හෙළPay - ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදය

හෙළPay කියන්නේ මොකක්ද?

  • හෙළPay යනු හෙළකුරු විසින් හඳුන්වාදුන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය සහිත, LankaPay ජාතික ගෙවීම් ජාලය මඟින් බලගැන්වෙන, දේශීය ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදයකි.
  • 100% ක් දේශීය ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදයක් වන මෙය, මේ වන විට ශ්‍රී ලංකාවේ සරලතම මුදල් ගෙවීම් ක්‍රමවේදය බවට පත් වී ඇත.

හෙළPay අනෙකුත් ගෙවීම් ක්‍රමවේද වලට වඩා වෙනස් වෙන්නේ කොහොමද?

  • ඔන්ලයින් මුදල් ගෙවීම් සිදු කිරීමේදී,
    • කාඩ්පත් වැනි ගෙවීම් ක්‍රමවේද භාවිතයෙන් ඔන්ලයින් ගෙවීම් සිදුකිරීමේදී සෑම ගෙවීමකටම තම කාඩ්පත් අංක සහ OTP අංක නැවත නැවත ටයිප් කළ යුතු වුවද, හෙළPay හරහා ගෙවීමේදී තම Fingerprint එක හෝ Face ID එක පමණක් යෙදීම හරහා ඉතා සරලව සහ සුරක්ෂිතව පහසුවෙන් මුදල් ගෙවිය හැකියි.
  • කඩ සාප්පුවල ගෙවීම් සිදු කිරීමේදී,
    • කාඩ්පත් වැනි ගෙවීම් ක්‍රමවේද භාවිතයෙන් කඩ සාප්පුවල මුදල් ගෙවීම් සිදු කිරීමේදී, කාඩ්පත නැති වුවහොත් එය අතට පත්වන ඕනෑම අයෙකුට ඉන් වංචනිකව මුදල් ගෙවා මීලදී ගැනීම් සිදු කළ හැකි වුවද, හෙළPay හරහා ගෙවීමේදී ඔබේ දුරකථනය නැති වුවත් එය සොරාගන්නා කිසිවෙකුට ඔබේ Fingerprint එක හෝ Face ID එක නොමැතිව එයින් මුදල් ගෙවීම් කළ නොහැක.
  • සෑම ගෙවීමකදීම,
    • කාඩ්පත් වැනි ගෙවීම් ක්‍රමවේද හරහා මුදල් ගෙවීම් සිදුකිරීමේදී ඒ සඳහා දායක වන විදෙස් සමාගම් වෙත විශාල විදේශ විනිමය ප්‍රමාණයක් මෙරටින් පිටතට ගලා ගියද, හෙළPay 100% ක් දේශීය ගෙවීම් ක්‍රමවේදයක් බැවින් ඒ හරහා ගෙවීම් සිදුකිරීමේදී රටෙන් පිටතට කිසිඳු විදේශ විනිමය ගලායෑමක් සිදු නොවේ.

හෙළPay මඟින් විසඳුම් සපයන සමාජ ගැටළු මොනවාද?

  • ඔබට,
    • අන්තර්ජාලය හරහා මිලදී ගැනීමක් සිදුකිරීමේදී, ඒ සඳහා සරලවම ඔන්ලයින් මුදල් ගෙවිය හැකි ගෙවීම් ක්‍රමවේදයක් නොමැතිකම
    • කඩ සාප්පුවල මිලදී ගැනීමක් සිදුකිරීමේදී ඒ සඳහා සුරක්ෂිතව ගෙවිය හැකි cash නොවන ගෙවීම් කළ හැකි ක්‍රමයක් නොමැතිකම
  • රටට,
    • කාඩ්පත් වැනි අනෙකුත් ගෙවීම් ක්‍රම ඔස්සේ ගෙවීම් සිදුකිරීමේ​දී විශාල විදේශ විනිමය ප්‍රමාණයක් රටින් පිටතට ගලායෑම

එම ගැටළු හෙළPay මඟින් විසඳෙන්නේ කොහොමද?

  • ඔන්ලයින් ගෙවීම් සඳහා හෙළPay භාවිතයේදී,
    • අන්තර්ජාල මිලදී ගැනීම් සඳහා මුදල් ගෙවීමට දැනට පවතින විකල්ප ක්‍රමවේද වලදී, මහජනයා කාල වේලාව වැයකොට ඉලක්කම් ගණනක ගිණුම් අංක සහ තහවුරු කිරීමේ අංක සෑම වරකම ටයිප් කළ යුතුයි.
    • මෙම සංකීර්ණ ක්‍රමවේදයන් හරහා ගෙවීම ඉතා අපහසුකාරී වීම හේතුවෙන්, තාක්ෂණික දැනුම අඩු බොහෝ පිරිසකට අන්තර්ජාලය හරහා මිලදී ගැනීම් සිදු කිරීමේ පහසුව අත්විඳිය නොහැකි වී තිබෙයි.
    • නමුත් හෙළPay හරහා ගෙවීම ඉතා සරල හෙයින්, තාක්ෂණික දැනුම ඇති නැති සැමට, වඩාත් පහසුවෙන් හා ඉක්මණින්, සුරක්ෂිතව අන්තර්ජාලය හරහා මිලදී ගැනීම් සිදුකිරීමේ අවස්ථාව හිමිවෙයි.
  • කඩ සාප්පුවල ගෙවීම් සඳහා හෙළPay භාවිතයේදී,
    • එදිනෙදා ඔබ භාණ්ඩ මිලදී ගන්නා කඩ සාප්පුවලට මුදල් ගෙවීමේදී, ඔබ කාඩ්පත් භාවිතයෙන් ගෙවන්නේ නම්, ඔබේ කාඩ්පත නැති වුවහොත් එය අතට පත්වන ඕනෑම අයෙකුට ඔබේ කාඩ්පතින් මුදල් ගෙවා වංචනිකව මිලදී ගැනීම් සිදුකළ හැකියි.
    • නමුත් හෙළPay හරහා ඔබ QR කර මුදල් ගෙවන්නේ නම්, ඔබේ Face ID එක හෝ Fingerprint එක ලබා දීම අනිවාර්ය බැවින්, ඔබේ දුරකථනය අන්සතු වුවත් කිසිවෙකුට ඔබේ දුරකථනයෙන් වංචනිකව මුදල් ගෙවීම් සිදුකළ නොහැකියි.
    • මේ නිසා හෙළPay හරහා QR කර එදිනෙදා කඩ සාප්පුවල මුදල් ගෙවීම් සිදු කිරීම, වංචනිකයන් බහුල වතාවරණයක් තුළ ඔබට වඩාත් ආරක්ෂාකාරී වෙයි.
  • රටටක් වශයෙන්,
    • ඔබ කාඩ්පත් කාඩ්පත් ගනුදෙනු සිදුකිරීමට විදෙස් සමාගම් හේතුවෙන් රටට අහිමිවන විශාල විදේශ විනිමය ප්‍රමාණයක් රට තුළම ඉතිරි වෙයි.
    • හෙළPay හරහා ගෙවීම් සිදුවන්නේ LankaPay ජාතික ගෙවීම් ජාලය, දේශීය බැංකු හා දේශීය ආයතන හරහා නිසා, ඊට කිසිඳු විදෙස් සමාගමක් සම්බන්ධ නොවෙයි.

හෙළකුරු හරහා හෙළPay වැනි ගෙවීම් ක්‍රමයක් සැපයීමේ අරමුණ මොකක්ද?

  • හෙළකුරේ පරම අරමුණ හෙවත් දැක්ම “ඩිජිටල් තාක්ෂණයන් හරහා මහජනයා සවිබලගැන්වීම” යි.
  • මිලියන ගණනක් මහජනයා වෙත සමීප වී ඇති App එකක් ලෙසින්, ඩිජිටල් තාක්ෂණයන් යොදා ගනිමින් ශ්‍රී ලාංකීය මහජනයාට අන්තර්ජාල මිලදී ගැනීම් සහ කඩසාප්පුවල මිලදී ගැනීම් සඳහා සරලවම සහ සුරක්ෂිතවම මුදල් ගෙවිය හැකි නව්‍ය දේශීය ක්‍රමවේදයක් සැලසීම සහ ඒ හරහා රටට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ඉතිරි කර දීම, හෙළකුරේ දැක්මට අනුකූල මහජන සවිබලගැනීමක් ලෙස හෙළකුරු සළකයි.
  • හෙළPay වැනි සරලතම දේශීය ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදයක් හෙළකුරු හරහා සැපයීමේ අරමුණ එයයි.

හෙළPay ගෙවීම් සේවාව සැපයෙන්නේ කුමන හෙළකුරු සංස්කරණ හරහාද?

හෙළPay හරහා ඔන්ලයින් මුදල් ගෙවීමේදී එම මුදල පරිශීලකයාගෙන් අයවෙන්නේ කොහොමද?

  • හෙළPay හරහා මුදල් ගෙවීම සඳහා ප්‍රථමයෙන් ඔබේ බැංකු ගිණුම හෙළPay වෙත connect කරගත යුතුයි.
  • ඔන්ලයින් මුදල් ගෙවීමේදී, එම මුදල අය වන්නේ ඍජුවම එසේ connect කරන ලද බැංකු ගිණුමෙනි.

හෙළPay වෙත බැංකු ගිණුමක් connect කරන්නේ කොහොමද?

  • හෙළPay වෙත බැංකු ගිණුමක් connect කිරීම ඉතාම සරලයි. ඒ සඳහා,
    1. හෙළකුරු App එක තුළ ඇති හෙළPay icon එක ඔබා, එහි ඉහලින් දිස්වන + සලකුණ ඔබන්න.
    2. ඉන්පසු "බැංකු ගිණුම connect කරන්න" button එක ඔබා, ඔබේ බැංකුව, හැඳුනුම්පත් අංකය සහ ගිණුම් අංකය ලබාදෙන්න.
    3. එවිට ඔබේ බැංකුවෙන් ඔබට SMS හරහා ලැබෙන OTP අංකය (JustPay code එක) හෙළPay වෙත ඇතුළත් කරන්න.
    4. මෙසේ කළ පසු ඔබේ බැංකු ගිණුම හෙළPay වෙත connect වී, ඒ ගැන ඔබට දැනුම්දීමක් ලැබෙනු ඇත.

හෙළPay හරහා ඔන්ලයින් ගෙවන්නේ කොහොමද?

  • අන්තර්ජාලය හරහා සිදු කරන මිලදී ගැනීමකදී ඒ සඳහා ඔබට හෙළPay සමඟින් ගෙවිය හැකි නම්, හෙළPay ලාංඡනය එහි ඔබට දිස්වනු ඇත. ඒ හරහා ගෙවීමට,
    1. පරිගණකයෙන් කරන මිලදී ගැනීමකදී නම් හෙළPay ලාංඡනය සමඟ දිස්වන Barcode එක ඔබේ ජංගම දුරකථනයේ හෙළකුරු > හෙළPay > QR හරහා ගෙවන්න, ඔස්සේ scan කරන්න. ජංගම දුරකථනයෙන් කරන මිලදී ගැනීමකදී නම් "Continue with හෙළකුරු" යන්න ඔබන්න.
    2. එවිට හෙළකුරු App එක open වී, ඔබ මුදල් ගෙවීමට යන වෙබ් අඩවියේ නම සහ මුදල ඔබට දිස්වෙයි. එම තොරතුරු තහවුරු කරගෙන “Pay” button එක ඔබන්න.
    3. ඉන්පසු ගෙවීම සඳහා අවසර දීමට ඔබටම අනන්‍ය ඔබේ Fingerprint එක හෝ FaceID එක ලබා දෙන්න.
    4. මෙසේ කළ පසු මුදල් ගෙවීම සිදු වී, ඒ ගැන ඔබට දැනුම්දීමක් ලැබෙනු ඇත.

හෙළPay හරහා කඩ සාප්පුවලදී ගෙවන්නේ කොහොමද?

  • කඩ සාප්පුවල මිලදී ගැනීම් සිදුකිරීමේදී, ඒ සඳහා ඔබට හෙළPay සමඟින් ගෙවිය හැකි නම්, LankaQR සලකුණ එහි ඔබට දිස්වනු ඇත. ඒ හරහා ගෙවීමට,
    1. ඔබේ ජංගම දුරකථනයේ හෙළකුරු > හෙළPay > QR හරහා ගෙවන්න, වෙත ගොස් අදාළ ස්ථානයේ දිස්වන LankaQR කේතය ඔබේ ජංගම දුරකථනයෙන් scan කරන්න.
    2. එවිට ඔබ මුදල් ගෙවීමට යන වෙළඳසැලේ නම ඔබට දිස්වෙයි, දැන් ගෙවීමට අවශ්‍ය ගණන ඇතුළක් කර “Pay” button එක ඔබන්න.
    3. ඉන්පසු ගෙවීම සඳහා අවසර දීමට ඔබටම අනන්‍ය ඔබේ Fingerprint එක හෝ FaceID එක ලබා දෙන්න.
    4. මෙසේ කළ පසු මුදල් ගෙවීම සිදු වී, ඒ ගැන ඔබටත්, අදාළ වෙළඳසැලටත් දැනුම්දීමක් ලැබෙනු ඇත.

හෙළPay හරහා ගෙවීම අන් ගෙවීම් ක්‍රම වලට වඩා සරල වෙන්නේ කොහොමද?

  • කාඩ්පත් ඔස්සේ අන්තර්ජාල ගෙවීම් සිදුකිරීමේදී, කාඩ්පත් අංකය සහ OTP අංක නැවත නැවතත් ඇතුළත් කළ යුතු වීම නිසා, ඒ සඳහා වැඩි වේලාවක් ගතවීම පරිශීලකයාට මහත් අපහසුකාරී සහ සංකීර්ණ වෙයි.
  • කාඩ්පත් ඔක්සේ කඩ සාප්පුවල ගෙවීම් සිදුකිරීමේදී, ඔබේ කාඩ්පත වෙළඳසැලට ලබාදී ඔවුන් එයින් ගෙවීම අයකරගෙන නැවත ඔබ වෙත දී, ඊට අදාළ ලදුපතේ ඔබෙන් අත්සනක් ද ලබාගන්නා නිසා, ඒ සඳහා වැඩි කාලයක් ගත වෙයි.
  • නමුත් හෙළPay ඔස්සේ ගෙවීමේදී, තම Fingerprint එක හෝ FaceID එක පමණක් ලබාදී ඉතා ඉක්මණින් සහ පහසුවෙන් සරලවම මුදල් ගෙවිය හැකියි.

හෙළPay හරහා ගෙවීම අන් ගෙවීම් ක්‍රම වලට වඩා සුරක්ෂිත වෙන්නේ කොහොමද?

  • බැංකු කාඩ්පත් වැනි අන් ගෙවීම් ක්‍රම, කාඩ්පත අන්සතු වීම වැනි දෑ නිසා ඉතා පහසුවෙන් අනවසර ප්‍රවේශයන්ට (Unauthorized access) ලක් විය හැකියි.
  • නමුත් හෙළPay මඟින් ගෙවීමේදී, පරිශීලකයාගේ ඇඟිලි සලකුණ හෙවත් Fingerprint එක හෝ FaceID එක අත්‍යවශ්‍ය බැවින් පරිශීලකයා හැර අන් කිසිවෙකුට හෙළPay හරහා ගෙවීමක් සිදු කළ නොහැක.
  • හෙළPay ගෙවීම් ක්‍රමවේදය අන් සියළු ගෙවීම් ක්‍රම වලට වඩා ආරක්ෂිත වන්නේ ඒ නිසයි.

හෙළPay හරහා ගෙවීම් සිදුකිරීමේදී රටට විදේශ විනිමය ඉතිරි වෙන්නේ කොහොමද?

  • Visa, Mastercard, American Express වැනි විදෙස් සමාගම් විසින් දේශීය බැංකු හරහා මහජනතාව වෙත ලබා දී ඇති කාඩ්පත් හරහා මුදල් ගනුදෙනු සිදුකිරීමේදී, ඒ සෑම ගනුදෙනුවකින්ම යම් ගාස්තුවක් පෙර කී විදෙස් සමාගම් වෙත රටෙන් පිටතට යැවෙයි.
  • රට පුරා සිදුවන සමස්ත කාඩ්පත් ගනුදෙනු ප්‍රමාණය සැලකීමේදී, වසරකට රු.බිලියන 10කට අධික විදේශ විනිමය ප්‍රමාණයක් මේ හේතුවෙන් රටට අහිමි වෙයි. (මූලාශ්‍රය)
  • නමුත් හෙළPay හරහා ගෙවීම් සිදු කිරීමේදී ඊට දායක වන්නේ දේශීය බැංකු, දේශීය ගෙවීම් ජාල (LankaPay) සහ දේශීය තාක්ෂණික සමාගම් පමණක් නිසා, හෙළPay හරහා රටට කිසිඳු විදේශ විනිමය අහිමි වීමක් සිදු නොවෙයි.
  • එම නිසා, මහජනතාව හැකි සැම විටම කාඩ්පත් වෙනුවට හෙළPay වැනි දේශීය ඩිජිටල් ගෙවීම් ක්‍රම භාවිතා කිරීමට හුරු වීමෙන්, කාඩ්පත් ගනුදෙනු නිසා රටට අහිමි වන විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ඉතිරි කරගැනීමේ හැකියාව ලැබෙයි.

හෙළPay හරහා ගෙවීම් සිදු කිරීමේදී කිසියම් ගාස්තුවක් අය වෙනවද?

  • නැහැ. හෙළPay හරහා ගෙවීමේදී පරිශීලකයාගෙන් කිසිඳු අමතර ගාස්තුවක් අය නොවෙයි.

හෙළPay හරහා ගෙවීම් සිදු කළ හැක්කේ මොනාටද?

  • අන්තර්ජාලය ඔස්සේ කරන ගෙවීම් සඳහා,
    • හෙළකුරු රීලෝඩ් සේවාව ඔස්සේ ඕනෑම දුරකථන ජාලයක අංකයකට රීලෝඩ් කිරීමේදී
    • හෙළකුරු බිල් ගෙවීම් සේවාව හරහා ජල විදුලි බිල්පත්, පසුගෙවීම් දුරකථන බිල්පත්, TV සහ Internet බිල්පත් ගෙවීමේදී
    • හෙළකුරු වෛද්‍ය හමු සේවාව ඔස්සේ වෛද්‍යවරුන් වෙන්කරවා ගැනීම් සඳහා ගෙවීමේදී
    • අන්තර්ජාලය හරහා භාණ්ඩ හෝ සේවා මිලදී ගැනීම් සඳහා (PayHere භාවිතා කරන වෙළඳ ආයතන 3600 කට වැඩි ගණනකට
  • කඩ සාප්පුවල කරන ගෙවීම් සඳහා,
    • Keells, Cargills, SPAR වැනි සුපිරි වෙළඳසැල්වලට
    • අධිවේගී මාර්ගයේ ගාස්තු ගෙවන තැන්වල
    • LankaQR සලකුණ හෝ "Pay with හෙළකුරු" ස්ටිකරය ඇති ඕනෑම කඩ සාප්පුවකට

හෙළPay හරහා මුදල් ගෙවීමක් තාක්ෂණිකව සිදුවෙන්නේ කොහොමද?

  • හෙළPay හරහා මුදල් ගෙවීමේදී, හෙළPay වෙතින් ඉටුවන්නේ ගෙවීම් පහසුකම් සපයන්නාගේ (Payment Facilitator) කාර්යභාරයයි.
  • මෙම කාර්යභාරය ඉටු කිරීම සඳහා හෙළPay සේවාව, අනුග්‍රාහක දේශීය බැංකුවක් සමඟ ගිවිසුම් ගත වී, ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ ක්‍රියාත්මක වන ඍජු-හර ගෙවීම් ජාලය (Direct-Debit Payment Network) වන JustPay වෙත සහ ජාතික ගෙවීම් QR සම්මතය (National Payment QR Standard) වන LankaQR වෙත තාක්ෂණිකව සම්බන්ධ වී සිටියි.
  • ශ්‍රී ලංකාවේ ඇති බොහෝ වාණිජ්‍ය බැංකු සමඟින් තාක්ෂණිකව සම්බන්ධ වී ඇති එම ජාතික ගෙවීම් ජාලය, ඕනෑම බැංකු ගිණුමක් හෙළPay හා සම්බන්ධ කිරීමට සහ එම ගිණුම් වලින් තාක්ෂණිකව මුදල් අයකර ගැනීමට හෙළPay වෙත සහය වෙයි.

හෙළPay භාවිතා කළ හැක්කේ කුමන දුරකථන මාදිලි වලද?

  • ඕනෑම Android හෝ Apple දුරකනයක් හරහා හෙළPay භාවිතා කළ හැකියි.

Fingerprint හෝ FaceID සහය නොමැති දුරකථන මාදිලිවල හෙළPay භාවිතා කළ හැකිද?

  • ඔව්, එවැනි දුරකථන මාදිලිවල ඒ වෙනුවට දුරකථනයේ Screen Unlock PIN එක හෝ Password එක ලබාදී හෙළPay හරහා සිදුකරන මුදල් ගෙවීම් සඳහා අවසරය ලබා දිය හැක.

හෙළPay වෙත connect කළ හැකි බැංකු ගිණුම් මොනවද?

  • ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ ක්‍රියාත්මක වන LankaPay ජාතික ගෙවීම් ජාලය හා තාක්ෂණිකව සම්බන්ධ වී ඇති සියලු බැංකුවල පවත්වාගෙන යන, පරිශීලකයාට අයත් ඕනෑම පෞද්ගලික බැංකු ගිණුමක් හෙළPay වෙත connect කළ හැකියි.

හෙළPay වෙත බැංකු ගිණුමක් connect කිරීමේදී මතු විය හැකි දෝෂ මොනවද?

  • හෙළPay වෙත බැංකු ගිණුමක් connect කිරීම සඳහා පහත අවශ්‍යතා සම්පූර්ණ කර තිබිය යුතුයි. එසේ නොමැති විට දෝෂ මතු විය හැකියි.
    • බැංකු ගිණුම පෞද්ගලික බැංකු ගිණුමක් විය යුතු අකර, හවුල් හෝ ව්‍යාපාරික ගිණුමක් නොවිය යුතුයි.
    • බැංකු ගිණුමේ සියලු ගනුදෙනු සඳහා SMS Alerts පහසුකම සක්‍රීය කරගෙන තිබිය යුතුයි.
    • බැංකු ගිණුම හා සම්බන්ධ ජාතික හැඳුනුම්පත් අංකය, නිවැරදිව හෙළPay වෙත ලබා දිය යුතුයි.
    • බැංකු ගිණුම සක්‍රීය තත්ත්වයේ පැවතිය යුතුයි.

හෙළPay වෙත බැංකු ගිණුමක් connect කිරීමේදී "Do not honor" ලෙස දිස්වන්නේ ඇයි?

  • හෙළPay වෙත බැංකු ගිණුමක් connect කිරීම සඳහා ඔබ තොරතුරු ලබාදුන් පසු, එම තොරතුරු හෙළPay විසින් ඔබේ බැංකුවට තාක්ෂණිකව යවා, ඒ සඳහා අවසර ඉල්ලයි.
  • ඔබේ බැංකු ගිණුම හෙළPay වෙත සාර්ථකව connect වීම සිදු වන්නේ ඔබේ බැංකුව ඒ සඳහා අවසර ලබාදුනහොත් පමණයි.
  • "Do not honor" ලෙසින් දිස්වන්නේ එසේ යවන ලද අවසර ඉල්ලීමක් ඔබේ බැංකුව විසින් කිසියම් හේතුවක් නිසා ප්‍රතික්ෂේප කළ විටයි.

"Do not honor" ලෙස දිස්වීමේ දෝෂය මඟහරවාගන්නේ කොහොමද?

  • මෙය ඔබේ බැංකුවෙන් හෙළPay වෙත දැනුම්දෙන දෝෂයක් නිසා, මෙය මඟහරවා ගත හැක්කේ ඔබේ බැංකුව හා සම්බන්ධ වීමෙන් පමණයි.
  • ඔබේ බැංකුවේ පාරිභෝගික සහය අංකය අමතා, හෙළPay වෙත ඔබේ බැංකු ගිණුම connect කිරීමට යෑමේදී මෙම දෝෂය මතුවන්නේ ඇයිදැයි විමසා එය විසඳා ගත හැකියි.

හෙළPay හරහා සිදුකල මුදල් ගෙවීමක් සම්බන්ධයෙන් සහය ලබාගන්නේ කොහොමද?

හෙළPay හරහා මුදල් ගෙවීම ආරක්ෂිද?

  • හෙළPay යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය හිමි ශ්‍රී ලාංකීය ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදයක් වන අතර, එම අනුමැතිය හිමිවී ඇත්තේ හෙළPay හි ගෙවීම් සුරක්ෂිතතාව (Payment Security) පිළිබඳව සිදුකරන ලද පුළුල් සුරක්ෂිතතා විගණනයකින් (Security Audit) අනතුරුවයි.
  • එම නිසා හෙළPay හරහා මුදල් ගෙවීම ඉතා සුරක්ෂිත වන අතර, එය ශ්‍රී ලංකා මහ බැංකුවේ සුරක්ෂිතතා නියාමනයන්ට අනුකූල වෙයි.

හෙළPay භාවිතා කළ ජංගම දුරකථනයක් නැති වුවහොත් හෝ අන්සතු වුවහොත් පරිශීලකයා කළ යුත්තේ මොකක්ද?

  • හෙළPay භාවිතා කළ ජංගම දුරකථනයක් අන් කෙනෙකු අතට පත් වූවත්, ඔබගේ Fingerprint එක හෝ Face ID එක නොමැතිව, වෙනත් කිසිම අයෙකුට ඒ හරහා ගෙවීම් කළ නොහැක.
  • එම නිසා කිසිඳු අනවසර ගනුදෙනුවක් හෙළPay හරහා සිදු නොවන අතර, ඔබේ බැංකු ගිණුම කිසිසේත් අනාරක්ෂිත තත්ත්වයකට පත් නොවේ.
  • කෙසේනමුත් ඔබට එම දුරකථනයෙන් තිබූ ඔබේ හෙළPay ගනුදෙනු තොරතුරු ඉවත් කිරීමට අවශ්‍ය නම්, හෙළPay පරිශීලක සහය හා සම්බන්ධ වී එය සිදු කරගත හැක.

හෙළPay භාවිතා කිරීමේදී පරිශීලකයා එකඟ වන නියමයන් මොනවද?

  • හෙළPay වෙත බැංකු ගිණුමක් connect කිරීමේදි සහ ඒ හරහා ගෙවීම් සිදු කිරීමේදී පරිශීලකයා හෙළPay Terms of Service හි දක්වා ඇති නියමයන්ට එකඟ වෙයි.

හෙළPay වෙත පරීශීලකයා ලබාදෙන පෞද්ගලික දත්ත ආරක්ෂිතද?


© මුද්‍රිත හෝ අන්තර්ජාල ලිපි සඳහා උපුටා ගන්නේ නම් මූලාශ්‍රය ලෙස https://facts.helakuru.lk සඳහන් කරන්න.



මීළඟ ලිපිය

හෙළකුරේ සුරක්ෂිතතාව : යතුරුපුවරු දත්ත භාවිතය

Still need help? Get in touch!
Last updated on 8th Mar 2024