නෛතික වගකීම

හෙළකුරු නිෂ්පාදනය කරන්නේ කව්ද?

  • හෙළකුරු නිෂ්පාදනය කර ජනගතකරන්නේ (Produced & Marketed by) ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ තොරතුරු තාක්ෂණ සමාගමක් වන භාෂා ලංකා සමාගම විසිනි.

හෙළකුරු හි දත්ත සුරක්ෂිතතාවය ගැන භාෂා ලංකා සමාගම වගකියනවද?

  • ඔව්. හෙළකුරු හි භාවිතා වන පරිශීලක දත්තවල සුරක්ෂිතතාව ගැන හෙළකුරු පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය (Privacy Policy) හරහා භාෂා ලංකා සමාගම නෛතිකව වගකියයි.
  • එම පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය (Privacy Policy), දත්ත සුරක්ෂිතතාව පිළිබඳ ජාත්‍යන්තර නියාමනය වන GDPR (General Data Protection Regulation) හට අනුකූල වන හෙයින්, එයින් පරිශීලක දත්ත වෙත දැඩි නීතිමය සුරක්ෂිතතාවක් ලැබේ.

භාෂා ලංකා සමාගම දේශීය සමාගමක්ද?

  • ඔව්. භාෂා ලංකා සමාගම 100% ක් ශ්‍රී ලාංකීය හිමිකාරීත්වයක් ඇති දේශීය තොරතුරු තාක්ෂණ සමාගමකි.
  • 2011 වර්ෂයේදී මොරටුව විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යා ඉංජිනේරු ශිෂ්‍යයෙකු විසින් ආරම්භ කළ මෙම සමාගම, අද වන විට ජාතික සහ ජාත්‍යන්තර සම්මාන රැසකින් පිදුම්ලත් විශ්වාසනීය මෘදුකාංග නිෂ්පාදන රැසක් ලොවට දායාද කළ සමාගමකි.
  • භාෂා ලංකා සමාගමෙන් නිෂ්පාදනය කරන සියළු මෘදුකාංග, නිෂ්පාදනය සහ ජනගතකිරීම සඳහා ශ්‍රම දායකත්වය සපයන්නේ 100% ක්ම දේශීය මෘදුකාංග ඉංජිනේරුවන් සහ තාක්ෂණික ශිල්පීන් විසිනි.

එම සමාගම විසින් නිෂ්පාදනය කර ඇති වෙනත් මෘදුකාංග මොනවද?

  • SETT Browser

    • 2011 වර්ෂයේදී භාෂා ලංකා සමාගම හඳුන්වාදුන් පළමු නිෂ්පාදනය වූ මෙය, Smart ජංගම දුරකථන වලින් සිංහල හෝ දමිළ භාෂාවන් කියවිය නොහැකිව පැවති සමයේ, ලොව ප්‍රථම වරට එම හැකියාව ලබාදුන් Mobile Web Browser මෘදුකාංගයයි.
    • මේ පිළිබඳ ජාත්‍යන්තර මාධ්‍ය සහ වෙබ් අඩවි වාර්තා කළ වාර්තා කිරීම් පහතින්.
    • මෙම නව නිර්මාණය සඳහා භාෂා ලංකා සමාගමේ නිර්මාතෘට හිමිවූ ජාත්‍යන්තර සම්මානය පහතින්.
  • PayHere

  • හපන්

    • දැයේ දූ දරුවන්ට හෙළකුරෙන් පිදෙන ඩිජිටල් අධ්‍යාපනික මෘදුකාංගයක් ලෙසින් හඳුන්වාදුන් මෙය, මේ වන විට දහස් ගණනක් දැයේ දූ පුතුන් මුලකුරු කියවන ඩිජිටල් හෝඩිපොත සහ ඩිජිටල් ගල්ලෑල්ල බවට පත් වී ඇත.
    • මේ පිළිබඳ වාර්තා වූ මාධ්‍ය වාර්තා කිරීම් පහතින්.
  • ShopHere

    • ඕනෑම ව්‍යාපාරයකට තම ව්‍යාපාර කටයුතු අන්තර්ජාලය ඔස්සේ (eCommerce ආකාරයෙන්) කරගෙන යාම සඳහා තමන්ටම Online Shop එකක් සාදා ගැනීමේ පහසුකම් සලසන මෙය, මේ වන විට සිය ගණනක් දේශීය ව්‍යාපාර eCommerce තාක්ෂණයන්ගෙන් බලගන්වන මෘදුකාංගමය සේවාවකි.

එම සමාගම විසින් වෙනත් ආයතන සඳහා නිර්මාණය කර ඇති මෘදුකාංග තියෙනවද?

  • ඔව්. භාෂා ලංකා සමාගම විසින් 2018 වර්ෂයට පෙර, තම ජංගම මෘදුකාංග නිර්මාණය කිරීමේ ප්‍රවීණත්වය යොදාගනිමින් ශ්‍රී ලංකාවේ වෙනත් ජාතික ආයතන වෙත Mobile Apps නිර්මාණය කිරීමේ සේවාවන් සැපයිණ.

  • එසේ භාෂා සමාගම විසින් නිර්මාණය කළ Mobile Apps කීපයක් පහතින්.

    • ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නිළ Mobile App එක - Android, iOS
    • සම්පත් බැංකුවේ නිළ Mobile Banking App එක - Android, iOS
    • ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නිළ Mobile App එක - Android, iOS
    • ජාතික ප්‍රවෘත්ති මාධ්‍ය කීපයකම නිළ Mobile Apps
  • 2018 වර්ශයෙන් පසු භාෂා ලංකා සමාගම, තම මෘදුකාංග නිෂ්පාදනය කිරීමේ ප්‍රවීණත්වය, දැයට නව මෘදුකාංගමය නිෂ්පාදන බිහිකිරීම සඳහා පමණක් යොදාගැනීමට ආයතනිකව තීරණය කිරීමෙන් පසු, මේ වන විට වෙනත් ආයතන සඳහා මෘදුකාංග නිර්මාණය කිරීමේ සේවාවන් එම සමාගමෙන් නොසැපයේ.

එම සමාගම විසින් නිෂ්පාදනය කර ඇති මෘදුකාංග සඳහා සම්මාන හිමිවී තියෙනවද?

  • ඔව්, භාෂා ලංකා සමාගම මඟින් නිෂ්පාදනය කළ මෘදුකාංග සඳහා ජාතික මෙන්ම ජාත්‍යන්තර සම්මාන ද රැසක් හිමී වී ඇත.
    • ජාත්‍යන්තර සම්මාන
      • mBillionth දකුණු ආසියානු සම්මානය 2011 - SETT Browser සඳහා
      • mBillionth දකුණු ආසියානු සම්මානය 2014 - හෙළකුරු සඳහා
    • ජාතික සම්මාන
      • e-Swabhimani ජාතික සම්මානය 2011 - SETT Browser සඳහා
      • e-Swabhimani ජාතික සම්මානය 2011 - Bhasha Dictionary සඳහා
      • e-Swabhimani ජාතික සම්මානය 2011 - SETTdeco සඳහා
      • National Best Quality ICT Awards 2012 - SETT Browser සඳහා
      • The Best Local Language Product, NBQSA 2013 - හෙළකුරු සඳහා
      • National Best Quality ICT Awards 2013 - හෙළකුරු සඳහා
      • National Best Quality ICT Awards 2015 - Puvath Reader සඳහා
      • Sri Lanka’s Most Popular App, NYDB - හෙළකුරු සඳහා
      • e-Swabhimani ජාතික සම්මානය 2016 - Puvath Reader සඳහා
      • National Best Quality ICT Awards 2016 - PayHere සඳහා
      • Sri Lankan Android App of the Year 2018 - හෙළකුරු සඳහා

මෘදුකාංග නිෂ්පාදනයට අමතරව එම සමාගමෙන් සිදුවන අනෙකුත් කාර්යභාරයන් මොනවද?

  • භාෂා ලංකා සමාගම, මේ වන විට තමන් විසින්ම මෘදුකාංග නිෂ්පාදන නිර්මාණය කර, ඒවා පරිශීලකයින් වෙත සන්නිවේදනය කිරීමෙන් ජනගත කර, පරිශීලනය කරන පරිශීලකයින්ට පාරිභෝගික සේවාව ද සලසන, පූර්ණ නිෂ්පාදන අගය දාමයම (Value Chain) තමන් විසින්ම (in-house) සිදුකරන සමාගමකි.
  • එම කාර්යභාරයන් සියල්ල සඳහා ශ්‍රම දායකත්වය සපයන්නේ එම සමාගමේ කාර්ය මණ්ඩලයයි.

හෙළකුරු නිෂ්පාදනය සඳහා ශ්‍රම දායකත්වය සපයන කාර්යමණ්ඩලය කෙබඳුද?

  • භාෂා ලංකා සමාගමේ හෙළකුරු ඇතුළු නිෂ්පාදන සඳහා ශ්‍රම දායකත්වය සපයන කාර්ය මණ්ඩලය පහත වගකීම් දරන දේශීය කාර්ය මණ්ඩලයකින් සමන්විතයි.
    • Product Managers - නිෂ්පාදන නිර්මාණය කළමණාකරණය මොවුන් සතු වගකීමයි.
    • Product Designers - නිෂ්පාදන නිර්මාණය සැලසුම් කිරීම මොවුන් සතු වගකීමයි.
    • DevOps Engineers - නිර්මාණ හා මෙහෙයුම් සම්බන්ධීකරණය මොවුන් සතු වගකීමයි.
    • Software Engineers - නිෂ්පාදන මෘදුකාංගමයව නිර්මාණය කිරීම මොවුන් සතු වගකීමයි.
    • Quality Assurance Engineers - නිෂ්පාදන වල ගුණාත්මකභාවය තහවුරු කිරීම මොවුන් සතු වගකීමයි.
    • Creative Content Creators - නිෂ්පාදන ගැන පරිශීලකයින් දැනුවත් කරන, නිර්මාණශීලි අන්තර්ගතයන් නිර්මාණය මොවුන් සතු වගකීමයි.
    • Content Editors - නිෂ්පාදන හරහා ජනගත කරන තොරතුරු අන්තර්ගතයන් තහවුරු කර සංස්කරණය කිරීම මොවුන් සතු වගකීමයි.
    • Content Strategists - නිෂ්පාදන ගැන පරිශීලකයින් වෙත සිදුකරන සන්නිවේදනයන් ක්‍රමෝපායිකව සිදුකිරීම මොවුන් සතු වගකීමයි.
    • Support Engineers - නිෂ්පාදන භාවිතා කරන පරිශීලකයින්ට අවශ්‍ය සහය සැලසීම මොවුන් සතු වගකීමයි.

හෙළකුරු නිෂ්පාදනය කරන භාෂා ලංකා සමාගම ලියාපදිංචි සමාගමක්ද?

  • ඔව්. භාෂා ලංකා (පුද්ගලික) සමාගම, 2011 වර්ෂයේදී PV82025 යන ලියාපදිංචි අංකය යටතේ සීමා සහිත සමාගමක් ලෙස, සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇත.
  • සීමා සහිත සමාගමක් ලෙස මෙම සමාගමට නීතිය ඉදිරියේ අනන්‍යව පෙනී සිටිය හැකි හෙයින්, සමාගමෙන් නිෂ්පාදනය කරන හෙළකුරු ඇතුළු සියලු නිෂ්පාදන වල නෛතික වගකීම භාෂා ලංකා (පුද්ගලික) සමාගම විසින් දරනු ලබයි.

භාෂා ලංකා සමාගමේ කාර්යාලය පිහිටා තිබෙන්නේ කොහේද?

  • භාෂා ලංකා සමාගමේ ප්‍රධාන කාර්යාලය නො.46, ගාලු පාර, කළුතර යන ලිපිනයේ පිහිටා ඇත.

භාෂා ලංකා සමාගම හා සම්බන්ධ විය හැක්කේ කොහොමද?

  • පහත සඳහන් ක්‍රම මඟින් භාෂා ලංකා සමාගම හා සම්බන්ධ විය හැකියි.
    • 034 2040600 යන දුරකථන අංකය ඇමතීමෙන්. (කාර්යාල වේලාව: සතියේ දිනවල උදේ 9 සිට සවස 6 දක්වා)
    • [email protected] යන Email ලිපිනයට ලිවීමෙන්.
    • නො.46, ගාලු පාර, කළුතර යන ලිපිනයේ පිහිටා ඇති ප්‍රධාන කාර්යාලයට පිවිසීමෙන්. (කාර්යාල වේලාව: සතියේ දිනවල උදේ 9 සිට සවස 6 දක්වා)
    • https://www.bhasha.lk යන වෙබ් ලිපිනය ඔස්සේ නිළ වෙබ් අඩවියට පිවිසීමෙන්.

© මුද්‍රිත හෝ අන්තර්ජාල ලිපි සඳහා උපුටා ගන්නේ නම් මූලාශ්‍රය ලෙස https://facts.helakuru.lk සඳහන් කරන්න.



නැවතත් මුල්ම ලිපිය:

හෙළකුරු ගැන : හෙළකුරු යනු

Still need help? Get in touch!
Last updated on 16th Apr 2022