ඇත්ත - තොරතුරු විමර්ශන

ඇත්ත කියන්නේ මොකක්ද?

  • ඇත්ත යනු සමාජ මාධ්‍යයේ පළවන අසත්‍ය තොරතුරු (misinformation) හා විකෘතිකරනලද තොරතුරු (disinformation) විශ්ලේෂණාත්මකව විමර්ශනය කර ඉදිරිපත් කරනු ලබන තොරතුරු විමර්ශන (Fact-check) සේවාවකි.

ඇත්ත මඟින් අසත්‍ය හෝ විකෘති කරනලද තොරතුරු ගැන මහජනයා දැනුවත් කරන්නේ කොහොමද?

  • හෙළකුරු Superapp එක තුළ ඇති "ඇත්ත" සේවාව ඔස්සේ එවැනි තොරතුතරු ගැන විශ්ලේෂණාත්මක විමර්ශනයන් සපයමින්.
  • වඩා වැදගත් තොරතුරු විමර්ශනයන් ගැන පරිශීලකයාගේ ජංගම දුරකථනයට Notifications එවමින්.

හෙළකුරු හරහා ඇත්ත වැනි තොරතුරු සේවාවක් සැපයීමේ අරමුණ මොකක්ද?

  • හෙළකුරේ පරම අරමුණ හෙවත් දැක්ම “ඩිජිටල් තාක්ෂණයන් හරහා මහජනයා සවිබලගැන්වීම” යි.
  • මිලියන ගණනක් ශ්‍රී ලාංකිකයින් වෙත සමීප වී ඇති App එකක් ලෙසින්, සමාජ මාධ්‍යයේ පළවන අසත්‍ය හෝ විකෘති කරනලද තොරතුරු නිසාවෙන් මහජනයා රැවටීමට ලක්වීම වැළැක්වීම සහ සත්‍ය තොරතුරු පිළිබඳ මහජනයා දැනුවත් කිරීම, හෙළකුරේ දැක්මට අනුකූල මහජන සවිබලගැනීමක් ලෙස හෙළකුරු සලකයි.
  • ඇත්ත වැනි තොරතුරු විමර්ශන සේවාවක් හෙළකුරු හරහා හඳුන්වාදීමේ අරමුණ එයයි.

ඇත්ත ඔස්සේ සැපයෙන තොරතුරු විමර්ශනයන් සිදුකරන්නේ කව්ද?

  • ජාත්‍යන්තර ස්වාධීන තොරතුරු විමර්ශකයින් කණ්ඩායමක් වන FactCrescendo විසින් එම තොරතුරු විමර්ශනයන් සිදු කරනු ලබයි.

ඇත්ත තොරතුරු සේවාව සැපයෙන්නේ කුමන හෙළකුරු සංස්කරණ හරහාද?


© මුද්‍රිත හෝ අන්තර්ජාල ලිපි සඳහා උපුටා ගන්නේ නම් මූලාශ්‍රය ලෙස https://facts.helakuru.lk සඳහන් කරන්න.



මීළඟ ලිපිය

සමාජ වේදිකා : සිතළු - හෙළ නිර්මාණ වේදිකාව

Still need help? Get in touch!
Last updated on 18th Jul 2024