හෙළකුරේ ඉතිහාසය

හෙළකුරු බිහිවුනේ කුමන වර්ෂයේද?

  • හෙළකුරු නිෂ්පාදනයක් ලෙසින් බිහිවුනේ 2011 වර්ෂයේදී ය.

හෙළකුරු මුලින්ම නිර්මාණය කළේ කවුද?

  • හෙළකුරු මුලින්ම නවෝත්පාදනයක් ලෙසින් නිර්මාණය කරන ලද්දේ මොරටුව විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යා හා ඉංජිනේරු අධ්‍යයනාංශයේ ඉංජිනේරු ශිෂ්‍යයෙකු විසිනි. නමින් ධනික පෙරේරා වන ඔහු අද හෙළකුරු හිමි භාෂා ලංකා සමාගමේ නිර්මාතෘ සහ ප්‍රධානී ලෙස කටයුතු කරයි.

හෙළකුරු මුල්ම නිෂ්පාදනය කෙබඳුද?

  • හෙළකුරු මුලින්ම බිහිවුනේ ස්මාට් ජංගම දුරකථන සඳහා සිංහල යතුරුකිරීමේ හැකියාව ප්‍රථම වරට ලබාදුන්, ලොව ප්‍රථම සිංහල ජංගම-දුරකථන යතුරුපුවරුව ලෙසිනි.

හෙළකුරු නිර්මාණය කිරීමේ මුල්ම අරමුණ මොකක්ද?

  • Android සහ Apple වැනි ස්මාට් ජංගම දුරකථන වලින් සිංහල භාෂාව යතුරු කිරීමේ හැකියාවක් නොතිබු සමයේ, එම ගැටළුවට පූර්ණ විසඳුමක් ලෙසින්, ප්‍රථම වරට ස්මාට් ජංගම දුරකථන හරහා සිංහල යතුරු කිරීමේ හැකියාව ලබාදීම, හෙළකුරු නිර්මාණය කිරීමේ මුල්ම අරමුණ විය.

හෙළකුරු බිහිවීමට පෙර ජංගම දුරකථන හරහා සිංහලෙන් අදහස් හුවමාරු කරගත්තේ කොහොමද?

  • ඒ සඳහා එකම විකල්පය වී තිබුනේ ඉංග්‍රීසි අකුරෙන් සිංහල ලිවීමයි. උදා. Mama gedara awa.

ඒ හේතුවෙන් ඇති වූ බාධාවන් කෙබඳුද?

  • කෙටි පණිවිඩ යැවීමේදී මෙන්ම සමාජ මාධ්‍යයන් හරහා අදහස් ප්‍රකාශ කිරීමේදී ද, ඉහත ලෙස සිංහල ලිවීමට සිදු වීම නිසා, සිංහල මව් භාෂාව ලෙස භාවිතා කරන බොහෝ ශ්‍රී ලාංකිකයින් ඩිජිටල් මාධ්‍ය තුළ අදහස් හුවමාරු කරගැනීමේදී ඒ සඳහා ඉංග්‍රීසි භාෂාව පමණක් භාවිතා කිරීමට පෙළඹිණ.
  • ඉංග්‍රීසි භාෂාවෙන් අදහස් ප්‍රකාශ කිරීම ප්‍රගුණ කර නොතිබූ ශ්‍රී ලාංකිකයින්, ඒ වෙනුවට ඉංග්‍රීසි අකුරින් ඩිජිටල් අවකාශයේ සිංහල ලිවීමට පෙළඹුනත්, එලෙස ලිවූ දෑ කියවීම බොහෝ අපහසු විය.
  • මේ හේතුවෙන් ඩිජිටල් අවකාශය තුළ සිංහල බස වැළලෙමින් යන භාෂාවක් බවට පත් වෙමින් තිබුණි.

එම බාධාවන් හෙළකුරෙන් බිඳදැමුනේ කෙසේද?

  • හෙළකුරු බිහිවීමත් සමඟ ශ්‍රී ලාංකික ජංගම දුරකථන පරිශීලකයින්ට තම මව් බසින්ම ඩිජිටල් අවකාශයේ අදහස් හුවමාරු කරගැනීමේ අවකාශය උදා විය.
  • මේ හේතුවෙන් ශ්‍රී ලාංකිකයන් ඩිජිටල් මාධ්‍යයන් හා සේවාවන් පරිශීලනය කිරීමද වැඩි වූ අතර, ඩිජිටල් අවකාශය තුළ සිංහල භාෂාව නැවතත් ජීවය ලැබීය.

දැන් පවතින හෙළකුරු සංස්කරණ බිහිවුනේ කුමන වර්ෂවලද?

  • Android දුරකථන සඳහා හෙළකුරු - 2011 වර්ෂයේදි
  • Apple (iOS) දුරකථන සඳහා හෙළකුරු - 2015 වර්ෂයේදි
  • පරිගණක (Windows, MacOS, Linux) සඳහා හෙළකුරු - 2018 වර්ෂයේදි
  • හෙළකුරු Online වෙබ් අඩවිය - 2018 වර්ෂයේදි
  • හෙළකුරු Lite සැහැල්ලු සංස්කරණය - 2019 වර්ෂයේදි

එම සංස්කරණවල නිර්මාණ කටයුතු සිදුකළේ කවුද?

  • හෙළකුරේ දැන් පවතින සියලු සංස්කරණයන් නිර්මාණය කරනු ලැබුවේ භාෂා ලංකා සමාගමේ කාර්යමණ්ඩල සාමාජිකයින් වන, ශ්‍රී ලාංකීය මෘදුකාංග ඉංජිනේරුවන් සහ තාක්ෂණික ශිල්පීන් විසිනි.

ආරම්භයේ සිට හෙළකුරු පරිශීලකයින් සංඛ්‍යාව වැඩි වර්ධනය වුනේ කෙලෙසද?

  • පළමු පරිශීලකයින් මිලියනය පසුකිරීම - 2016 වර්ශයේදි
  • පරිශීලකයින් මිලියන 2 පසු කිරීම - 2017 වර්ශයේදි
  • පරිශීලකයින් මිලියන 5 කඩයිම පසු කිරීම - 2019 වර්ශයේදි
  • පරිශීලකයින් මිලියන 7.5 පසු කිරීම - 2020 වර්ශයේදි
  • පරිශීලකයින් මිලියන 10 පසු කිරීම - 2021 වර්ශයේදි

හෙළකුරු Super App එකක් බවට පත්වීමේ අරමුණ මොකක්ද?

  • ශ්‍රී ලංකාවේ වැඩිම පරිශීලකයින් පිරිසක් හිමි ජංගම දුරකථන App එක බවට හෙළකුරු පත්වීමත් සමඟ, ඒ හරහා තව තවත් ශ්‍රී ලාංකිකයින්ගේ එදිනෙදා ජීවිත සවිබල ගැන්විය හැකි ඩිජිටල් සේවාවන් හා මෙවලම් ඉතා ඉක්මණින් මහජනතාව අතරට ගෙන යෑමේ සුපිරි හැකියාවක් හෙළකුරට හිමි විය.
  • “ඩිජිටල් තාක්ෂණයෙන් මහජනයා සවිබලගැන්වීම” යන හෙළකුරේ දැක්ම අනුව, එම සුපිරි හැකියාවද භාවිතා කරමින් හෙළකුරු හරහා විවිධ වූ ඩිජිටල් සේවාවන් ජනතාව අතරට ගෙන යෑම සඳහා, හෙළකුරු යතුරුපුවරුවකින් ඔබ්බට ගොස් Super App එකක් බවට පත් විය.
  • අද වන විට හෙළකුරු මඟින් හඳුන්වා දුන් යතුරුපුවරුවලට අමතරව Super App සංකල්පය හරහා හඳුන්වාදුන් අනෙකුත් ඩිජිටල් සේවා හා මෙවලම් වලින්ද, ලක්ෂ සංඛ්‍යාත පරිශීලකයින් පිරිසක් එදිනෙදා ප්‍රයෝජන ලබමින් සිටී.

හෙළකුරු Super App එකක් වීම යතුරුපුවරුවට බලපෑවේ කෙසේද?

  • Super App සේවාවන් නිසාවෙන් යතුරුපුවරුවට කිසිඳු තාක්ෂණික බලපෑමක් නොමැත.
  • හෙළකුරු යතුරුපුවරුව ජංගම දුරකථනවල ක්‍රියාත්මක වන්නේ background process එකක් ලෙසින් වන අතර Super App සංකල්පය හරහා හඳුන්වාදුන් අනෙකුත් සේවාවන් ක්‍රියාත්මක වන්නේ foreground activities ලෙසිනි. ඒවායින් යතුරුපුවරුවට කිසිඳු බලපෑමක් නොමැත්තේ එබැවිනි.

Super App සේවාවන් හඳුන්වා දුන්නේ කුමන වර්ෂවලද?

  • එසැණ - මුල්වරට ‘ප්‍රවෘත්ති’ ලෙසින් 2016 වර්ෂයේදී හඳුන්වාදුන් අතර 2020 දී එය ‘එසැණ’ ලෙසින් සන්නාමකරණය විය.
  • සිතළු - 2019 වර්ෂයේදී හෙළකුරු පරිශීලකයින් වෙනුවෙන්ම වෙන්වූ නිර්මාණාත්මක සමාජ වේදිකාවක් ලෙසින් හඳුන්වා දුනි.
  • රීලෝඩ් - 2019 දී හඳුන්වා දුන් ඔන්ලයින් රීලෝඩ් පහසුකම, 2020 වර්ෂයේ කොරෝනා වසංගතය සමඟ පැවති ඇඳිරිනීති සමයේදී ඉතා ජනප්‍රිය විය.
  • බිල් ගෙවීම් - 2021 දී හඳුන්වා දුන් මෙය, රීලෝඩ් පහසුකම හා සමානවම සාමාන්‍ය ජනතාවගේ බහුල භාවිතයට ලක්විය.
  • හෙළPay - 2021 දී 100% ක් දේශීය ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදයක් ලෙස හඳුන්වාදුන් මෙය, මේ වන විට ඉතා වේගයෙන් මහජනතාව අතර ජනප්‍රිය වෙමින් පවතී.

මේ වන විට හෙළකුරු භාවිතා කරන පරිශීලක සංඛ්‍යාව කොපමණද?

  • එක් එක් සංස්කරණයේ Downloads සංඛ්‍යාව සහ සක්‍රීය පරිශීලකයින් සංඛ්‍යාව ගැන සංඛ්‍යාලේඛණ මෙසේයි. (2022 පෙබරවාර් 18 වන දා වන විට)

    • Android සඳහා හෙළකුරු Super - Downloads: 11,691,602, Active Users: 3,847,293
    • Android සඳහා හෙළකුරු Lite - Downloads: 1,467,166, Active Users: 301,681
    • iOS සඳහා හෙළකුරු - Downloads: 931,400, Active Users: 535,500
    • Windows සඳහා හෙළකුරු - Downloads: 507,480
    • MacOS සඳහා හෙළකුරු - Downloads: 21,717
    • Linux සඳහා හෙළකුරු - Downloads: 6,684
    • හෙළකුරු Online - Monthly Active Users: ~88,000
  • Super App සංකල්පය හරහා හඳුන්වාදුන් ප්‍රධාන සේවාවන් භාවිතා කරන පරිශීලක සංඛ්‍යාව ගැන සංඛ්‍යාලේඛණ මෙසේයි. (2022 පෙබරවාර් 18 වන දා වන විට)

    • එසැණ තොරතුරු සේවාව - පාඨකයින්: ~1,976,000
    • සිතළු සමාජ වේදිකාව - පාඨකයින්: 972,000, රචකයින්: 32,000
    • රීලෝඩ් ගෙවීම් සේවාව - සක්‍රිය පරිශීලකයින්: ~52,000, දෛනික රීලෝඩ් කිරීම්: ~රු.මිලියන 2+
    • හෙළPay ගෙවීම් සේවාව - සක්‍රිය පරිශීලකයින්: ~20,000, දෛනික ඩිජිටල් ගෙවීම්: ~රු.ලක්ෂ 6.5

හෙළකුරු සඳහා මේ දක්වා ජාතික හෝ ජාත්‍යන්තර සම්මාන හිමි වී තිබෙනවද?

  • ඔව්. හෙළකුරු නිෂ්පාදනය මේ වන විට, ජාත්‍යන්තර තොරතුරු තාක්ෂණය සම්මානයක් සහ ජාතික සම්මාන 5ක් හිමි කරගෙන ඇත.

හෙළකුරු හි ජනප්‍රියතාව මේ දක්වා මහජන සමීක්ෂණ මඟින් හෙළි වී තිබේද?

  • ඔව්. 2022 වර්ශයේදී කැලණිය විශ්ව විද්‍යාලය සහ APIDM ආයතනය ඒකාබද්ධව පැවැත්වූ මහජන සමීක්ෂණයකින් පසු නිකුත් කළ "Digital Outlook Sri Lanka 2022" වෙළඳපළ තීක්ෂණ බුද්ධි වර්තාව අනුව, හෙළකුරු ශ්‍රී ලංකාව තුළ දේශීයව නිෂ්පාදිත ජනප්‍රියතම Mobile App එක බව හෙළි වී තිබුණි. - මූලාශ්‍රය


© මුද්‍රිත හෝ අන්තර්ජාල ලිපි සඳහා උපුටා ගන්නේ නම් මූලාශ්‍රය ලෙස https://facts.helakuru.lk සඳහන් කරන්න.



මීළඟ ලිපිය:

හෙළකුරු ගැන : හෙළකුරේ අනාගතය

Still need help? Get in touch!
Last updated on 16th Apr 2022