හෙළකුරේ අනාගතය

හෙළකුරු දැන් තිබෙන තත්ත්වයට වඩා ඉදිරියේදී වෙනස් වෙයිද?

  • හෙළකුරු යනු නිරන්තරයෙන් යාවත්කාලීන වෙමින් ඉදිරියට යන දේශීය නිෂ්පාදනයකි. ආරම්භයේ සිට මෙතෙක් ආ ලෙසම එය තව තවත් වැඩි දියුණුවෙමින් ඉදිරියට යනු ඇත.

හෙළකුරේ ඉදිරියේදී සිදුවන්නට නියමිත වෙනස්කම් මොනවද?

  • හෙළකුරු නිරන්තරයෙන් ඉදිරියට යන්නේ “ඩිජිටල් තාක්ෂණයන්ගෙන් මහජනයා සවිබලගැන්වීම” යන හෙළකුරේ දැක්මට අනුකූලවයි.
  • එම නිසා තවත් ශ්‍රී ලාංකිකයින්ගේ ජීවිත සවිබල ගැන්වෙන ඩිජිටල් සේවාවන් හා මෙවලම් ඉදිරියටත් හෙළකුරට එක් වීමට නියමිතයි.

හෙළකුරෙන් ඉදිරියේදී විසඳීමට නියමිත සමාජ ගැටළු මොනවද?

  • ශ්‍රී ලංකාව තුළ නොයෙකුත් පාර්ශ්ව විසින් හඳුන්වාදුන් ඩිජිටල් සේවා කෙතරම් තිබුනත්, ඒවා ජනතාව අතරට යෑම සහ මහජනයා ඒවා භාවිතා කිරීම පවතින්නේ තවමත් ඉතා අඩු මට්ටමකයි.
  • එම ඩිජිටල් සේවාවන්ගේ සැබෑ ප්‍රතිලාභ මහජනයාට අත් වීමට නම්, ඒවා ඔවුන් අතරට යා යුතු සේම ඔවුන් ඒවා නොපැකිලව භාවිතා කිරීමට පෙළඹිය යුතුයි.
  • දැනටමත් මිලියන ගණනක ජනයා අතරට ගොස්, ඩිජිටල් නිෂ්පාදනයක් ලෙසින් මහජනයාට සමීපව සිටින හෙළකුරු හරහා මෙම හිඩැස පිරවීමට, ඉදිරියටත් කටයුතු කරනු ඇත.

© මුද්‍රිත හෝ අන්තර්ජාල ලිපි සඳහා උපුටා ගන්නේ නම් මූලාශ්‍රය ලෙස https://facts.helakuru.lk සඳහන් කරන්න.



මීළඟ ලිපිය:

හෙළකුරු ගැන : සේවා ගාස්තු

Still need help? Get in touch!
Last updated on 16th Apr 2022