හෙළPay Chat - මුදල් යැවීම්

හෙළPay Chat කියන්නේ මොකක්ද?

  • හෙළPay Chat යනු දෙදෙනෙකු අතර මුදල් යැවීම් පහසු කිරීම සඳහා හෙළකුරු විසින් හඳුන්වා දුන් Chat එකේ මුදල් යැවිය හැකි සරල ක්‍රමයකි.

හෙළPay Chat එකේ මුදල් යවන්නේ කොහොමද?

  1. හෙළකුරු Superapp එක තුළ ඇති හෙළPay සේවාවට ගොස් එහි "මුදල් යවන්න" ලෙස ඇති අයිකනය ඔබන්න.
  2. ඉන්පසු "Select Contact" ඔබා, ඔබට මුදල් යවන්න අවශ්‍ය පුද්ගලයාව ඔබේ Contact List එකෙන් තෝරන්න.
  3. එවිට එම පුද්ගලයා සමඟ සෑදෙන Chat Conversation එකේ පහලින් දිස්වන "රු" අයිකනය ඔබන්න.
  4. යැවීමට අවශ්‍ය මුදල ඇතුළත් කර, අවශ්‍ය නම් මුදල් යවන්නේ කුමකටදැයි සටහනක් ද ඇතුළත් කර "Send" button එක ඔබන්න.
  5. දැන් ඔබට chat message එකක් ලෙසින් අදළ මුදල යැවෙන බව දිස්වනු ඇති අතර, මුදල අදාළ කෙනාට ගිය පසු එය "Sent" ලෙස update වනු ඇත.

හෙළPay Chat එකේ මුදල් යැවූ විට සිදුවෙන්නේ මොකක්ද?

  • ඔබ මෙසේ හෙළPay Chat එකේ මුදල් යැවූ විට, පළමුවෙන් එම මුදල ඔබ හෙළPay වෙත connect කරගෙන සිටින බැංකු ගිණුමෙන් අඩු වේ.
  • ඉන්පසු එය අනෙක් තැනැත්තා ඔහුගේ/ඇයගේ දුරකථනයේ හෙළPay වෙත connect කරගෙන සිටින බැංකු ගිණුමට එවෙලෙම බැර වෙයි.
  • ඒ පිළිබඳ අදාළ තැනැත්තාට ද හෙළකුරු Notification එකක් හරහා දැනුම් දෙන අතර, ඔහුට/ඇයට එය හෙළPay Chat එක තුළ ඔබෙන් ආ chat message එකක් ලෙසද පෙනෙනු ඇත.

අදාළ පුද්ගලයාගේ ගිණුමට මුදල බැර වෙන්න කොපමණ කාලයක් ගතවෙනවද?

  • තත්ත්පර 5-10 ත් අතර කාලයක් තුළ අදාළ මුදල ඔහුගේ/ඇයගේ බැංකු ගිණුමට එසැණින් බැර වේ.
  • එසේ බැර වූ පසු ඔබට අදාළ මුදල පෙන්වන chat message එක ද "Sent" ලෙසින් update වනු ඇත.

අදාළ පුද්ගලයාගේ තවම හෙළPay වෙත බැංකු ගිණුමක් connect කරගෙන නැත්නම් මොකද වෙන්නේ?

  • එවිට අදාළ පුද්ගලයාට මුදල් යැවූ chat message එකේ "Pending Account" ලෙස ඔහුට/ඇයට දිස්වන අතර, ඔහුගේ/ඇයගේ බැංකු ගිණුම Connect කරගැනීම සඳහා button එකක් ද දිස්වෙයි.
  • අදාළ පුද්ගලයා එම button එක ඔබා තම බැංකු ගිණුම connect කරගත් විගස අදාළ මුදල ඔබේ බැංකු ගිණුමෙන් අඩු වී, ඔහු/ඇය connect කළ බැංකු ගිණුමට බැර වේ.

හෙළPay Chat එකේ මුදල් යැවීම සුරක්ෂිතයිද?

  • ඔව්, එය අන් සෑම ක්‍රමයකටම වඩා සුරක්ෂිතයි.

හෙළPay Chat එකේ මුදල් යැවීම සුරක්ෂිත වන්නේ කොහොමද?

  • හෙළPay Chat එකේ මුදල් යැවීම සුරක්ෂිත කිරීම සඳහා යොදාගන්නේ Biometric Authentication හෙවත් ජෛවමිතික සත්‍යාපන තාක්ෂණයයි.
  • එනම්, හෙළPay Chat එකේ කාට හෝ යම් මුදලක් යැවීමට නම්, ඒ සඳහා අනිවාර්යෙන් ඔබේ Fingerprint එක හෝ Face ID එක ලබා දී එම මුදල් ගනුදෙනුවට අවසර ලබා දිය යුතුයි.
  • එම නිසා ඔබ හැර අන් කිසිවෙකුට හෙළPay Chat එක හරහා මුදල් යැවීමක් සිදු කළ නොහැක.

මගේ දුරකථනය අන් කෙනෙකු අතට පත් වුනොත් ඔහුට/ඇයට හෙළPay Chat එකෙන් මුදල් යැවීම් කරන්න පුළුවන් ද?

  • කොහෙත්ම බැහැ. හෙළPay Chat එක හරහා මුදල් යැවීම සඳහා ඔබේ Fingerprint එක හෝ Face ID එක අතවශ්‍ය නිසා, ඔබේ දුරකථනය අන්සතු වුවත් වෙනත් කිසිවෙකුට එහි ඇති හෙළPay Chat එක හරහා මුදල් යැවීම් කළ නොහැකියි.

හෙළPay Chat එකේ මුදල් යැවීම අන් ක්‍රම වලට වඩා සුරක්ෂිත වෙන්නේ කොහොමද?

  • අන් බොහෝ ක්‍රම හරහා මුදල් යැවීමේදී එම මුදල් ගනුදෙනු සුරක්ෂිත වන්නේ OTP Authentication නම් සත්‍යාපන ක්‍රමවේදය හරහායි.
  • එම ක්‍රමයේදී ඔබේ දුරකථනය අන්සතු වුවහොත්, එයට ලැබෙන OTP අංකයද SMS හරහා ලැබෙන්නේ එම දුරකථනයටම නිසා, එයද අනාරක්ෂිත වීමට වැඩි ඉඩකඩක් ඇත.
  • නමුත් හෙළPay Chat හරහා සිදුවන මුදල් ගනුදෙනු සුරක්ෂිත වන්නේ Biometric Authentication නම් සත්‍යාපන ක්‍රමවේදය හරහා නිසා, ඔබ හැර අන් කිසිවෙකුට ඒ හරහා මුදල් ගනුදෙනු කළ නොහැකියි.

හෙළPay Chat එක හරහා අන් අය මට එවන මුදල් ලැබෙන්නේ මගේ මොන බැංකු ගිණුමට ද?

  • ඔබ හෙළPay වෙත එක් බැංකු ගිණුමක් පමණක් connect කරගෙන ඇත්නම් හෙළPay Chat එක හරහා අන් අය ඔබට එවන මුදල් ඍජුවම එයට බැර වේ.
  • ඔබ හෙළPay වෙත බැංකු ගිණුම් කීපයක් connect කරගෙන ඇත්නම්, ඉන් ඔබට එවන මුදල් බැර විය යුත්තේ කුමන බැංකු ගිණුමටදැයි ඔබට තෝරා තැබිය හැක.
  • ඒ සඳහා හෙළPay Chat එකට ගොස් ඉහලින් ඇති තිත් තුන ඔබා, "Receiving Account" ඔබන්න. එවිට දිස්වන ඔබේ බැංකු ගිණුම් අතරින් ඔබට එවන මුදල් ලැබිය යුත්තේ කුමන බැංකු ගිණුමටදැයි තෝරා Save කරන්න.

හෙළPay Chat එක හරහා යන messages කියවිය හැක්කේ කාටද?

  • හෙළPay Chat එක හරහා යන සෑම message එකක්ම යවන්නාගේ දුරකථනය තුළදීම කිසිවෙකුට හඳුනාගත නොහැකි කේත බවට සංකේතනය (encrypt) වෙයි.
  • ඒ අතරින් Text messages ඒ ආකාරයෙන්ම හෙළකුරු සර්වර හරහා ලබන්නාගේ දුරකථනයට යන අතර, එය නැවත විකේතනය (decrypt) වන්නේ ලබන්නාගේ දුරකථනය තුළයි. එම නිසා ඔබ යවන Text messages කියවිය හැක්කේ යම් message එකක් යවන්නාට සහ ලබන්නාට පමණයි.
  • ඒ අතරින් මුදල් යැවීමේදී යන Money messages සංකේතනය වී හෙළකුරු සර්වර වෙත ගොස්, එහිදී අදාල මුදල් ගනුදෙනුව process කිරීම සඳහා හෙළකුරු සර්වර තුළදී විකේතනය (decrypt) වෙයි. මුදල් ගනුදෙනුව process කළ පසු නැවත එය සංකේතනය (encrypt) වී ලබන්නාගේ දුරකථනයට යන අතර, ලබන්නාගේ දුරකථනය තුළ දී එය විකේතනය (decrypt) වී ලබන්නාට දිස්වෙයි.
  • සියලු messages හෙළකුරු සර්වර තුළ ගබඩා (store) වන්නේ කිසිවෙකුට හඳුනාගත නොහැකි පරිදි සංකේතනය (encrypt) වූ කේත ලෙසයි.

© මුද්‍රිත හෝ අන්තර්ජාල ලිපි සඳහා උපුටා ගන්නේ නම් මූලාශ්‍රය ලෙස https://facts.helakuru.lk සඳහන් කරන්න.



මීළඟ ලිපිය

හෙළකුරේ සුරක්ෂිතතාව : යතුරුපුවරු දත්ත භාවිතය

Still need help? Get in touch!
Last updated on 20th Dec 2023