හෙළකුරු PRO Stars

හෙළකුරු PRO Stars කියන්නේ මොකක්ද?

  • “PRO Stars” යනු හෙළකුරු සේවා භාවිතා කරන පරිශීලකයින් සඳහාම හඳුන්වා දුන් Loyalty Rewards Program එකක් හෙවත් ළබැඳි ප්‍රතිලාභ වැඩසටහනකි.

PRO Stars වැඩසටහන හරහා හෙළකුරට ළබැඳි පරිශීලකයින්ට ලැබෙන ප්‍රතිලාභ මොනවද?

  • එදිනෙදා නොයෙකුත් හෙළකුරු සේවාවන් භාවිතා කිරීමේදී, හෙළකුරු පරිශීලකයින්ට PRO Stars තරු එකතු කරගැනීමේ හැකියාව හිමි වන අතර, එසේ එකතු කරගන්නා තරු යොදා ගනිමින් නොමිලේ රීලෝඩ් සහ බිල් ගෙවීම් සිදුකරගැනීමට අවස්ථාව හිමිවේ.

PRO Stars තරු එකතු කරගන්නේ කොහොමද?

  • හෙළකුරු සේවාවන් භාවිතා කර පහත දැක්වෙන දෑ සිදුකිරීමෙන් හා හෙළකුරු ඇප් එක තුළ නොයෙකුත් ක්‍රියාකාරකම් සිදුකිරීමෙන් ඔබට PRO Stars තරු එකතු කරගත හැකියි.
    • හෙළPay හරහා රීලෝඩ් කරගැනීමෙන්
    • හෙළPay හරහා බිල්පත් ගෙවීමෙන්
    • හෙළPay හරහා වෛද්‍ය හමු වෙන්කරවා ගැනීමෙන්
    • හෙළPay හරහා QR ගෙවීම් සිදුකිරීමෙන්
    • හෙළPay හරහා Online ගෙවීම් සිදුකිරීමෙන්

එසේ එකතු කරගන්නා PRO Stars තරු යොදාගෙන කළ හැක්කේ මොනාද?

  • එකතු කරගන්නා තරු යොදාගනිමින් ඒවා redeem කර, ඔබට පහත සඳහන් දෑ සිදුකරගත හැකියි.
    • නොමිලේ රීලෝඩ් කරගැනීම
    • නොමිලේ බිල්පත් ගෙවීම් සිදුකිරීම

තරු redeem කර නොමිලේ රීලෝඩ් හෝ බිල් ගෙවීම් කරන්නේ කොහොමද?

  1. සාමාන්‍ය පරිදි රීලෝඩ් හෝ බිල් ගෙවීමට අදාළ අංකය සහ ගණන ලබා දී “ගෙවන්න" ඔබන්න.
  2. ඉන්පසු දිස්වන Payment Methods ලැයිස්තුවේ “PRO Stars” නමින් නව ගෙවීම් ක්‍රමයක් ඔබට දිස් වනු ඇත, එය තෝරා ඉදිරියට යන්න.
  3. ඔබේ PRO Stars balance එක, අදාළ රීලෝඩ් එක හෝ බිල් ගෙවීම කිරීමට ප්‍රමාණයත් නම්, “Redeem කරන්න” button එක ඔබා තරු මඟින් ගෙවීම සිදුකරන්න.

PRO Stars තරු balance එක දැනගන්නේ කොහොමද?

  • ඔබේ හෙළකුරු Profile එකට පිවිසීමෙන්, යම් මොහොතක ඔබ සතු PRO Stars තරු balance එක (දැනට එකතු කරගත් තරු ගණනින් මේ වන විට redeem කරගෙන ඇති තරු ගණන අඩු කළ පසු තරු සංඛ්‍යාව) දැනගත හැකියි.

PRO Stars වැඩසටහනෙන් හිමිවන එක් තරුවක වටිනාකම කීයද?

  • එක් තරුවක වටිනාකම රුපියල් 1 යි.

PRO Stars තරු එකතු කරගත හැක්කේ කාටද?

  • හෙළකුරු සේවා භාවිතා කරන ඕනෑම පරිශීලකයෙකුට (Basic හා PRO) තරු එකතු කරගත හැකියි.

PRO Stars තරු redeem කරගත හැක්කේ කාටද?

  • PRO Stars තරු redeem කරගැනීමට හැකියාව ඇත්තේ හෙළකුරු PRO සාමාජිකයින්ට පමණයි.
  • අවම වශයෙන් දින 30ක් අඛණ්ඩව PRO සාමාජිකත්වයේ රැඳී සිටින ඕනෑම පරිශීලකයෙකුටම PRO Stars තරු redeem කර, නොමිලේ රීලෝඩ් සහ බිල් ගෙවීම් සිදුකරගත හැකියි.

දැනට PRO සාමාජිකයෙකු නොවේ නම් PRO Stars තරු redeem කරගන්න බැරිද?

  • පුළුවන්. දැනට ඔබ PRO සාමාජිකයෙකු නොවේ නම්, PRO සාමාජිකත්වය ලබාගෙන දින 30 කට පසු ඔබ එකතු කරගත් PRO Stars තරු සියල්ල redeem කරගත හැකියි.

එක් එක් හෙළකුරු සේවාවන් භාවිතා කිරීමේදී සාමාන්‍යයෙන් එකතු කරගත හැකි තරු ගණන කීයද?

  • හෙළPay හරහා රීලෝඩ් කිරීමේදී
    • ඕනෑම ගෙවීමක් සඳහා - තරු 1 ක්
  • හෙළPay හරහා බිල්පත් ගෙවීමේදී
    • රු.2000 ට අඩු බිල් සඳහා - තරු 1 ක්
    • රු.2000 ට වැඩි බිල් සඳහා - තරු 2 ක්
  • හෙළPay හරහා වෛද්‍ය හමු වෙන්කරවා ගැනීමේදී
    • ඕනෑම ගෙවීමක් සඳහා - තරු 3 ක්
  • හෙළPay හරහා Online ගෙවීම් සිදුකිරීමේදී
    • රු.200 ට වැඩි රු.1000 ට අඩු ගෙවීම් සඳහා - තරු 1 ක්
    • රු.1000 ට වැඩි රු.5000 ට අඩු ගෙවීම් සඳහා - තරු 3 ක්
    • රු.5000 ට වැඩි ගෙවීම් සඳහා - තරු 5 ක්
  • හෙළPay හරහා QR ගෙවීම් සිදු කිරීමේදී
    • අධිවේගී මාර්ගයේ ගෙවීම් සඳහා - තරු 2 ක්
    • රු.200 ට වැඩි රු.1000 ට අඩු ගෙවීම් සඳහා - තරු 1 ක්
    • රු.1000 ට වැඩි රු.5000 ට අඩු ගෙවීම් සඳහා - තරු 3 ක්
    • රු. 5000 ට වැඩි ගෙවීම් සඳහා - තරු 5 ක්

PRO Stars “තරු වාසි” කියන්නේ මොනාද?

  • ඉහත සඳහන් කළ සාමාන්‍යයෙන් හිමි කරගත හැකි තරු ගණන වෙනුවට, තරු විශාල ප්‍රමාණයක් එකවර හිමිකරගත හැකි විශේෂ අවස්ථාවන් "තරු වාසි" ලෙස හැඳින්වේ.
  • හෙළකුරු සමාජ මාධ්‍ය පිටු හරහා "තරු වාසි" ගැන දැනුවත් කිරීම් සිදුකරන අතර, එම තරු වාසි හිමිකරගැනීමට සිදුකළ යුතු දෑ, එවිට ලැබෙන තරු ගණන සහ ඊට අදාළ කොන්දේසි එම දැනුවත්කිරීම් හරහා ඉදිරිපත් කෙරේ.

මීට පෙර ලබාදුන් “තරු වාසි” මොනාද?

  • හෙළPay ප්‍රථම සම්මානය සැමරීම වෙනුවෙන්, 2023 මාර්තු 25 දින හෙළකුරු භාවිතා කර QR ගෙවීමක් කළ සැමට තරු 100 ක් එකවර ලබාගැනීමේ තරු වාසියක් හිමි විය.
  • අලුත් අවුරුදු මාසය වෙනුවෙන්, 2023 අප්‍රේල් මාසය පුරා හෙළකුරු භාවිතා කර රු.500 ට වැඩි QR ගෙවීමක් කළ සැමට තරු 50 ක් දිනාගැනීමේ තරු වාසියක් හිමි විය.
  • අලුත් අවුරුදු නිවාඩුව වෙනුවෙන්, 2023 අප්‍රේල් 12 වැනිදා සිට 16 වැනිදා දක්වා හෙළකුරු භාවිතා කර අධිවේගී මාර්ගයේ QR ගෙවීම් කළ සැමට, ගෙවූ ගණන හා සමාන තරු ගණනක් එකවර දිනාගැනීමේ විශේෂ Starback තරු වාසියක් හිමි විය.

"Starback" තරු වාසියක් කියන්නේ මොකක්ද?

  • හෙළPay භාවිතයෙන් ඔබ ගෙවූ මුදල හා සමාන (හෝ %) තරු ගණනක් ඔබට නැවත ලැබෙන විශේෂ තරු වාසි "Starback" තරු වාසි ලෙස හැඳින්වේ.
  • මෙය අනෙකුත් ගෙවීම් ක්‍රම භාවිතයේදී ඔබට ලැබෙන "Cashback" වාසියකට සමාන නමුත්, මෙහිදී ඔබට ප්‍රතිලාභය ලෙස Cash නොව PRO Stars තරු හිමි වේ.

PRO Stars "තරු වාසි" හිමි කරගත හැකි දින ගැන දැනගන්නේ කොහොමද?

  • තරු වාසි ලබාදෙන දින ගැන දැනුවත් කිරීම් සිදුකරන්නේ හෙළකුරු සමාජ මාධ්‍ය පිටු හරහායි.
  • පහත සඳහන් සමාජ මධ්‍ය හරහා හෙළකුරු Follow කිරීමෙන් ඒ පිළිබඳ දැනුවත් විය හැකියි.

PRO Stars තරු කල් ඉකුත් වන දිනයක් තියෙනවද?

  • ඔව්, බොහෝ Loyalty Rewards වැඩසටහන් මෙන්ම හෙළකුරු PRO Stars වැඩසටහන හරහා හිමිවන තරු ද සෑම වසරකම අවසානයේදී කල් ඉකුත් වී යයි.
  • එම නිසා සෑම වසරකම දෙසැම්බර් 31 වන දින මධ්‍යම රාත්‍රියට පෙර ඔබේ PRO Stars තරු balance එක redeem කරගැනී​මට සිහි තබා ගත යුතු වේ.

© මුද්‍රිත හෝ අන්තර්ජාල ලිපි සඳහා උපුටා ගන්නේ නම් මූලාශ්‍රය ලෙස https://facts.helakuru.lk සඳහන් කරන්න.



මීළඟ ලිපිය:

හෙළකුරු යතුරුපුවරු : Android සඳහා හෙළකුරු

Still need help? Get in touch!
Last updated on 19th Jan 2024