සමාජ වේදිකා දත්ත භාවිතය

ඩිජිටල් අවකාශය තුළ සමාජ වේදිකා කියන්නේ මොනවද?

  • සමාජයේ සිටින නොයෙක් වර්ගයේ පරිශීලකයින් එකිනෙකා හා තොරතුරු හුවමාරු කරගැනීම සඳහා භාවිතා කරන මෘදුකාංගමය අවකාශයන් සමාජ වේදිකාවන් (Social Platforms) ලෙසින් හඳුන්වයි.

හෙළකුරු වෙතින් පිරිනැමෙන සමාජ වේදිකා හා ඒ හරහා තොරතුරු හුවමාරු කරගන්නා පරිශීලකයින් වර්ග මොනවද?

  • සිතළු - හෙළ නිර්මාණ වේදිකාව
    • සිංහල භාෂාවෙන් නිර්මාණාත්මක රචනයන් ලිවිය හැකි රචකයන් තම නිර්මාණ පළ කිරීම සඳහා සහ නිර්මාණාත්මක රචනයන් කෙරෙහි උනන්දුවක් දක්වන පාඨකයන් එම නිර්මාණ රසවිඳ ඊට ප්‍රතිචාර එක් කිරීමට යොදාගන්නා සමාජ වේදිකාවකි.
  • එසැණ ප්‍රතිචාර - කාලීන සංවාද වේදිකාව
    • කාලීන තොරතුරු කෙරෙහි උනන්දුවක් දක්වන පුවත් පාඨකයන් කාලීන සිදුවීම් සම්බන්ධව එකිනෙකා හා තම මතයන් හුවමාරු කරගැනීමට යොදාගන්නා සමාජ වේදිකාවකි.
  • හෙළAds - ලුහුඬු දැන්වීම් වේදිකාව
    • භාණ්ඩ හෝ සේවා විකිණීමට අපේක්ෂා කරන විකුණුම්කරුවන් තමන් විකුණන දෑ ගැන ලුහුඬු දැන්වීම් පළ කිරීම සඳහා සහ එම භාණ්ඩ හෝ සේවා ගැන උනන්දුවක් දක්වන ගැනුම්කරුවන් භාණ්ඩ හෝ සේවා ගැන විස්තර දැනගැනීමට යොදාගන්නා සමාජ වේදිකාවකි.

සමාජ වේදිකා භාවිතා කිරීමේදී පරිශීලකයින් විසින් හෙළකුරු වෙත ලබාදෙන දත්ත මොනවද?

  • සමාජ වේදිකා භාවිතා කිරීමේදී පහත සඳහන් දත්ත පරිශීලකයා විසින් හෙළකුරු වෙත ලබා දෙයි.
    • තම අනන්‍යතාවය පිළිබඳ දත්ත
      • උදා. පරිශීලකයාගේ නම, Profile Picture ඡායාරූපය, ස්ත්‍රී පුරුෂ භාවය, වයස
    • සමාජ වේදිකාව තුළ පළ කරනු ලබන දෑ
      • පළ කිරීම් (උදා. Posts, Ads, Photos)
      • ප්‍රතිචාර (උදා. Comments, Reactions)

සමාජ වේදිකා භාවිතයේදී පරිශීලකයා හෙළකුරු වෙත ලබාදෙන දත්ත දැක බලාගත හැක්කේ කාටද?

  • සමාජ වේදිකාවක් යනු එය භාවිතා කරන පරිශීලකයින්, එකිනෙකා අතර තොරතුරු හුවමාරු කරගන්නා ස්ථානයක් නිසා, සමාජ වේදිකා වලදී පරිශීලකයෙකු ලබාදෙන ඉහත සඳහන් දත්ත, අන් සියළු පරිශීලකයින් හට දැක බලාගත හැකියි.

සමාජ වේදිකා භාවිතයේදී පරිශීලකයා හෙළකුරු වෙත ලබාදෙන දත්ත සුරක්ෂිතද?

  • සමාජ වේදිකා භාවිතයේදී පරිශීලකයා ලබා දෙන ඉහත දත්ත අන් පරිශීලකයින් හා හුවමාරු වුවත්, එම දත්ත විකෘති හෝ විනාශ නොවන පරිදි සුරක්ෂිත කිරීමට හෙළකුරු වගකීමෙන් බැඳී සිටී.
  • ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා පෞද්ගලික දත්තවල සුරක්ෂිතතාව යන ලිපිය කියවන්න.

© මුද්‍රිත හෝ අන්තර්ජාල ලිපි සඳහා උපුටා ගන්නේ නම් මූලාශ්‍රය ලෙස https://facts.helakuru.lk සඳහන් කරන්න.



මීළඟ ලිපිය

හෙළකුරේ සුරක්ෂිතතාව : තොරතුරු සේවා දත්ත භාවිතය

Still need help? Get in touch!
Last updated on 16th Apr 2022