විමසුම - මත විමසුම් තොරතුරු

විමසුම කියන්නේ මොකක්​ද?

  • විමසුම යනු විවිධ මාතෘකා සම්බන්ධයෙන් මත විමසුම් මහජනතාවට යොමු කෙරෙන සහ ඊට මහජනතාව ලබාදෙන පිළිතුරු අනුව සමස්ත මත විමසුම් ප්‍රතිඵල​ය නැව​ත මහජනතාවටම දැනගැනීමට ඉඩ සලසන ඩිජිටල් මත විමසුම් සේවාවකි.

විමසුම සේවාව සැපයෙන්නේ කුමන හෙළකුරු සංස්කරණ හරහාද?

හෙළකුරු හරහා විමසුම වැනි මත විමසුම් සේවාවක් සැපයීමේ අරමුණ මොකක්ද?

  • හෙළකුරේ පරම අරමුණ හෙවත් දැක්ම “ඩිජිටල් තාක්ෂණයන් හරහා මහජනයා සවිබලගැන්වීම” යි.
  • මිලියන ගණනක් ශ්‍රී ලාංකිකයින් වෙත සමීප වී ඇති App එකක් ලෙසින්, සමාජයේ මත ගැටුමට ලක්වන කාලීන මාතෘකා ගැන සමාජය දරණ විවිධ මතයන් ප්‍රමාණාත්මක ලෙස (quantitatively) ඉදිරිපත් කරමින්, සැබෑ ජන මතයට වටිනාකමක් එක් කිරීම හෙළකුරේ දැක්මට අනුකූල මහජන සවිබලගැනීමක් ලෙස හෙළකුරු සලකයි.
  • විමසුම වැනි මත විමසුම් සේවාවක් හෙළකුරු හරහා හඳුන්වාදීමේ අරමුණ එයයි.

විමසුමක් සඳහා මම සහභාගී වන්නේ කොහොමද?

  • හෙළකුරු Superapp ඇප් එක තුළ ඇති “විමසුම” සේවාව වෙත ගොස්, “ඔබේ මතය පළ කරන්න" button එක එබීමෙන් ඒ මොහොතේ පිළිතුරු භාරගන්නා විමසුම් සඳහා ඔබට සහභාගී විය හැකියි.

යම් විමසුමක සමස්ත ප්‍රතිඵලය දැනගන්නේ කොහොමද?

  • හෙළකුරු Superapp ඇප් එක තුළ ඇති “විමසුම” සේවාව වෙත ගොස්, එහි දිස්වන එක් එක් විමසුම් මාතෘකා තුළට යෑමෙන් ඔබට එම විමසුම්වලට අදාළ සමස්ත ප්‍රතිඵලයන් ප්‍රතිශත ආකාරයෙන් දැනගත හැකියි.

විමසුමක සමස්ත ප්‍රතිඵලයට අමතරව මට දැනගත හැකි අනෙකුත් තොරතුරු මොනවද?

  • ප්‍රමාණාත්මක (quantitative) ලෙස පෙන්වන සමස්ත ප්‍රතිඵලයට අමතරව ඔබට අදාළ විමසුම ගැන පහත සඳහන් තොරතුරු දැනගත හැකියි.
    • විමසුමට ප්‍රතිචාර දැක්වූවන් ගණන
    • විමසුම සිදුකරන ලද කාල රාමුව
    • විමසුම් සිදුකළ ක්‍රමවේදය
    • විමසුම සඳහා යොදාගත් නියැදිය
    • විමසුමට ප්‍රතිචාර දැක්වූවන්ගේ දිස්ත්‍රික්ක අනුව භූගෝලීය පැතිරීම
    • එක් එක් දිස්ත්‍රික්කයට අදාළ විමසුම් ප්‍රතිඵලය (ප්‍රතිශත ලෙස)
    • විමසුමට ප්‍රතිචාර දැක්වූවන්ගේ වයස් කාණ්ඩ (ප්‍රතිශත ලෙස)

විමසුම් සඳහා මම ලබාදෙන පිළිතුරු වාර්තා වන්නේ නිර්නාමික ලෙස​ද?

  • ඔව්, සියලු විමසුම් පිළිතුරු වාර්තා කරගැනීමට පෙර තාක්ෂණිකව නිර්නාමිකකරණයට (anonymize) ලක්කෙරෙන අතර, එමඟින් ඔබේ පෞද්ගලිකත්වය ආරක්ෂා වෙයි.

මම ලබාදෙන විමසුම් පිළිතුරු භාවිතා කරන්නේ මොනවාටද?

  • විමසුම් සඳහා ඔබ ලබාදෙන පිළිතුරු භාවිතා වන්නේ, මත විමසුම්වල සමස්ත ප්‍රතිඵල සහ ප්‍රවණතා විශ්ලේෂණාත්මකව ඉදිරිපත් කිරීමට පමණි. එම පිළිතුරු දත්ත කිසිවිටෙක තෙවන පාර්ශව වෙත හෝ බාහිර පර්යේෂණ සඳහා භාවිතා නොකෙරේ.

මට විමසුම් සඳහා සහභාගී නොවී ඉන්න පුළුවන්ද?

  • ඔව්, විමසුම් සඳහා සහභාගී වීම සම්පූර්ණයෙන්ම ඔබේ කැමැත්ත අනුව පමණක් සිදුවේ. ඔබට විමසුම් සඳහා සහභාගී වීමට අකැමති නම් විමසුම් ප්‍රශ්නවලට පිළිතුරු දීමෙන් වැළකී සිටිය හැක.

විමසුමක් සඳහා මම ලබාදුන් පිළිතුර වෙනස් කරන්න පුළුවන්ද?

  • යම් විමසුමක් සඳහා ඔබ පිළිතුරු ලබාදුන් පසු, එම පිළිතුර නැවත වෙනස් කළ නොහැකියි.

විමසුම වෙත මම ලබාදෙන දත්ත ආරක්ෂා වන්නේ කොහොමද?

  • ඔබේ දත්ත ආරක්ෂා කිරීම සඳහා SSL තාක්ෂණය, දත්ත සංකේතනය, ආරක්ෂිත සර්වර සහ පාලිත ප්‍රවේශ ඇතුළු උසස් දත්ත ආරක්ෂණ ක්‍රමවේදයන් භාවිතා වෙයි. ISO/IEC 27001 ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව දත්ත ආරක්ෂණය පවත්වා ගැනීම සඳහා නිතිපතා ආරක්ෂක විගණනයන් ද (Security Audits) සිදු කරනු ලැබේ.

විමසුමට ලක් කරන ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ කුමන පදනමකින්ද?

  • විමසුම හරහා මහජනතාවට ඉදිරිපත් කරනු ලබන්නේ කාලීන වැදගත්කමක් සහිත සමාජ, දේශපාලනික, ආර්ථික සහ වාණිජ්‍ය කරණු සම්බන්ධයෙන් සමාජයේ කතාබහට ලක්වන ප්‍රශ්නයි. එම ප්‍රශ්න නිරපේක්ෂව ඉදිරිපත් කෙරෙන අතර, ජනතාවට තෝරාගැනීමට ලබාදෙන බහුවරණ පිළිතුරු සමාජයේ විවිධ පාර්ශ්ව මඟින් ඉදිරිපත්වන සෑම යෝජිත පිළිතුරක්ම නියෝජනය වන ආකාරයෙන් ඉදිරිපත් කෙරේ.

විමසුම් ප්‍රතිඵලවල නිරවද්‍යතාවය තහවුරු කරන්නේ කොහොමද?

  • විමසුමවල සමස්ත ප්‍රතිඵල පෙන්වනු ලබන්නේ නිසි දත්ත ආරක්ෂණ ක්‍රමවේද ඔස්සේ තාක්ෂණිකව ආරක්ෂා කෙරෙන පරිශීලක විමසුම් පිළිතුරු සමස්තයක් ලෙස විශ්ලේෂණය කිරීම මඟිනි. එම ප්‍රතිඵල නිවැරදි බව සහතික කිරීම සඳහා නිරතුරව අභ්‍යන්තර පරීක්ෂා කිරීම් සිදුකෙ​රේ.

විමසුම තුළ ව්‍යාජ ලෙස මත පළකිරීම් සිදුකිරීම වැළැක්වීමට ගෙන ඇති පියවර මොනවද?

  • ව්‍යාජ මත පළකිරීම් වැළැක්වීම සඳහා විමසුම තුළ මත පළ කිරීම් සිදුකිරීමට අවස්ථාව ලබා දෙන්නේ හෙළකුරු වෙත තම දුරකථන අංකයේ හිමිකාරීත්වය තහවුරු කළ පරිශීලකයින්ට පමණි. එසේ දුරකථන අංකය තහවුරු කරන ලද පරිශීලකයෙකුට යම් විමසුමක් සඳහා යෙදිය හැක්කේ එක් මත පළකිරීමක් පමණි.

විමසුමකට පිළිතුරු දීමට පෙර මගේ දුරකථන අංකය තහවුරු කළ යුත්තේ ඇයි?

  • විමසුම තුළ ව්‍යාජ මත පළකිරීම් වැළැක්වීමේ පියවරක් ලෙස විමසුම් සඳහා තම මතය පළ කිරීමට අවස්ථාව ලබාදෙන්නේ දුරකථන අංකය තහවුරු කරන ලද හෙළකුරු පරිශීලකයින්ට පමණි. ඔබේ දුරකථන අංකය ඔබේ මත පළ කිරීම අනන්‍ය කිරීම සඳහා පමණක් යොදාගැණෙන අතර, කිසි විටෙක එය ඔබ විමසුම් සඳහා ලබාදෙන පිළිතුරු සමඟ සම්බන්ධ නොකෙරේ.

විමසුමකට පිළිතුරු ලබාදීමේදී මගේ දිස්ත්‍රික්කය සහ වයස් කාණ්ඩය විමසන්නේ ඇයි?

  • ඔබේ දිස්ත්‍රික්කය සහ වයස් කාණ්ඩය යොදාගැනෙනුයේ අදාළ විමසුමේ සමස්ත ප්‍රතිඵලය දිස්ත්‍රික්ක අනුව සහ වයස් කාණ්ඩ අනුව විශ්ලේෂණය කර පෙන්වීම සඳහා පමණි. එක් එක් දිස්ත්‍රික්ක අනුව විමසුම් ප්‍රතිඵල පෙන්වීමට සහ එක් එක් වයස් කාණ්ඩ අනුව විමසුම් ප්‍රතිඵල පෙන්වීමට එම තොරතුරු භාවිතා වේ.

විමසුම භාවිතයේදී මම ලබාදෙන පෞද්ගලික දත්ත ආරක්ෂිතද?

  • ඔව්, විමසුම භාවිතයේදී ඔබ ලබාදෙන පෞද්ගලික තොරතුරු විමසුම් ප්‍රතිඵල විශ්ලේෂණය කර සමස්තයක් ලෙස පෙන්වීම සඳහා පමණක් භාවිතා වන අතර කිසි විටෙක තෙවන පාර්ශව වෙත හෝ බාහිර පර්යේෂණ සඳහා භාවිතා නොකරයි. මේ පිළිබඳ වැඩිදු​ර දැනගැනීම සඳහා පෞද්ගලික දත්තවල සුරක්ෂිතතාව ලිපිය කියවන්න.

මම විමසුමකට සහභාගී වීමේදී එකඟ වන නියමයන් සහ කොන්දේසි මොනවාද?

  • ඔබ යම් විමසුකට පිළිතුරු ලබා දීමෙන්, අදාළ විමසුමේ ප්‍රතිශතයක් ලෙස පෙන්වන සමස්ත ප්‍රතිඵලයට ඔබේ පිළිතුර දායක කරගැනීමටත්, හෙළකුරු Privacy Policy හි දැක්වෙන නියමයන් අනුව ඔබේ පෞද්ගලික දත්ත භාවිතයටත් අවස​ර ලබාදෙයි.
Still need help? Get in touch!
Last updated on 18th Jul 2024