බැංකු ගිණුම් මඟින් ගෙවීමේදී නැවත නැවත ගිණුම් තොරතුරු ඇතුළත් කළ යුතුද?

  • නැත. ඔබ බැංකු ගිණුම් තොරතුරු හෙළPay වෙත ඇතුළත් කර පළමුවරට ගෙවීමක් කළ පසු, ඊළඟ ගෙවීමේදී හෙළPay තෝරා, Fingerprint එක හෝ Face ID එක පමණක් ලබාදීමෙන් ක්ෂණිකව ගෙවිය හැකියි.

එලෙස ගෙවීම කොපමණ ආරක්ෂිත ද?

  • පෙර ඇතුළත් කළ බැංකු ගිණුමකින් ගෙවිය හැක්කේ, ඔබේ Fingerprint එක හෝ Face ID එක ලබාදීමෙන් පසු පමණක් වන නිසා, ඔබ හැර වෙනත් කිසිම කෙනෙකුට ඒ හරහා ගෙවිය නොහැකියි.
  • පරිශීලක සත්‍යාපනය (User Authentication) සඳහා ඇති ආරක්ෂිතම ක්‍රමවේදයක් වන Biometric Authentication තාක්ෂණය මේ සඳහා භාවිතා වන නිසා, එය අන් කවර ආරක්ෂිත ක්‍රමවේදයකටත් වඩා වැඩි ආරක්ෂාවත් ඔබේ ගෙවීම් වෙත සපයයි.

වෛද්‍ය හමු හරහා මුදල් ගෙවීම සුරක්ෂිතද?


© මුද්‍රිත හෝ අන්තර්ජාල ලිපි සඳහා උපුටා ගන්නේ නම් මූලාශ්‍රය ලෙස https://facts.helakuru.lk සඳහන් කරන්න.



මීළඟ ලිපිය

හෙළකුරේ සුරක්ෂිතතාව : යතුරුපුවරු දත්ත භාවිතය

Still need help? Get in touch!
Last updated on 20th Jan 2023