එසැණ ප්‍රතිචාර - කාලීන සංවාද වේදිකාව

එසැණ ප්‍රතිචාර කියන්නේ මොකක්ද?

  • එසැණ ප්‍රතිචාර යනු කාලීන සිදුවීම් ගැන ශ්‍රී ලාංකිකයින්ට තම මතයන් ප්‍රකාශ කළ හැකි සහ අන් අයගේ මතයන්ට ප්‍රතිචාර එක් කළ හැකි, සමාජ වේදිකාවකි.

එසැණ ප්‍රතිචාර සමාජ වේදිකාවක් ලෙස හඳුන්වන්නේ ඇයි?

  • ඩිජිටල් අවකාශයේ සමාජ වේදිකා (Social Platforms) ලෙස හඳුන්වන්නේ සමාජයේ සිටින නොයෙක් වර්ගයේ පරිශීලකයින් එකිනෙකා හා තොරතුරු හුවමාරු කරගැනීම සඳහා භාවිතා කරන මෘදුකාංගමය ස්ථානයන් ය.
  • කාලීන තොරතුරු කෙරෙහි උනන්දුවක් දක්වන පාඨකයන්, කාලීන සිදුවීම් සම්බන්ධව එකිනෙකා හා තම මතයන් හුවමාරු කරගැනීමට එසැණ ප්‍රතිචාර යොදා ගන්නා හෙයින් එය ඩිජිටල් සමාජ වේදිකාවක් ලෙස හඳුන්වයි.

එසැණ ප්‍රතිචාර සමාජ වේදිකාව තනා ඇත්තේ කා සඳහාද?

  • කාලීන සිදුවීම් කෙරෙහි උනන්දුවක් දක්වන සහ ඒ පිළිබඳ තම මතයන් අන්අය සමඟ හුවමාරු කරගැනීමට උනන්දුවක් දක්වන පාඨකයින් සඳහා

හෙළකුරු හරහා එසැණ ප්‍රතිචාර වැනි සමාජ වේදිකාවක් සැපයීමේ අරමුණ මොකක්ද?

  • හෙළකුරේ පරම අරමුණ හෙවත් දැක්ම “ඩිජිටල් තාක්ෂණයන් හරහා මහජනයා සවිබලගැන්වීම” යි.
  • මිලියන ගණනක් ශ්‍රී ලාංකිකයින් වෙත සමීප වී ඇති App එකක් ලෙසින්, කාලීන සිදුවීම් ගැන දැනුවත්වීමෙන් ඔබ්බට ගොස් ඩිජිටල් තාක්ෂණයන් හරහා ඒ පිළිබඳ තම සමාජ මතයන් පළ කිරීමේ හැකියාව ශ්‍රී ලාංකීය මහජනයාට ලබාදීම, හෙළකුරේ දැක්මට අනුකූල මහජන සවිබලගැනීමක් ලෙස හෙළකුරු සලකයි.
  • එසැණ ප්‍රතිචාර වැනි ඩිජිටල් සමාජ වේදිකාවක් හෙළකුරු හරහා හඳුන්වාදීමේ අරමුණ එයයි.

එසැණ ප්‍රතිචාර සමාජ වේදිකාව සැපයෙන්නේ කුමන හෙළකුරු සංස්කරණ හරහාද?

එසැණ ප්‍රතිචාර හරහා පාඨකයින් කාලීන තොරතුරු වෙත තම ප්‍රතිචාර එක් කරන්නේ කොහොමද?

  • සමාජ ප්‍රතිචාරයන් දෙආකාරයකින් එක් කළ හැකියි.
    • Reactions

      • තොරතුරේ පහළ දකුණු කෙළවරේ ඇති Like අයිකනය එබීමෙන්, තොරතුරට Reactions එක් කළ හැකියි.
      • අනි පාඨකයින්ගේ ප්‍රතිචාර වල පහතින් ඇති “Like” යන්න එබීමෙන්, එම ප්‍රතිචාර සඳහා Reactions එක් කළ හැකියි.
    • අදහස් දැක්වීම්

      • තොරතුරේ පහලින් දිස්වන කොටුවේ, තම අදහස් දැක්වීම ලියා පළ කිරීමෙන්, තොරතුර සඳහා අදහස් දැක්වීම් එක් කළ හැකියි.
      • අනි පාඨකයින්ගේ ප්‍රතිචාර වල පහතින් ඇති “Reply” යන්න එබීමෙන්, එම ප්‍රතිචාර සඳහා අදහස් දැක්වීම් එක් කළ හැකියි.

එසැණ ප්‍රතිචාර හරහා අන් පාඨකයින් කාලීන තොරතුරු වෙත එක් කරන ප්‍රතිචාර කියවන්නේ කොහොමද?

  • යම් තොරතුරක සිරස්තලයට පහලින්, ඒ සඳහා අන් පාඨකයින් එක් කර ඇති Reactions ප්‍රතිචාර දැක බලා ගත හැකියි. එය එබීමෙන් එක් එක් Reactions ගණනද දැනගත හැකියි.

  • යම් තොරතුරු පිටුවක් පහලටම scroll කළ විට, එම තොරතුරට අන් පාඨකයින් එක් කර ඇති ප්‍රතිචාර කියවිය හැකියි.

  • එම එක් එක් ප්‍රතිචාරයේ පහලින්, ඒවා සඳහා අන් පාඨකයින් එක් කර ඇති Reactions ගණනද දැනගත හැකියි.

යම් නොමනා ප්‍රතිචාරයක් එසැණ ප්‍රතිචාර වෙතින් ඉවත් කරන්න පාඨකයින්ට පුළුවන්ද?

  • මේ සඳහා ඔබට ප්‍රතිචාර Report කිරීමේ පහසුකම භාවිතා කළ හැකියි.
  • ඒ සඳහා අදාළ ප්‍රතිචාරය දීර්ඝව ඔබන්න (Long tap කරන්න). එවිට දිස්වන මෙනුවෙන් “Report" යන්න තෝරන්න.
  • පාඨකයින් කීප දෙනෙකු විසින් මෙසේ එකම ප්‍රතිචාරයක් Report කළ විට, එය ඉබේම එසැණ ප්‍රතිචාර වෙතින් ඉවත් වී යයි.

එසැණ ප්‍රතිචාර සඳහා පරිශීලකයින් ලබා දෙන දත්ත සුරක්ෂිත ද?


© මුද්‍රිත හෝ අන්තර්ජාල ලිපි සඳහා උපුටා ගන්නේ නම් මූලාශ්‍රය ලෙස https://facts.helakuru.lk සඳහන් කරන්න.



මීළඟ ලිපිය:

හෙළකුරු සමාජ වේදිකා : හෙළAds - ලුහුඬු දැන්වීම් වේදිකාව

Still need help? Get in touch!
Last updated on 16th Apr 2022