හෙළAds - ලුහුඬු දැන්වීම් වේදිකාව

හෙළAds කියන්නේ මොකක්ද?

  • හෙළAds යනු භාණ්ඩ හෝ සේවා විකිණීමට අපේක්ෂා කරන විකුණුම්කරුවන් තමන් විකුණන දෑ ගැන ලුහුඬු දැන්වීම් පළ කිරීම සඳහා සහ එම භාණ්ඩ හෝ සේවා ගැන උනන්දුවක් දක්වන ගැනුම්කරුවන් භාණ්ඩ හෝ සේවා ගැන විස්තර දැනගැනීමට යොදාගන්නා සමාජ වේදිකාවකි.

හෙළAds සමාජ වේදිකාවක් ලෙස හඳුන්වන්නේ ඇයි?

  • ඩිජිටල් අවකාශයේ සමාජ වේදිකා (Social Platforms) ලෙස හඳුන්වන්නේ සමාජයේ සිටින නොයෙක් වර්ගයේ පරිශීලකයින් එකිනෙකා හා තොරතුරු හුවමාරු කරගැනීම සඳහා භාවිතා කරන මෘදුකාංගමය ස්ථානයන් ය.
  • භාණ්ඩ හෝ සේවා විකිණීමට අපේක්ෂා කරන විකුණුම්කරුවන් තමන් විකුණන දෑ ගැන ලුහුඬු දැන්වීම් පළ කිරීම සඳහා සහ එම භාණ්ඩ හෝ සේවා ගැන උනන්දුවක් දක්වන ගැනුම්කරුවන් භාණ්ඩ හෝ සේවා ගැන විස්තර දැනගැනීමට හෙළAds යොදාගන්නා හෙයින් එය ඩිජිටල් සමාජ වේදිකාවක් ලෙස හඳුන්වයි.

හෙළAds සමාජ වේදිකාව තනා ඇත්තේ කා සඳහාද?

  • භාණ්ඩ හෝ සේවා විකිණීමට අපේක්ෂා කරන විකුණුම්කරුවන්ට
  • භාණ්ඩ හෝ සේවා මිලදී ගැනීමට උනන්දුවක් දක්වන ගැනුම්කරුවන්ට

හෙළකුරු හරහා හෙළAds වැනි සමාජ වේදිකාවක් සැපයීමේ අරමුණ මොකක්ද?

  • හෙළකුරේ පරම අරමුණ හෙවත් දැක්ම “ඩිජිටල් තාක්ෂණයන් හරහා මහජනයා සවිබලගැන්වීම” යි.
  • මිලියන ගණනක් ශ්‍රී ලාංකිකයින් වෙත සමීප වී ඇති App එකක් ලෙසින්, ඩිජිටල් තාක්ෂණයන් හරහා ශ්‍රී ලාංකීය විකුනුම්කරුවන් හා ගැනුම්කරුවන් යා කරමින් ඔවුන්ගේ එදිනෙදා විකිණීම් සහ මිලදී ගනීම් වඩා පහසු කරවීම, හෙළකුරේ දැක්මට අනුකූල මහජන සවිබලගැනීමක් ලෙස හෙළකුරු සලකයි.
  • හෙළAds වැනි ඩිජිටල් සමාජ වේදිකාවක් හෙළකුරු හරහා හඳුන්වාදීමේ අරමුණ එයයි.

හෙළAds සමාජ වේදිකාව සැපයෙන්නේ කුමන හෙළකුරු සංස්කරණ හරහාද?

හෙළAds හරහා විකුනුම්කරුවන් තමන්ට විකිණීමට අවශ්‍ය දෑ එක් කරන්නේ කොහොමද?

  1. හෙළකුරු තුළ ඇති ‘හෙළAds’ සේවාව වෙත යන්න.
  2. “නව පළකිරීම්” තොරා, පළ කළ යුතු දැන්වීමේ විස්තර ඇතුළත් කර “පළ කරන්න” button එක ඔබන්න.
  3. මීළඟට ඔබේ අනන්‍යතාව ලබාදී පළ කිරීම තහවුරු කරන්න.

හෙළAds වෙත විකුණුම්කරුවන් එක් කරන දෑ, මිල දී ගැනීම සඳහා දැකබලා ගත හැක්කේ කොහොමද?

  1. හෙළකුරු තුළ ඇති ‘හෙළAds’ සේවාව වෙත යන්න.
  2. “ඔබ සොයන්නේ කුම්ක්ද” කොටුවට, ඔබ සොයන දෑ යතුරු කර Search කරන්න.
  3. එවිට දිස්වන ලුහුඬු දැන්වීම් අතුරින් ඔබට අවශ්‍ය දෑ සොයාගත හැක.

හෙළAds සඳහා පරිශීලකයින් ලබා දෙන දත්ත සුරක්ෂිත ද?


© මුද්‍රිත හෝ අන්තර්ජාල ලිපි සඳහා උපුටා ගන්නේ නම් මූලාශ්‍රය ලෙස https://facts.helakuru.lk සඳහන් කරන්න.



මීළඟ ලිපිය:

හෙළකුරු ගෙවීම් සේවා : රීලෝඩ් - දුරකථන ගෙවීම්

Still need help? Get in touch!
Last updated on 16th Apr 2022