Word Predictions මඟින් රචනය

Word Predictions කියන්නේ මොකක්ද?

  • Word Predictions යනු ඔබ හෙළකුරු යතුරුපුවරුව භාවිතයෙන් යම් අකුරක් හෝ කීපයක් යතුරු කිරීමේදී, එම අකුරු වලින් පටන් ගන්නා වචන ඔබට පෙන්වන පහසුකමකි.
  • එසේ පෙන්වන වචන එබීමෙන්, ඔබට අකුරෙන් අකුර වචනය යතුරු කිරීම වෙනුවට, එකවර සම්පූර්ණ වචනයම යතුරු කිරීමේ හැකියාව ලැබේ.
  • එම නිසා Word Predictions භාවිතයෙන් යතුරු කිරීමෙන් ඔබට වඩා වේගවත්ව සහ නිවැරදි අක්ෂර වින්‍යාසයෙන් යුතුව වචන යතුරු කළ හැකි වෙයි.

Word Predictions පහසුකම පිරිනැමෙන්නේ කුමන හෙළකුරු යතුරුපුවරු සංස්කරණ වලද?

හෙළකුරු යතුරුපුවරුවෙන් පිරිනැමෙන Word Predictions වර්ග මොනවද?

  • General Word Predictions
    • අනන්‍ය වචන ලැයිස්තුවක අඩංගු සාමන්‍ය ව්‍යවහරයේ ඇති වචන ඇසුරින්, ඔබ යතුරු කරන්නට යන වචන යෝජනා කරයි.
  • Personal Word Predictions
    • අනන්‍ය වචන ලැයිස්තුවේ නොමැති, මීට පෙර ඔබ යතුරු කළ වචන ඇසුරින්, ඔබ යතුරු කරන්නට යන වචන යෝජනා කරයි.

Word Prediction පහසුකම ක්‍රියාත්මක කරගන්නේ කොහොමද?

  • හෙළකුරු යතුරුපුවරුවේ සැකසුම් වෙත ගොස් එහි “General Word Predictions” සහ “Personal Word Predictions” ඉදිරියේ ඇති toggle දෙක ON කරන්න.

Word Predictions හරහා සිංහල යතුරු කරන්නේ කොහොමද?

  • ඔබ යම් වචනයක් යතුරු කිරීම සඳහා එක අකුරක් හෝ දෙක තුනක් යතුරු කළ විට, ඔබ යතුරුකිරීමට අපේක්ෂා කළ වචනය බොහෝවිට පහත පරිදි Word Predictions තීරුවේ දිස්වනු ඇත.
  • එවිට එම වචනය ඔබා, මුළු වචනයම ඔබට එකවර යතුරු කළ හැක.

Word Predictions පහසුකමෙන් පරිශීලකයා ලිවීමට අපේක්ෂා කරන සෑම වචනයක්ම පෙන්වනවද?

  • General Word Predictions පහසුකම සැලසෙන්නේ හෙළකුරු App එක තුළ ගබඩා කර ඇති අනන්‍ය වචන ලැයිස්තුවක් හරහායි. එම නිසා පරිශීලකයා ලිවීමට අපේක්ෂා කරන බොහෝ වචන පෙනීමට ඉඩ ඇතත්, වචන ලැයිස්තුවේ නොමැති ඇතැම් වචන නොපෙන්වීමටත් ඉඩ තිබේ.
  • කෙසේ නමුත් එම වචන ලැයිස්තුවේ නොමැති වචනයක් පරිශීලකයා යතුරු කළහොත්, එය self-learn කරගෙන, Personal Word Prediction එකක් ලෙස ඉහත සඳහන් කළ වචන ලැයිස්තුවට එක් කරගනු ලැබේ. එම නිසා නැවත වරක් පරිශීලකයා එම වචනයම යතුරු කිරීමට ගියහොත්, එවිට එය Word Predictions ඔස්සේ පෙනෙයි.

Self-learn කරගත් Personal Word Predictions කියන්නේ මොනවද?

  • හෙළකුරු සතු අනන්‍ය වචන ලැයිස්තුවේ නොමැති, පුද්ගල නාම, ස්ථාන නාම වැනි සෑම නව වචනයක්ම පළමු වර පරිශීලකයා යතුරු කරන විට, ඒවා පරිශීලකයාගේ දුරකථනය තුළ සෑදෙන පරිශීලකයාටම අනන්‍ය වචන ලැයිස්තුවකට එක් කරගනී.
  • එසේ එක් කරගන්නා පරිශීලකයාටම ආවේණික වචන Self-learn කරගත් Personal Word Predictions වචන ලෙස හැඳින්වේ.

Self-learn කරගන්නා Word Predictions පරිශීලකයාට බැලිය හැකිද?

  • ඔව්. හෙළකුරු සැකසුම් වෙත ගොස් එහි ඇති “Personal Word List” වෙත යෑමෙන්, ඔබේ දුරකථනය හරහා Self-learn වූ නව වචන දැක ගත හැකි වේ.

වැරදීමෙන් යතුරු කිරීම නිසා Self-learn වූ වචන ඇත්නම් ඒවා පරිශීලකයාට delete කළ හැකිද?

  • ඔව්. පහත ක්‍රම දෙකෙන් එකක් භාවිතා කර ඒවා පහසුවෙන් delete කර ගත හැකියි.
    • හෙළකුරු සැකසුම් හි “Personal Word List” වෙත ගොස් self-learn වූ වචන එකින් එක delete කළ හැක.
    • අකුරු යතුරු කිරීමේදී Word Predictions හරහා එලෙස වැරදීමෙන් self-learn වූ වචනයක් පෙනුනහොත්, එය දීර්ඝව ඔබා (Long tap කර) එම වචනය ඉදිරියේ දිස්වන කතිරය එබීමෙන් එම වචනය delete කළ හැක.

Self-learn කරගන්නා Personal Word Predictions වචන ගබඩා වන්නේ කොහෙද?

  • යම් පරිශීලකයෙකු යතුරු කරන, පරිශීලකයාටම ආවේණික self-learn කරගන්නා වචන ගබඩා වන්නේ පරිශීලකයාගේ ජංගම දුරකථනය තුළමයි.

Self-learn කරගන්නා Word Predictions වචන backup කරගන්නේ කොහොමද?

  • හෙළකුරු Pro පහසුකම් පැකේජය භාවිතා කරන පරිශීලකයින්ට, Self-learn කරගන්නා Word Predictions වචන backup කිරීමේ පහසුකම හිමිවේ.
  • හෙළකුරු සැකසුම් වෙත ගොස් “Backup/Sync Word Predictions” සැකසුම සක්‍රීය කරගැනීමෙන් මෙම පහසුකම භාවිතා කළ හැකියි.
  • එසේ කළ විට Self-learn කරගන්නා වචන, හඳුනාගත නොහැකි කේත බවට සංකේතනය (encrypt) වී දිනකට වරක් පරිශීලකයාගේම Google Drive ගිණුමට යැවෙන අතර එහි සුරක්ෂිතව backup වීම සිදුවෙයි.

Backup කරගැනුනු පරිශීලකයාට ආවේණික Word Predictions නැවත restore කරගන්නේ කොහොමද?

  • හෙළකුරු App එක අලුතින් install කරගන්නා අවස්ථා වලදී, යතුරුපුවරුව Setup කරගන්නා අතරතුර PRO පහසුකම් පැකේජය සක්‍රීය කරගත් විට, පරිශීලකයාගේ Google Drive ගිණුමේ backup වූ වචන ඇත්නම් ඒවා ස්වයංක්‍රීයව restore වී පරිශීලකයාගේ දුරකථනය තුළ තැන්පත් (save) වෙයි.

මෙම backup කරගැනීමේ පහසුකම පරිශීලකයාට ප්‍රයෝජනවත් වන්නේ කුමන අවස්ථාවලද?

  • පරිශීලකයා නව ජංගම දුරකථනයක් මිලදී ගත් අවස්ථාවකදී, පැරණි දුරකථනයේ Self-learn වූ වචන නව දුරකථනයට restore කරගැනීමට.
  • පරිශීලකයාට තම ජංගම දුරකථනය reset කිරීමට සිදු වූ අවස්ථාවකදී, පෙර භාවිතා කරමින් සිටි Self-learn වූ වචන restore කරගැනීමට.
  • පරිශීලකයා හෙළකුරු App එක uninstall කරන්නට සිදු වූ අවස්ථාවකදී, නැවත හෙළකුරු App එක install කරගත් පසු පෙර භාවිතා කරමින් සිටි Self-learn වූ වචන restore කරගැනීමට.

© මුද්‍රිත හෝ අන්තර්ජාල ලිපි සඳහා උපුටා ගන්නේ නම් මූලාශ්‍රය ලෙස https://facts.helakuru.lk සඳහන් කරන්න.



මීළඟ ලිපිය:

Clipboard මඟින් රචනය

Still need help? Get in touch!
Last updated on 28th Aug 2023